ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය මගින් ගුවන් නියමුවන්ට බලපත්‍ර නිකුත් කිරීම සඳහා පවත්වන විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාග අපේක්ෂකයන්හට විශාල මුදලකට විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් අනාවරණය කරගෙන ඇත.
එම ජාවාරමට සම්බන්ධ බවට සැකකරන ගුවන් සේවා අධිකාරියේ පුද්ගල බලපත්‍ර
අංශයේ විභාග නිලධාරියාගේ වැඩ තහනම් කර මේ වනවිට සිද්ධිය පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකර ගෙන යන බව සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවැසීය.
පසුගිය වසරේ මෙම විභාගයට පෙනී සිටි රජයේ ප්‍රබල දේශපාලනඥයකුගේ ඥාතියකුට විභාගය සමත්වීම සඳහා එම දේශපාලනඥයාගේ බලපෑම මත අදාළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සහ උත්තර ලබාදී තිබෙන බවටද තොරතුරු අනාවරණය වී ඇත.
ශ්‍රී ලංකාවේ හෝ විදේශයක පුහුණුව ලබන සියලුම ගුවන් නියමුවන් සිවිල් ගුවන් යානා නියමුවන් ලෙස කටයුතු කිරීමට පෙර සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පවත්වන විභාගයකට පෙනී සිට සමත්වී නියමු බලපත්‍රය ලබාගෙන තිබීම අනිවාර්ය වී ඇත. එම විභාගය ගුවන් සේවා අධිකාරියේ පුද්ගල බලපත්‍ර අංශය මගින් පවත්වන අතර එම විභාග කටයුතු භාර විභාග නිලධාරියා කාලයක සිට එම ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර විභාග අපේක්ෂකයන් වෙත විශාල මුදලකට විකුණා ඇතැයි අනාවරණය වී තිබේ.
ඒ පිළිබඳව විශේෂ පරික්ෂණයක් පැවැත්වූ නිලධාරීන් කණ්ඩායමක් මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකකරන විභාග නිලධාරියාගේ වැඩ තහනම් කර අදාළ පරීක්ෂණ තවදුරටත් සිදුකරගෙන යන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.
0 comments:
Post a Comment