සපත්තු යුගලක් ගැනීමට හැකියාවක් නොමැතිකමින් සෙරෙප්පු යුගළක් පැළඳ පාසල් පැමිණි සිසුවියකගේ බෙල්‍ලේ පංතිභාර ගුරුවරිය විසින් එම සෙරෙප්පු යුගළ එල්ලූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, එතෙක් අදාළ ගුරුවරිය වෙනත් පාසලකට මාරු කර යවන ලෙසත් නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය විමලවීර දිසානායක මහතා පළාත් අධ්‍යාපන ලේකම් එන්. එන්. ඒ. පුෂ්පකුමාර මහතා වෙත නියෝග කර
ඇතැයි ද දැනටමත් ඇය වෙනත් පාසලට මාරු කර යවා ඇතැයිද නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටී.
මෙම අනුවේදනීය සිද්ධියට මුහුණ දී ඇත්තේ සේරුවිල කාවන්තිස්සපුර විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත දැරියකි. දැරියගේ පියා මිය ගොස් ඇති අතර දැරියගේ මව දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුල රක්ෂා කරනුයේ කුලී වැඩ වල නියැළී උපයා ගන්නා සොච්චමකිනි. සපත්තු යුගළක් මිළදී ගැනීමට මුදල් නොමැතිකම නිසා දැරිය පාසලට පැමිණෙන්නේ, සෙරෙප්පු යුගළක් පැළඳ ගෙනය. සෙරෙප්පු පැළඳ පාසල් නොපැමිණෙන ලෙස කිහිප විටක්ම පංති භාර ගුරුවරිය දැරියට අවවාද කර ඇතත් එම අවවාදය පිළිපදින්නට දුප්පත්කම හරස් වී තිබේ.
ඉකුත් සිකුරාදා (25) දැරිය සුපුරුදු ලෙස පාසල් පැමිණ ඇත්තේ සෙරෙප්පු යුගලක් පැළඳ ගෙනය. මෙයින් කුපිත වූ පංතිභාර ගුරුවරිය දැරියගේ සෙරෙප්පු යුගළය ලණු කැබැල්ලකින් එකට ගැට ගසා එය දැරියගේ බෙල්‍ලේ එල්ලා තිබේ. ගුරුවරියද දරුවන් සිටින මවකි.
දැරියගේ මව එදින දහවල් ආහාර වේලද රැගෙන පාසලට පැමිණ ඇති අතර, එහිදී තම දියණිය සෙරෙප්පු යුගළය කරේ එල්ලා ගෙන සිටිනු දැක ඒ පිළිබඳව අනෙක් දරුවන්ගෙන් විමසා තිබේ. අනෙක් දරුවන්ගෙන් විස්තර දැනගත් දැරියගේ මව මේ සම්බන්ධයෙන් සේරුනුවර පොලීසියට පැමිණිලි කර ඇති අතර, පසුව පොලීසිය විසින් සියලු පාර්ශ්වයන් පොලීසියට කැඳවා මේ පිළිබඳ ප්‍රශ්න කර ඇත. එහිදී පංතිභාර ගුරුවරියට දැඩි ලෙස අවවාද කළ සේරුනුවර පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. බි. වීරරත්න මහතා පොලීසියේ අනුග්‍රහයෙන් දැරියට අළුත් සපත්තු යුගළක් ලබා දීමට කටයුතු කර තිබේ. දැරියගේ අනාගත අභිවෘද්ධිය තකා මෙම සිද්ධිය දුර දිග ගෙන නොයන ලෙස පොලීසියෙන් ඉල්ලීමක් කර ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් හෙළි දරව්වීමත් සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, එතෙක් අදාළ ගුරුවරිය වෙනත් පාසලකට මාරුකර යවන ලෙසත් නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය විමලවීර දිසානායක මහතා පළාත් අධ්‍යාපන ලේකම් එන්.ඒ.ඒ. පුෂ්පකුමාර මහතා වෙත නියෝග කර ඇත. මේ වන සිටිත් අදාළ ගුරවරිය වෙනත් පාසලකට මාරු කර යවා ඇති අතර, අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඩග්ලස් රණසිංහ මහතා යටතේ මූලික විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින බව ලේකම්වරයා කියා සිටියේය.
මංගලනාත් ලියනආරච්චි - ත්‍රිකුණාමලය
/ රුක්මල් වනසිංහ - කන්තලේ

0 comments:
Post a Comment