ෆේස්බුක් ගිණුම් හරහා තරුණියකගේ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කළ තරුණයෙකු ගලේවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.පොලීසිය සඳහන් කළේ, ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු එලෙස අත්අඩංගුවට ගත් බව ය.
ඔහු ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියක සමග වසරක පමණ කාලයක් ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ මිතුරන් ලෙස ඇසුරු කර තිබේ.
එහිදී ඔවුන් දෙදෙනා ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා
ගෙන ඇති අතර පසුව සිදු වූ විරසකයක් මත අදාළ තරුණියගේ නිරුවත් ඡායාරූප ඇතුළත් කර සැකකරු තව ත් ෆේස්බුක් ගිණුම් දෙකක් නිර්මාණය කර ඇති බව පොලීසිය පැවසී ය.
අදාළ තරුණිය පොලීසියට කළ පැමිණිල්ලක් මත සැකකරු කුරුණෑගල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.අනතුරුව දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී වරද පිළි ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ලබන 22 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග කරමින් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය සැකකරු මුදා හැර තිබේ.

0 comments:
Post a Comment