බෞද්ධ භික්ෂුන් වහන්සේලාට අපහාස වන අයුරින් බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන විසින් සිදු කරන ලදැයි පැවසෙන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව ත්‍රිකුණාමල ත්‍රෛනිකායික භික්ෂු බල මණ්ඩලය අවධාරණය කර සිටියි.
මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් බීබීසියට අදහස් දැක්වූ එම බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් පුජ්‍ය අග්බෝපුර විමලඥාන හිමියන් කියා සිටියේ
ඇමතිවරයා විසින් චීවරයට අපහාස වන අයුරින් කළ ප්‍රකාශ ඇතුළත් හඩ පට කිහිපයක්ම උන්වහන්සේ සතුව ඇති බවයි.
අග්බෝපුර පොලිස් ස්ථානය විවෘත කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඇමතිවරයා විසින් කරන ලද ප්‍රකාශය විමලඥාන හිමියන්ගේ දැඩි විවේචනයට ලක් විය.
පොලිස් ස්ථානය විවෘත කරමින් අදහස් දැක්වූ ගුණවර්ධන ඇමතිවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ පොලීස් නිලධාරීන්ට විරුද්ධව කෙරෙන බොරු පැමිණිලි දෙස සානුකම්පිතව කටයුතු කරන ලෙසටයි.
'ඒ වගේම මම පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා එක්කෝ දේශපාලන වශයෙන්, එක්කෝ සිවුරෙන්, එක්කෝ ලෝගුවෙන් හා මොන මොන හෝ සම්බන්ධකම් වලින් පොලීසියේ බලය අතට ගන්නවා.එක්කෝ ජරා වැඩ කරන්න. එහෙම ඉන්නවා. ඒ නිසා විශේෂයෙන් පොලීස් නිලධාරීන්ට විරුද්ධව එන බොරු පැමිණිලි ගැන සානුකම්පිතව කටයුතු කරන්ඩයි කියා මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.'
ඇමතිවරයා සංඝයාට නමස්කාර නොකරන බවට ඇමතිවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙනුත් විමලඥාන හිමියෝ කණගාටුව පල කරති.
'ඇමතිතුමා වැන්ද හින්දා වැන්දා'
වැඩි දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමතිවරයා එහිදී සදහන් කළේ ශ්‍රී ලාංකිකයන් ප්‍රතිපත්තිමය බෞද්ධයින් විය යුතු බවයි.
'ඇත්ත යුක්තියට කටයුතු කරන්න.කෙලින් කතා කරන්න.වැරැද්දට අනුබල දෙන්න එපා කාගෙ හරි. දැන් අපේ හාමුදුරුවෝ ගැන නෙමෙයි මම කියන්නේ.අපේ හාමුදුරුවෝ මගේ හරි හිතවතා. මම විහිළු කරනවා. මම වදින්නේ නැහැ කියලයි තිබුණේ.අද වදින්න වුනේ ඇමතිතුමා වැන්ද හින්දා. නැත්තම් මම වදින්නේ නැහැ මොකද මම බුද්ධශාසන නියෝජ්‍ය ඇමතිවරයා. මොකද අපි ප්‍රතිපත්තිමය බෞද්ධයෝ වෙන්න ඕනි, ප්‍රතිපත්තිමය සිංහලයෝ වෙන්න ඕනි, ප්‍රතිපත්තිමය පුරවැසියෝ වෙන්න ඕනි, ඒ නිසා ඒ විදිහට කටයුතු කරන්න'.
ඇමතිවරයා එම තනතුරට ගෙන ඒමට සංඝරත්නය විසින් කරන ලද උපකාර අමතක කර ශාසනය විවේචනය කරමින් කරන ලද එම ප්‍රකාශ බුද්ධශාසන අමාත්‍යවරයා ලෙසත් බෞද්ධයෙකු ලෙසත් නොහොබිනා බව විමලඥාන හිමියන් පවසති.

0 comments:
Post a Comment