facebook like

හම්බන්තොටදී විපක්ෂ මන්ත්‍රීවරුන්ට එල්ල වුණේ තිරිසන් ප්‍රහාරයක් -- විජිත හේරත්

මත්තල ගුවන්තොටුපොළ නැරඹීමට ගිය මහජන නියෝජිතයින්ට එල්ල වූ ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මහජන නියෝජිතවරුන්ට කරපු ප්‍රහාරය අපි දැඩි ලෙස පිළිකුලෙන් යුක්තව හෙළා දකිනවා. මැරයෝ පහර දුන්නේ
මන්ත්‍රීවරුන්ට නෙවෙයි ඒ මන්ත්‍රීවරුන් නියෝජනය කරන්නේ මේ රටේ ජනතාව. ජනතාවටයි මේ පහර දුන්නේ. ඒකට එරෙහිව කවුරුත් පෙළ ගැහෙන්න ඕනේ. මොන පක්ෂෙට අයිති වුණත් මොන දේශපාලන වෙනස්කම් මොන මතිමතාන්තර වෙනස්කම් තිබුණත් මේ ප්‍රහාරය වැරදියි. මේක තිරිසන් ගණයේ ප්‍රහාරයක්. සංවර්ධනයක් තිබුණ ද නැද්ද ඒකට ගුවන් යානා එනවද නැද්ද මොනවද වෙන්නේ එතන නැත්තම් කුරුල්ලෝ ද එන්නේ
    අලි ද ඉන්නේ කියන එක බලන්න අයිතියක් තියෙනවා. එවා බලව කියනවා ආවට පස්සේ සරම කැහැපොට ගහගෙන ගල් ගහනවා පිස්තෝලවලින් වෙඩි තියන්න හදනවා.

කැසිනෝ සම්බන්ධයෙන් ද විජිත හේරත් මහතා අදහස් පළ කළේය.

    සැප්තැම්බර් මාසේ ගෙනාපු ගැසට් නිවේදන දෙක තාවකාලිකව හකුළගෙන ජනවාරි මාසේ 2014 ජනවාරි මාසේ 30 වෙනිදා ගැසට් නිවේදන දෙක වෙනුවට අලුතින් ගැසට් නිවේදන තුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. මේ අලුතින් නිකුත් කරපු ගැසට් නිවේදන තුනේ අර ගිය සැප්තැම්බර් මාසේ නිකුත් කරපු ගැසට්වල තිබිච්ච වචනයක් වචන කිහිපයක් ඉවත් කරලා තියෙනවා.ඒක තමයි කලින් තිබුණා ගැසට් නිවේදනයේ සූදු සහ ඔට්ටු ඇල්ලීමේ පහසුකම් සහිත කියන වචනේ.ඒ සහිත හෝටල් සංකිර්ණ.ඒක ඉවත් කරලා ඒ වෙනුවට දැන් ඇතුළත් කරලා තියෙනවා විස්තීරණ අධි සුඛෝපභෝගී සංචාරක නිකේතන පහසුකම් සහ ඊට අනුසාංගික පහසුකම්. එතකොට සම්පූර්ණ කට්ට කෛරාටික වැඩක් ආණ්ඩුව කරලා තියෙන්නේ. සූදු සහ ඔට්ටු ඇල්ලීමේ පහසුකම් සහිත කියන වචන ටික ඉවත් කරලා ඒ වෙනුවට ඊට අනුසාංගික පහසුකම් සහිත හෝටල් සංකීර්ණ කියලා ඇතුළත් කරලා තියෙනවා.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive