බම්බලපිටිය මුස්‌ලිම් කාන්තා විදුහලේ විදුහල්පතිනි ආචාර්ය ඡේ. එම්. කේ. බී. හජාජාන් මහත්මිය ධුරයෙන් ඉවත් කර පරීක්‍ෂණ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණයට මුස්‌ලිම් මැති ඇමැතිවරුන්ගේ ප්‍රබල විරෝධයක් එල්ල වී ඇත. මෙම විරෝධය නිසා ඉදිරියේදී ගත යුතු පියවර කුමක්‌ද යන්න සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් උපදෙස් ඉල්ලා තිබේ. හජාජාන් මහත්මියට එල්ල වී ඇති
චෝදනා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සඳහා ඇය පාසලෙන් ඉවත් කර පළාත් අධ්‍යාපන කාර්යාලයට අනුයුක්‌ත කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේද අනුමැතිය ලැබී තිබූ අතර, එම ධුරයේ රාජකාරි ආවරණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරිනියක පත්කිරීමට ද අමාත්‍යාංශය සූදානමින් සිටියේය.
එහෙත් මේ වන විට එල්ල වී ඇති දේශපාලනඥයන්ගේ දැඩි බලපෑම් නිසා එම ක්‍රියාමාර්ග අත්හැර දැමීමට අමාත්‍යාංශයට සිදු වී තිබේ.
රුපියල් දෙකෝටියකට ආසන්න වියදම්වලට අදාළ 2012 වසරේ විගණන වාර්තාව වෙනස් කර පාසල් සංවර්ධන සමිතියට ඉදිරිපත් කිරීම විදුහල්පතිනියට එල්ල වී ඇති ප්‍රබල චෝදනාවකි. එම විගණනය සිදුකළ පෞද්ගලික ආයතනය ද මෙම වෙනස්‌කිරීම නිරීක්‍ෂණය කර තිබේ. රුපියල් තුන්ලක්‍ෂයකට ආසන්න 2011 වසරේ පාසලේ විභාග වියදම 2012 වසරේදී රුපියල් ලක්‍ෂ දොළහ ඉක්‌මවීම ද දෙමවුපියන්ගේ දැඩි විමතියට හේතු වී ඇත. ලී බඩු උපකරණ සඳහා 2012 වසරේදී රුපියල් දස ලක්‍ෂයකට ආසන්න මුදලක් වැය කර ලී බඩු අලුත්වැඩියාව සඳහා අමතරව රුපියල් ලක්‍ෂයකට අධික මුදලක් වැය කර ඇතැයි විගණන වාර්තාවේ සඳහන් වෙයි. අභ්‍යන්තර දුරකථන පද්ධතිය සඳහා 2012 වසරේ වැය කර ඇති මුදල රුපියල් එක්‌ලක්‍ෂ හැත්තෑනව දහසකි.
මීට අමතරව පාසල් දරුවන් ඇතුළත් කර ගැනීමේදී මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ද විදුහල්පතිනියට චෝදනා එල්ල වී ඇත.

0 comments:
Post a Comment