facebook like

විනෝද ගමනක ත්‍රාසය කියන දේත් චුට්ටක් හරි තියෙන්න ඕනේ නිසා මත්තල යමු

ටීවීටී ආයතනයේ සනත් මහත්තයා මේ දවස්වල දකුණු පළාතේ විනෝද ගමනක් සැලසුම් කරනවා. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කාර්මික ශිල්පීන් සෑහෙන ගාණක් මේ විනෝද ගමනට යන්න කැමැත්තෙන් ඉන්නවා. හැබැයි මේ පිරිසෙන් සියයට අනූවක්ම අවුරුදු විසි ගණන්වල හොඳ විසේකාර කොළු ගැටව්.
“හැබැයි සේරටම කලින් කියන්න එක දෙයක් තියෙනවා. මේ ගමනේදී කොච්චර කෑවත් බිව්වත් කමක් නැහැ. හැබැයි ඔය වැව්වලට බහිනවා වගේ
අවදානම් වැඩවලට නම් මම කීයටවත් ඉඩ දෙන්නේ නැහැ”.
තමන්ගේ හමුදා නිලධාරී ජීවිතයෙන් උකහා ගත්තු පෞරුෂයත් පෙරදැරි කරගෙන පසුගිය දවසක සනත් මහත්තයා ඒ ගමනට එක් වෙන්න ලෑස්තිවෙලා ඉන්න කොළු පිරිවරට කිව්වා.
“ඒ වුණාට සනත් අයියේ විනෝද ගමනක් වුණාම ඒකට ත්‍රාසය කියන දේත් චුට්ටක් හරි තියෙන්න ඕනේ නේද?. එහෙම නැත්නම් ඒක වයසක උපාසකම්ලගේ වන්දනා ගමනක් ගාණටම යනවනේ” සනත් මහත්තයගේ මේ නියෝගයට පුංචි විරෝධාකල්පයක් දක්වමින් මහේෂ් කිව්වා.
“ඔව් ඒකත් ඇත්ත තමයි බං” තරුණ හදවත් ගැන හොඳට තේරුම් ගත්තු සනත් මහත්තයත් කිව්වා. “ඔය වගේ තරුණ කොල්ලෝ ත්‍රාසජනක අත්දැකීම්වලට කැමතියි නම් තමයි. ඒත් ඒකට මොකද කරන්නේ ?” සනත් ලොක්කා පුංචි කල්පනාවකට වැටුණා.
“මට නම් පුංචි අයිඩියා එකක් ආවා. හැබැයි වැඩේ සෙට් වුණොත් නම් අපිටත් ත්‍රාසය කියන දේ උපරිමයෙන්ම භුක්ති විඳින්න පුළුවන්”.
පැත්තකට වෙලා ඔය කතාව අහගෙන හිටපු දින‍ෂේ කිව්වා.
“කොහොමද කියපන්කෝ ඉතින් ඒ ත්‍රාසය උපරිම විදිහට භුක්ති විඳින්නේ”.
දිනේෂ්ට කිට්ටු වුණු සනත් ලොක්කා ඇහුවා.
“ඇයි විපක්ෂෙ පාර්ලිමේන්තු කණ්ඩායමක් විදිහට මේක් - අප් කරගෙන හරි මත්තල එයා‍පෝට් එකයි. හම්බන්තොටයි වරායයි බලන්න ගියොත් ඉතින් අපිටත් බඩු ෂුවර්නේ”

lakbima -

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive