පළමුවැනි දේ තමයි මං ජනාධිපති වුණොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. ජනාධිපති ක්රමයම අහෝසි කිරීම සහ ජනතාවට වඩාත් කිට්ටු ප්රජාතන්ත්රවාදී ක්‍රමයක් වෙනුවෙන් වහාම මැතිවරණ ක්‍රමය සංශෝධනයකට ලක් කරනවා. ඒ දෙක ඉටු කළාට පස්සේ අනවශ්‍ය රාජ්‍ය ආයතන සියල්ල ඉවත් කරන්න ඕන. ජනමත විමසුමක් තියන්න ඕන පළාත් සභා වගේ දේවල් අපට අවශ්‍ය යැයිද කියන එක සම්බන්ධව.
පක්ෂ බදාගෙන වැඩ බෑ
පක්ෂ ඕන නෑ. මැතිවරණය වෙලාවට ක්‍රියාත්මක වෙන පක්ෂ තිබුණට කමක් නෑ. පක්ෂය බදාගෙන විරුද්ධ පක්ෂය තමන්ගේ වගකීම පැහැර හැරලා ආණ්ඩු පක්ෂය තමන්ගේ වගකීම
පැහැර හැරලා වැඩ කරන්න බෑ. ෙදාගොල්ලො එකට එකතු වෙලා වැඩ කරන ක්‍රමයක් හදනවා.
නීතිය කියන ඇටසැකිල්ලට මස්
දම්මවන්න වෙනවා
ඊළඟ වැදගත්ම දේ මම දකින්නේ අලුත් ව්‍යවස්ථාවක් ඇතිකරන්න ඕන. මූලික නීතිය දුර්වලයි. ව්‍යවස්ථාව කියන්නේ රටේ මූලික නීතියනේ. අපි ශරීරයක් ගත්තොත් ඒකෙ ඇටසැකිල්ල. දැන් ඇටසැකිල්ල දුර්වලයි. ඉතින් මස්වලට ඉන්න බෑනේ. මේක හරි බරපතළ ප්‍රශ්නයක්. සමහර රටවල ලිඛිත ව්‍යවස්ථාවක් නෑ. නමුත් ඔවුන්ට ශක්තිමත් රජයක්, ශක්තිමත් වැඩපිළිවෙළක් තියෙනවා. අපිට ලිඛිත ව්‍යවස්ථාවක් තිබිලත්, ඒකටත් සති දෙක තුනකට සැරයක් උපරිමාධිකරණයේ නඩුවක් තියෙනවා. ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕන.
රැකියා කරන්නන්ට අමතර පහසුකම්
ඊළඟට මිනිසුන්ට ගෞරවාන්විත ලෙස ජීවත්වීමට අභිමානවත් ලෙස ජීවත්වීමට අවශ්‍ය වටපිටාව සකසන්න ඕන. රාජ්‍ය සේවකයාට, පෞද්ගලික අංශ සේවකයාට ස්වයං රැකියාවල නිරත වන සේවකයන්ට අවශ්‍ය පහසුකම් සපයන්න ඕන. මං මේ කතා කරන්නේ වැටුප ගැන නෙවෙයි. ඔවුන්ගේ දරුවකුට හොඳින් ඉගෙන ගන්න පුළුවන් වැඩපිළිවෙළක් හදන්න ඕන. ඔවුන්ට උපරිම සෞඛ්‍ය පහසුකම් ලබාදෙන වැඩපිළිවෙළක් ගේන්න ඕන.
සත්තුන්ගෙත් ජීවත් වීමේ අයිතිය
තහවුරු කරනවා
ඒ වගේම පිරිසුදු පානීය ජලය ලබාදිය යුතුයි. සියලු දෙනාට ජීවත්වීමට සුදුසු හොඳ පරිසරයක් නිර්මාණය විය යුතුයි. සතුන්ට පවා නිදහසේ ඉන්න පුළුවන් පරිසරයක්. ඒ කියන්නේ සතකුගේ පවා ජීවත් වීමේ අයිතිය තහවුරු කළ යුතුයි.
ෆැන්ටසි නෑ
නිෂ්පාදනයට අත හිත දෙන වැඩපිළිවෙළක් එන්නට ඕන. කෘෂිකර්මාන්තය, ධීවර අංශය, දේශීය කර්මාන්තයට අත දීලා ස්වදේශිකයන් රැකගන්න වැඩපිළිවෙළක් ගේනවා. කෘෂිකර්මාන්තයත් අපිට යාදෙන කෘෂිකර්මාන්තයක් විය යුතුයි. පිටරටින් බීජ ගෙනැල්ලා මෙහේ පැළ කරන වැඩපිළිවෙළක් නෙවෙයි. අපේ සාම්ප්‍රදායික බීජ සම්පත උපයෝගී කරගෙන සාම්ප්‍රදායික කෘෂිකර්මාන්ත රටාව උපයෝගී කරගෙන කෘෂිකර්මාන්තය ගොඩනඟන්න ක්‍රමයක් ඇති කරනවා.
අලුත්ම නීති ගේනවා
ඒ වගේම කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් වනාන්තර එළි පෙහෙළි කිරීම නවත්වන්න වෙනවා. අද අපි ලොකු ප්‍රශ්නෙක ඉන්නේ. අපේ පළාත්වලට පවා කාලෙකින් වැස්සෙ නෑ. මේවාට හේතුව තමයි අසීමිත ලෙස වනාන්තර කැපීම, අසීමිත ලෙස වැලි ගොඩ දානවා, ගංගාවල පතුල දැන් විනාශ වෙලා. අර රිවර් බේසින් කියන එක නෑනේ දැන්. ඒවා ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙළක් ඇති කරනවා. ඒ වෙනුවෙන් යල්පැනගිය සියලු නීති සංශෝධනය කරන්න වෙනවා. රටේ ජනගහනය වැඩි වුණා කියලා ආයතන වැඩි කරන එක නෙවෙයි පිළිතුර. අමාත්‍යංශ වැඩිවන එක නෙවෙයි පිළිතුර.
කැබිනට් එකට විස්සයි
ඇයි අද බදු ගහන්නේ මොකටද මෙච්චර බදු සම්භාරයක්. ඒ මොකද කිව්වොත් විශාල කැබිනට් එකක් නඩත්තු කරනවා. ඒ වගේම ආයතන ගණනාවක් නඩත්තු කරනවා. අන්න ඒ නාස්තිය අවම කරන්න ඕන. මගේ කැබිනට් මණ්ඩලය උපරිම විස්සකට අඩු කරනවා. ඒ විතරක් නෙවෙයි අපිට අත්‍යවශ්‍ය දේවල් විතරක් පිටරටින් ගෙන්වනවා. අනෙක් දේවල් අපිට මෙහෙම නිෂ්පාදනය කරන්න පුළුවන්. ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් ගත්තොත් අද සියයට හැටකට ආසන්නව තියෙන්නේ බදු. බදු බර වැඩි වෙන්න වැඩි වෙන්න නිෂ්පාදනය කියන එක අඩු වෙනවා.
විදේශ දූත මෙහෙවරට විශේෂ දූත
කණ්ඩායමක්
මේක මගේ පෞද්ගලික මතයක්. අප විදේශීය දූත සේවය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා. ඒවාට සුදුසු පුද්ගලයන් ද මං දන්නේ නෑ ඒවායේ ඉන්නේ. ඉස්සර තිබුණ විදේශ දූත සේවයේ යවන්න වෙනම කණ්ඩායමක්. ඒගොල්ලො විභාග පාස්වෙලා තමයි ඒ තැන්වලට එන්නේ. හරියට පරිපාලන සේවය වගේ. අද නෑනේ ඒක. රාජ්‍ය අංශයට වේවා පෞද්ගලික අංශයට වේවා නුසුදුසු අය ඇතළු වුණාම එහෙම වෙනවා.
නිදා ඉන්න සමුපකාර යෝධයා
ඇහැරවනවා
අද සමුපකාරය කඩාගෙන වැටිලානේ තියෙන්නේ. සමුපකාරය කියන්නේ නිදාගෙන ඉන්න යෝධයෙක්. මේ සමුපකාරය නැඟිටවන්න ඕන. රජය තරග කරන්න ඕන පෞද්ගලික අංශයත් එක්ක. විවිධ අංශවලින් සමුපකාරයට පුළුවන්නේ තරගයක් දෙන්න. නිෂ්පාදනය පැත්තෙනුත් පුළුවන් අලෙවිය පැත්තෙනුත් පුළුවන් ඒකට උදවු කරන්න ඕන අපි. කොළඹ තදාසන්න ප්‍රදේශවල සුපර් මාර්කට් තිබුණට පිට පළාතකට ගියාම ගමේ තියෙන එකම සුපර් මාර්කට් එක වෙන්නෙ සමුපකාරය. මම ජනාධිපති වුණොත් මේ රටේ සමුපකාරයට අලුත් මුහුණුවරක් දීලා ලොකු ආකර්ෂණයක් හදලා දෙනවා.
තමිල්නාඩුවේ ඉඳන් ජයලලිතා කේස්
දැම්මොත්
අපි එයාට පිළිතුරු දෙන්නේ ක්‍රියාවෙන්. වචනවලින් පිළිතුරු දෙන්න ඕන නෑ. මං කිව්වනේ. අපිට හොඳ විදෙස් දූත සේවයක් තියෙනවා. ඒක අංක එක. දෙක රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් පිළිතුරු දෙනවා. තුන්වෙනුව පුරවැසියෝ හැටියට සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් එකමුතු වෙලා ජයලලිතාට හොඳ උත්තරයක් දෙන්න පුළුවන්.
ඔබේ ඇමැති මණ්ඩලයටත් දූෂණ
චෝදනා එල්ල වුණොත්
ෙදාරවල් ඇරලා තියෙන්නේ ඕනම වෙලාවක එළියට යන්න. රටේ නීතියක් තියෙනවා. ඒ නීතිය මටත් එකයි කාටත් එකයි. මගේ මිත්‍රයෙක් කියලා මගේ ඥාතියෙක් කියලා වෙනස් විදියට සලකන්නේ නෑ. ඥාති සංග්‍රහ නම් බලාපොරොත්තු වෙන්නම බෑ.
කුඩු කන්ටේනර් පිටින් එන්න
ගත්තොත්
කුඩු එන්න බෑ. මරණ දඬුවමනේ. කුඩු තියාගත්තත් එකයි, කුඩු විකුණුවත් එකයි. බෙදා හැරියත් එකයි ඔක්කොම මරණ දඬුවම එතැනින් එහාට කිසිම දෙයක් නෑ.
අගමැතිට කුඩු චෝදනා එල්ල
වුණොත්
නීතිය කාටත් එකයි. දැන් තියෙන ව්‍යවස්ථාවට දිට්ඨධම්ම වේදනීය කර්මය ඇතුළත් කරලා නෑනේ. ජනාධිපතිවරයෙක් හැටියට ගන්න තීරණවලට කිසිම උසාවියක දඬුවම් කරන්න බෑ. මම කිව්වනේ මම ආව ගමන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා.
මං නම් ඉන්නේ මගේ ගෙදර
මං ජනාධිපති වුණොත් මං බලාපොරොත්තු වෙන්නේ මගේ ගෙදරම ඉන්න. නිල නිවාස ඕන නෑ. ඒකෙන් ජනතාවට මං වෙනුවෙන් දරන්න වෙන වියදම තවත් අඩු කරගන්න පුළුවන්. මං ජනතාවට කිට්ටු පාලකයෙක් වෙනවා. එතකොට ජනතාව මාව ආරක්ෂා කරගනියි. මං ඇවිත් විධායක ජනාධිපති ධුරය නැති කරනවා. එතැනින් පස්සේ ඔක්කොම ඉවරයි.
සුභාෂිණී ගුණරත්න

ane unba korai... moka aawath rata mehemamai......
ReplyDelete