එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට හම්බන්තොටදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරු තුන්දෙනෙකුගෙන් අද ප්‍රකාශ සටහන් කර ගත් බව පොලීසිය පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ අජිත් මාන්නප්පෙරුම, නලින් බණ්ඩාර, ආර්. යෝගරාජන් යන මන්ත්‍රීවරුන් තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව ය.
පසුගිය බ්‍රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මත්තල ගුවන්තොටුපළ හා හම්බන්තොට වරාය නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදී ඔවුන්ට පිරිසක් පහර
දුන්නේය.
එම ප්‍රහාරය සම්බන්ධයෙන් අජිත් පෙරේරා මන්ත්‍රීවරයා, පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ සටහන් කර ගත්තේ එම පැමිණිල්ලට අනුව ය.
මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී අදහස් පල විය.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය
ඉතිං අපි අහන්න කැමතියි, මේ රටේ රජය උදම් ඇනුවා උදම් ඇනුවාට මුදා නොගත් ප්‍රදේශ නැහැයි කියලා, අද අපිට පේනවා, හම්බන්තොට මුදා නොගත් ප්‍රදේශයක් වශයෙන්, මොකද ලංකාවේ ඕනෑම තැනකට යාමේ අයිතිය, මේ ලංකාවේ ඕන පුරවැසියෙකුට සිංහල හෝ වේවා මුස්ලිම් හෝ වේවා, බර්ගර් වේවා, මැලේ වේවා, ලංකාවේ ඕනෑම තැනකට යාමේ අයිතිය, පුරවැසියෙක් වශයෙන් අපිට තියෙනවා. අද අපි පාර්ලිමේන්තුව, උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙකුට අද හම්බන්තොට මහජන මුදලින් හාරපු වරායට මහජන මුදලින් හදපු ගුවන් තොටුපළට යන්න බැහැ.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු ඉරාන් වික්‍රමරත්න මහතා
මම දැක්කා, පිස්තෝලයක් අරගෙන, මම හිටපු පැත්තේ වාහන පැත්තට දුවගෙන එනවා. දැන් මට ආරක්ෂක නිලධාරින් හිටියාත්, මම කවදාවත් මගේ ආරක්ෂක නිලධාරියාගේ උනත්, පිස්තෝලයක් දැකලා නැහැ. අද වෙනකම් දැකලා නැහැ. ඔය ගුවන් තොටුපළ තියෙන්නේ, වැරදි භූගෝලීය ප්‍රදේශයක. හරිද නිරිත දිග මෝසම, එන ඒ වර්ෂාව එන, ප්‍රදේශයක ඕක තියෙන්නේ, දැනටමත් කටුනායක පිහිටුවලා තියෙන්නේ, ඒ නිරිත දිග මෝසම් වර්ෂාව එන ප්‍රදේශවල. ගුවන් තොටුපලවල් දෙකක් ගොඩනගනවානම්, එකම වර්ෂාපතනය තියෙන, ඒ ප්‍රදේශයක නෙවෙයි එක ගොඩනගන්නේ ඉතිං මේවාගේ හුගාක් හේතු තියෙනවා, අපේ රපෝර්තුවලට එක ඒ රපෝර්තුව හරහා එක පෙන්වන්න යනවා. ඉතිං එහෙනම්
ඇයි අපිව නතර කලේ අපිට බාධා කළේ, හගවන්න මොකක් හරි හේතුවක්, තියෙනවා හගවන්න.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු අජිත් පී පෙරේරා මහතා
දැන් මේ සිදුවීම සිදුවෙලා දින 2 කුත් ගිහිල්ලා මේ පිළිබදව දකුණේ පොලිසිය පිළිබඳව තඹදොයිතුවකවත් විශ්වාසය නැති නිසා, පොලිස් මූලස්ථානයකටම පැමිණිල්ලක් කළා. අයුතු අවහිරය, අඩන්තේට්ටන් කිරීම, අනර්ථය නැත්නම් අලාභ සිදුකිරීම ගිනි අවි පෙන්වා තර්ජනය කිරීම ඇතුළු බරපතල අපරාධ කිහිපයක් ඇස් පනාපිට බැලූබැල්මට පේනවා. වැරදි කාරයෝ කවුද කියලා මිනිස්සුට අදුන ගන්න පුළුවන්. මේ අයව වහාම අත්අඩංගුවට ගන්න ඕනේ.

0 comments:
Post a Comment