වටරැක විජිත හිමි මේ දිනවල රටේ දැඩි ආන්දෝලනයට තුඩුදී සිටින භික්ෂුවකි. විජිත හාමුදුරුවන් ගැන රට්ටු කතා කරන්නට පටන් ගත්තේ බොදු බලසේනා සංවිධානය උන්වහන්සේ පසුපස පැන්නීමට පටන් ගැනීමත් සමගය. ඒ සිද්ධීන්වල උච්චතම අවස්ථාව වන්නේ ගිය සතියේ බොදුබල සේනාව වටරැක විජිත හිමියන් සොයමින් කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයට ඇතුළු වීමය. ඒ රිෂාද් බද්යුදීන් ඇමැතිවරයාගේ රැකවරණය මැද විජිත හිමියන් කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශයේ සැඟවී සිටින බවට
ලැබුණු තොරතුරක් මතය.
බොදු බලසේනාව සොයන කවුද මේ වටරැක විජිත හිමි? උන්වහන්සේ මහියංගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකි. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මන්ත්‍රී ධුරයට පත්වූ විජිත හාමුදුරුවන් නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.
වටරැක විජිත හිමියන් මහියංගනයට වැඩම කොට ඇත්තේ 1994දීය. උන්වහන්සේ වැඩ සිටියේ ගිරාඳුරුකෝට්ටේ රොටලවෙල විහාරස්ථානයේය. විජිත හිමියන් මහියංගනයට වැඩම කිරීමට පෙර වැඩවාසය කළේ කුමන ප්‍රදේශයක කවර පන්සලකදැයි හරිහැටි දන්නා කෙනෙකුද නැත.
කෙසේ නමුදු උන්වහන්සේ එවකට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායකයා වූ වරාය ඇමැතිවරයෙකු වූ ඒ.එච්.එම්. අෂ්රොෆ් සමග ඉතා ළඟින් ඇසුරු කරමින් ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිවරයෙකු ලෙසද කටයුතු කර ඇති බවද පැවසේ. මුස්ලිම් සමගි පෙරමුණ නමින් පිහිටුවා ගෙන තිබූ සංවිධානයක සභාපතිවරයා ලෙසද විජිත හිමියන් පත්වී සිටි බවක් ගංගොඩවිල සෝම හිමියෝද එකල ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළහ. වටරැක විජිත හිමි මුල්වරට ක්‍රියාකාරී දේශපාලනයට ආවේ මහියංගනය ප්‍රාදේශීය සභාව සඳහා ස්වාධීන කණ්ඩායමක් පිහිටුවා බාල්දිය ලකුණින් තරග කරමිනි. එහිදී උන්වහන්සේ පරාජයට පත්වූහ. කෙසේ නමුදු ඉන්පසුව පැමිණි පළාත් පාලන ඡන්දයේදී උන්වහන්සේ පොදුජන එක්සත් පෙරමුණ සමග එක්වී මැතිවරණයට ඉදිරිපත්ව මහියංගන ප්‍රාදේශීය සභාවට තේරී පත්වූහ. අද වන විටත් වටරැක විජිත හිමියන් මහියංගන ප්‍රාදේශීය සභාවේ සන්ධානයේ මන්ත්‍රීවරයෙකි.
උන්වහන්සේට ප්‍රදේශවාසී භික්ෂූන් වහන්සේගෙන් චෝදනා එල්ල වූයේ මීට මාස කිහිපයකට පෙරදීය. මහියංගන නගර මධ්‍යයේ වෙළෙඳ සැලක ඉහළ මාලයේ පවත්වාගෙන යමින් තිබූ අන්‍යාගමික යාච්ඤා මධ්‍යස්ථානයක් යැයි පැවසුණු ස්ථානයක් සම්බන්ධව පැන නැඟුනු ගැටලුවකදී විජිත හිමියන්ගේ හැසිරීම බුද්ධ චීවරයට නොගැළපෙන බවටත්, රාමසාන් උත්සවයකදී උන්වහන්සේ කථිකයෙකු ලෙස ඉදිරිපත්වී අන්‍යාගමිකයන් ඉදිරියේදී බෞද්ධාගම හා බෞද්ධයන් අවමානයට පත්කළ බවටද මහියංගනයේ භික්ෂූන් වහන්සේලා විජිත හිමියන්ට චෝදනා නැගූහ.
මේ සිද්ධියෙන් පසු 2013 අගෝස්තු 12 වැනි දින මහියංගනය රාජමහා විහාර ධර්ම ශාලාවට එක්රැස්වූ ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ, මෙහෙණින් වහන්සේ හා ගිහි පිරිස් එකතු වී විජිත හිමියන්ගේ ක්‍රියා කලාපය දෝෂ දර්ශනයට ලක් කර තිබිණි. එසේම විජිත හිමියන් සංඝ සම්මේලනවලින් ඉවත් කර, බ්‍රහ්ම දණ්ඩනයටද යටත් කිරීමට තීන්දු ගෙන තිබිණි. බ්‍රහ්ම දණ්ඩනය යනුවෙන් හැඳින්වෙන්නේ උන්වහන්සේ ශාසනය තුළ කොන් කිරීමය. මේ චෝදනා පිළිබඳව පසුව කරන ලද විමසුමකදී විජිත හිමියන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ එම චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරන බවයි. මේ අතර විජිත හාමුදුරුවන් මහියංගන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක ලෙස සේවයේ යෙදී සිටින බැවින් ඔහුව මෙම තනතුරෙන් වහාම ඉවත් කරන ලෙසත්, එසේ ඉවත් කරන තෙක් ප්‍රදේශයේ සියලුම දහම් පාසල් පැවැත්වීම නවතා දමන බවටත් විහාරාධිපතිවරු අනතුරු හැඟවූහ. මේ සිදුවීම් පෙළෙන් පසු ප්‍රාදේශීය සභා රැස්වීම් සඳහා සහභාගි වීමටද විජිත හිමියන්ට සිදුවූයේ ජනතා විරෝධතා මැද පොලීසියේද ආරක්ෂාව මධ්‍යයේය. රොටලවෙල ගම්මානයේ ජන හමුවකට සහභාගි වූ අමාත්‍ය ඩිලාන් පෙරේරාට පහර දීමට විජිත හිමියන්් උත්සාහ දැරූ බවටද චෝදනා එල්ල විය. මේ අතර විජිත හිමියන් ගමන් කළ වාහනය පසුපස පන්නාගෙන ගිය පිරිසක් කඩුගන්නාවේදී උන්වහන්සේට පහර දීම හේතුවෙන් උන්වහන්සේ රෝහල් ගතව ප්‍රතිකාරද ලැබූහ. එහිදී චෝදනාව එල්ල වූයේ ද බොදු බලසේනාවටය.
දෙසතියකට ඉහතදී වටරැක විජිත හාමුදුරුවන් මුස්ලිම් ජාතිකයන් කීපදෙනෙකුද සමග කොළඹ නිපෝන් හෝටලයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට සැරසුණි. ඒ ජාතික බලසේනා නමින් සංවිධානයක් පිහිටුවා ගෙනය. විල්පත්තු වනයේ මුස්ලිම් ජනතාව පදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිෂාද් බද්යුදීන් ඇමැතිවරයාට බොදු බලසේනාව එල්ල කළ චෝදනාවලට එරෙහිව වටරැක විජිත හිමියන් කරුණු දැක්වීමට මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමට තිබූ බව පැවසුණි.එම අවස්ථාවේ දී බොදු බළ සේනාවේ භික්ෂුන් වහන්සේ පිරිසක් නිපෝන් හෝටලයට පැමිණ විජිත හිමියන්ට තර්ජනය කිරීම හේතුවෙන් එම ප්‍රවෘත්ති සාකච්ඡාව ඇනහිටිනි. මේ පිළිබඳව උන්වහන්සේ කොම්පඤ්ඤවීදිය පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ගලගොඩඅත්තේ ඤාණසාර හාමුදුරුවන්ගෙන් ප්‍රකාශයක්ද සටහන් කර ගැනුණි.
අලුත්ම සිද්ධිය වාර්තා වූයේ ඉකුත් විසි දෙවැනිදාය. එදින මහියංගන ප්‍රාදේශීය සභා රැස්වීමට වටරැක විජිත හිමියන් පැමිණෙමින් සිටියදී ප්‍රදේශවාසි භික්ෂුහු හා ගිහි පිරිසක් ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. මේ හේතුවෙන් උන්වහන්සේ සභාවට පැමිණියේ දැඩි පොලිස් රැකවල් මැදය. එහිදී එළියේ හුන් භික්ෂුන් වහන්සේ ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල තුළට ඇතුළු වීමට උත්සාහ කර තිබිණි. පොලීසියෙන් ඊට ඉඩ නොලැබුණු බැවින් දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය. ප්‍රාදේශීය සභා රැස්වීම අවසන් වූ පසුවද විජිත හිමියන් යළිදු පන්සලට වැඩම කළේ පොලිස් ජීප් රියක නැගීය. මේ සිද්ධියෙන් පසු වටරැක විජිත හිමියන් ආගිය අතක් නැති විය. සිය ජීවිතාරක්ෂාව පතා උන්වහන්සේ සැඟවී සිටින බව පැවසුණේ මෙම පසුබිම තුළය.
මේ අතර පසුදින 23 දින භික්ෂුන් වහන්සේ පිරිසක් කර්මාන්ත ඇමැති රිෂාද් බද්යුදීන් ඇමැතිවරයාගේ අමාත්‍යංශය වැටලුවේ විජිත හිමියන් එහි රැකවරණ ලබන බව පවසමිනි. එහිදී භික්ෂුන් වහන්සේ අමාත්‍යංශයේ කාමරයක් කාමරයක් ගානේ පරීක්ෂා කළේ විජිත හිමියන් සිටිදැයි බැලීමටය. අවසානයේ දී උන්වහන්සේලා ඇමැතිවරයාගේ කාමරයද පරීක්ෂා කිරීමට උත්සාහ කළද ඊට ඉඩ නොලැබුණි. තවද අමාත්‍යංශයේ සී.සී.ටී.වී කැමරා පද්ධතියද පරීක්ෂා කිරීමට භික්ෂුන් වහන්සේ ඉල්ලූහ.
වටරැක විජිත හිමියන් තම අමාත්‍යංශයේ නැති බව ඇමැතිවරයා පොලිස් නිලධාරීන් මගින් භික්ෂුන් වහන්සේට දැනුම් දීමෙන් පසු උන්වහන්සේ පිටව ගියහ. නමුත් බොදු බල සේනා භික්ෂුන් කීවේ විජිත හිමියන් ඇමැතිවරයාගේ කාමරයේ සැඟවී සිටින බවය.
ගිරාඳුරුකෝට්ටේ ගුණරත්න
------------------------------------------------------
බොදු බල සේනාවේ ක්‍රියාකාරකම් ගැන අදහස් දැක්වීමක්
නීතිය රැකීම බොදු බල සේනාවට පවරා ඇතිනම් අපටත් කියන්න
ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති
බොදු බල සේනාව ක්‍රියාත්මක වෙන ආකාරය දිහා බලන විට අපිට ආණ්ඩුවෙන් අහන්න වෙන්නේ මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ කවුද කියන ප්‍රශ්නයයි. රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ බොදු බල සේනාවද? පසුගියදා බොදු බල සේනාවේ හාමුදුරුවෝ අමාත්‍යංශයකට ගිහින් සෝදිසි කරලා තිබුණා. දැන් වැටලීම් කරන්නේ, කවුරුහරි අල්ලගන්න ඕන වුණාම අල්ලන්න යන්නේ බොදු බල සේනාව නම් අපිට ඒක පැහැදිලිව කියන්න. රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම බොදු බල සේනාවට පවරලා තියෙනවානම් ඒ බව කියන්න. මොකද අපිට තියෙන පැමිණිලි ටිකත් ඒ අය ළඟට ගිහින් කරන්න පුළුවන්. මංකොල්ලකෑම්, මිනීමැරුම්, අපරාධ ගැන පැමිණිලි වගේම ඉඩම් නඩු, දික්කසාද නඩුත් ඒ අයට පවරලා දුන්නානම් ඉවරයිනේ.
රටක නීතියක් තියෙන්න ඕන. නීතිය ආරක්ෂා කරන පොලිස් නිලධාරීන් ඉදිරියේදී බොදු බල සේනාව අමාත්‍යංශ වටලලා ඒවා තුළ ඉන්න අය පරීක්ෂා කරන්න ගියාම මේ ආරක්ෂක නිලධාරීන් හෑල්ලුවට ලක්වෙනවා. පොලිස් නිල ඇඳුම තුළ සිටින පුද්ගලයා පමණක් නොවෙයි නීතියයි හෑල්ලුවට ලක්වන්නේ. තිබෙන නීති පද්ධතියට අපි කැමති වුණත් නැති වුණත් එයට ගරු කළ යුතු වෙනවා. දැන් මේ ආණ්ඩුව සහය ලබාදෙන්නේ නීති ආරක්ෂා කිරීමට නොවෙයි. බොදු බල සේනාව රාජ්‍ය අනුග්‍රහය ඇතිව නීතිය කඩා බිඳ දමනවාද කියන ප්‍රශ්නය අප ඉදිරියේ මතුවෙනවා. ආණ්ඩුවට දැන් අවශ්‍ය වී තිබෙන්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට වඩා කැලෑ නීතිය රජ කරවීමටද යන ප්‍රශ්නය මතුවෙනවා.
බොදු බල සේනාවේ ක්‍රියාකාරකම් නිසා සමස්ත සමාජයම භීතියට පත්වී තිබෙනවා. ඒක හොඳ දෙයක් නොවෙයි. අද උදෑසන මා හමුවීමට මගේ නිවසට භික්ෂූන්වහන්සේ නමක් වැඩම කළා. හාමුදුරුවෝ දැක්ක ගමන් අපේ නෝනා ටිකක් තිගැස්සුණා. දැන් හාමුදුරු කෙනෙක් ගෙදරට වඩිනකොටත් බය වෙන තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. හාමුදුරුවන්ට බයේ සමාජයක් ගොඩනගන්න බැහැ.
බුදුහාමුදුරුවෝ මේ සමාජය බය කරලා හදන්න ගියේ නැහැ. බොදු බල සේනාවේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම ගැන අවධානය යොමු කරනවාට වඩා මතුවිය යුතු කාරණය වන්නේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන ස්ථාවරය කුමක්ද යන්නයි. ආණ්ඩුව මේ වන විට උත්සාහ ගනිමින් සිටින්නේ ජාති භේද, ආගම් භේද ඇතිකර තමන්ගේ පාලනය ගෙන යාමට බවයි පෙනෙන්නේ.
කිසියම් කණ්ඩායමක් වැරදි දෙයක් කරනවානම් එයට විසඳුම් ලබාදිය හැකි ආකාරයක් තිබෙනවා. එයට ගත යුතු පියවර තිබෙනවා. එම පියවර නොගෙන ජාතිවාදයට ජාතිවාදයෙන් උත්තරදීම හෝ ආගම්වාදයට ආගම්වාදයෙන් උත්තරදීම සාධාරණ නැහැ. ඒ මගින් දැනට තිබෙන වරද නිවැරදි වන්නේ නැහැ. එමගින් සිදුවන්නේ තිබෙන තත්ත්වය තවදුරටත් වර්ධනයවීම පමණයි.
මෙම ආගම්වාදීන්ගේ හා ජාතිවාදීන්ගේ ක්‍රියාකලාපය පාලනය කිරීමට මැදිහත්විය හැකි පාර්ශ්වයන් සිටිනවා. වගකිව යුතු ආගමික නායකයින් සිටිනවා. බොදු බල සේනාවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මැදිහත්විය හැකි ආගමික නායකයින් නිහඬව සිටීම යහපත් තත්ත්වයක් නොවෙයි.
මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් නීතිය පිළිබඳව තිබෙන විශ්වාසය නැතිවී මිනිස්සු තැනින් තැන තමන්ගේ ප්‍රශ්න විසඳාගන්න යාවි. බොදු බල සේනාව අමාත්‍යංශයකට ඇතුළු වෙද්දී පොලීසිය නිහඬව බලා සිටිනවා. හෙට තවත් සිවිල් කණ්ඩායමක් ඇවිත් අමාත්‍යංශයක් වැටලුවොත් පොලීසිය ඔහේ බලාගෙන ඉන්නවාද? මේ වගේ දෙයක් වැඩ කරන ජනතාව හරි, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් හරි කළානම් පොලීසිය දක්වන ප්‍රතිචාරය මොකක්ද? මේ අයට තිබෙන අසීමිත බලය මේ විදියට අමාත්‍යංශයක් ඇතුළට කඩාගෙන ඒමෙන්ම පේනවා. නීතියට,මාධ්‍යයට බය නැති කණ්ඩායමක් බවට බොදු බල සේනාව පත් වී ඇති බව තමයි පේන්නේ. පුංචිම දේකටත් පරීක්ෂණ තියන ආණ්ඩුවත්, පොලීසියත් බොදු බල සේනාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන අපි අවධානයෙන් සිටිනවා.
ඔවුන්ගේ පරමාර්ථය හොඳයි නමුත් කටයුතු කළයුත්තේ උපක්‍රමශීලීවයි
ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමි
බෞද්ධයින් විශාල අර්බුදවලට මුහුණදෙමින් සිටින කාලයක් තමයි මේ කාලය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බුද්ධාගම ආරක්ෂාකිරීමට ප්‍රතිපාදන ලබාදී තිබියදී පවා බුදුදහම අනාරක්ෂිත කර තිබෙනවා. බුද්ධාගම ආරක්ෂා කිරීමට දූරදර්ශී නායකත්වයක් නැහැ. ඒ වගේම බෞද්ධ විරෝධී බලවේගවලට නිදහසේ හිස එසවීමට අවස්ථාව ලබාදී තිබෙනවා. බෞද්ධ සංවිධානත් දැන් දැන හෝ නොදැන බෞද්ධ විරෝධීන්ගේ ග්‍රහණයට ලක්වී තිබෙනවා.
රජ දවස සිටම බුද්ධාගම ආරක්ෂා කිරීමට රාජ්‍ය නායකත්වය කැපවී සිටියා. බුද්ධාගම ආරක්ෂා කිරීමට රාජ්‍ය බලය යොදවනු ලැබුවා. අශෝක රජ දවස සිට බුද්ධාගම ව්‍යාප්ත වුණේත්, ආරක්ෂා වුණේත් රාජ්‍ය අනුග්‍රහය හා ආරක්ෂාව බුද්ධාගමට ලැබිම නිසයි. බුද්ධාගම කියන්නේ අවිහිංසාවාදී ආගමක්. ක්‍රිස්තියානි, මුස්ලිම් ආගම් වගේ නොවෙයි බුද්ධාගම. මෙවැනි තත්ත්වයක් තුළ බුද්ධාගමට තිබෙන රාජ්‍ය ආරක්ෂාව නැතිවී තිබෙනවා. රාජ්‍ය නායකයින් බුද්ධාගම ආරක්ෂා කිරීමට කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ.
බුද්ධාගම ආරක්ෂා කිරීමට බුද්ධශාසන අමාත්‍යංශය තිබෙනවා. ඒත් අද බුද්ධශාසන අමාත්‍යංශය තිබෙන්නේ බුද්ධාගම ආරක්ෂා කිරීමට නමෛයි. රාජ්‍ය නායකයින් බුද්ධාගම ආරක්ෂා කිරීම පසෙකින් තබා සර්වආගමික වෙලා. සර්ව ආගමික ප්‍රතිපත්තිය තමයි ඔවුන් අගය කරන්නේ. බුද්ධාගමට පහර එල්ලවන විට බුද්ධශාසන අමාත්‍යංශය වෙනතක් බලාගෙන සිටිනවා.
පසුගිය දවස්වල සමහර මුස්ලිම් පල්ලිවල අය ත්‍රිවිධ රත්නය බොරුවක් කියලා ප්‍රචාරයක් අරගෙන ගියා. බොදු බල සේනාව මේ කරුණු මතුකරලා පෙන්නුවා. ඒත් බුද්ධ ශාසන අමාත්‍යංශය එය දැක්කේ නැහැ වගේ, ඇහුණේ නැහැ වගේ නිහඬව සිටියා. මුස්ලිම් රටක මේ වගේ දෙයක් වුණානම් සිදුවන විනාශය අපිට හිතාගැනීමටවත් බැහැ.
මේ වගේ තත්ත්වයක් ඇතුලේ බොදු බල සේනාව හොඳ පරමාර්ථයෙන් කටයුතු කරනවා. බුද්ධාගම ආරක්ෂා කිරීමට ඔවුන්ගේ සිතිවිල්ල හොඳ සිතිවිල්ලක්. හොඳ පරමාර්ථයක්. ඒත් ඔවුන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙත
බෞද්ධ නොවෙයි. ඒ ක්‍රියාමාර්ගය බෞද්ධ භික්ෂුවගේ ප්‍රතිරූපයට සුදුසු නැහැ. හොඳ අරමුණක් වෙනුවෙන් ගමන් කරන මාර්ගය නිසා අපිට අලාභයක් සිදුවෙනවා.
බොදු බල සේනාව පසුගිය දවස්වල මහියංගණයේ ශ්‍රමණ ප්‍රතිරූපයක් ගැන ප්‍රශ්නයක් මතු කළා. ඉස්ලාම් සංවිධාන විසින් හසුරුවනු ලබන, සමහර හාමුදුරුවරුන් යැයි කියාගන්නා අය ඉන්නවා. මේ අන්තවාදීන්ගේ උපක්‍රම මෙල්ල කළ යුතුයි. ඒත් එය මෙල්ල කළ යුතු වන්නේ උපක්‍රමශීලී ආකාරයටයි. බොදු බල සේනාව මේ තත්ත්වය තේරුම්ගෙන කටයුතු කරනවා නම් හොඳයි.
බොදුබල සේනාව සමග ආණ්ඩුවේ සබඳතාවක් නෑ
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල
බොදු බල සේනාවේ ක්‍රියාකාරීත්වයට ආණ්ඩුවේ සම්බන්ධයක් ඇති බවටත් චෝදනා එල්ල වෙනවා. නමුත් එවැනි කිසිම සම්බන්ධයක් නැහැ. ඒ සඳහා ආණ්ඩුවේ කිසිදු අනුග්‍රහයක්ද නැහැ. මේ රටේ අන්තවාදීන් හැම තැනම ක්‍රියාත්මක වෙනවා. ඒක එක තැනක පමණක් දැකිය හැකි දෙයක් නොවෙයි. මේ අන්තවාදීන් නිසා ඇතිවන තත්ත්වයන් පාලනය කිරීමට වෙනමම පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.
ලංකාව කියන්නේ ප්‍රබල සංස්කෘතියක් සමග බැඳී පවතින රටක්. රටේ සංස්කෘතියට හානිවන ආකාරයට ස්වාමීන්වහන්සේලා වුවත් හැසිරෙන එක ගැටලුවක්. ඒ වගේම රටේ නීතියක් තිබෙනවා. මේ නීතිය අතට අරගෙන කටයුතු කිරීමට කාටවත් හැකියාවක් නැහැ.
ආගමික නායකයින් කිසියම් දෙයකට සම්බන්ධ වන විට කල්පනාකාරී විය යුතුයි. ඔවුන් සම්බන්ධවන සිදුවීම්වලදී උද්වේගකාරී තත්ත්වයන් ඇතිවිය හැකියි. ඒවා පාලනය කිරීම ප්‍රවේසමින් කළ යුතු දෙයක්. භික්ෂූන්වහන්සේලා සම්බන්ධ වන සිදුවීම් පාලනය කිරීම සඳහා පත් කළ පොලිස් ඒකකයේ කටයුතු ඉදිරියේදී ආරම්භ කරනවා.
හාමුදුරුවෝ කලහකාරී ආකාරයෙන් හැසිරෙන අවස්ථාවක පොලීසියට කුරුඳු පොලු අරගෙන යන්න බැහැ. බලය අවම ලෙස භාවිතා කරමින් මේ ගනුදෙනුව විසඳාගැනීමට පොලීසියට සිදුවෙනවා. මෙම ආගමික නායකයින්ගේ ගරුත්වය ආරක්ෂා වන ආකාරයට තමයි කටයුතු කළ යුතු වන්නේ. ආගමික ගැටුම් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන ඔවුන්ට පුහුණුවක් ලබාදෙනවා. හැකිතාක් සුහදව ආගමික ගැටුම් විසඳා ගැනීමට කටයුතු කරනවා.
බොදු බල සේනාව විසින් බුද්ධශාසන අමාත්‍යංශයට ඇතැම් පැමිණිලි කළ විට ඒ සම්බන්ධයෙන් කටයුතු නොකළ බවත්, ඒ නිසා මේ විදියට ආවේගකාරී අයුරින් හැසිරීමට සිදු වූ බවක්නේ ඔවුන් කියන්නේ. ඒ අය බලාපොරොත්තු වන විදියට සමහර දේවල් ක්ෂණිකව කරන්න බැහැ. කිසියම් ගැටලුවකට ක්ෂණික විසඳුමක් ලැබුණේ නැහැ කියලා කාටවත් නීතිය අතට ගෙන කටයුතු කරන්න බැහැ. කරන සියලුම දේ නීතිය ඇතුළත සිදු විය යුතුයි.
සංජය නල්ලපෙරුම

0 comments:
Post a Comment