විපක්ෂය විසින් ගොඩනගා ඇති තර්කවලට පමණක් ඇහුම්කන් දෙන සන්ධානයේ ඇමතිවරු දැන් ආණ්ඩුවට රතු එළියක් නිකුත් වී ඇතැයි පිළිගන්නා තත්වයට පවත් ඇතැයිද එවැනි ඇමතිවරුන් ගැන තමන් කණගාටුවන බවද ආර්ථික සංවර්ධන අමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා ඒ බව පවසන්නේ දිනපතා පුවත් පතක
සංවාදයකට එක්වෙමිනි.
ඉන් උපුටාගත් කොටස් පහත පළ වේ.
"ප්‍රශ්නය - ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩුවට රතු එළියක් කියල ආණ්ඩුවේම මැති ඇමැතිවරු කියනව නේද?
පිළිතුර - ඇත්තටම ඒ ඇමැතිවරු කෙරෙහි කනගාටු වනවා. ඒක ඒ ඇමැතිවරුන්ගේ අදහසක්. මම නම් ඒ අදහසට එකඟ වෙන්නෙ නැහැ. ජනතාවට යම්කිසි පණිවුඩයක් දෙන්න තමයි අපි මේ මැතිවරණය තිබ්බේ. වැරැදි විදියට පේන එකට අපට කරන්න දෙයක් නැහැ. ඒක ඒ ඇමැතිවරුන්ගෙන්ම අහන්න වෙනවා. ඒක ඒ අයගෙ නිදහස. ඒ අයට ඒ අදහස කියාගන්න පුළුවන්. නමුත් පක්‍ෂයත්, සන්ධානයේ වැඩි පිරිසකුත් ඒක පිළිගන්නෙ නැහැ.
සමහර අය විපක්‍ෂයේ පමණක් තර්ක අහල මේව කියනවා. ඇයි, හම්බන්තොට සජිත්ට කොළ එළියක් කියල පසුගිය දිනක කියා තිබුණා මම දැක්ක. ඒක සම්පූර්ණයෙන්ම වැරැදියි. එක්සත් ජාතික පක්‍ෂයට ලැබුණු ඡන්ද ගණන පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී 90,120ක් වුණා. මහමැතිවරණයේදී 83,027ක්. ප්‍රාදේශීය සභා ඡන්දයේදී 90,120ක් වූ ඡන්ද ප්‍රමාණය මෙවර 79,819ට බැස්සා. එ.ජා. පක්‍ෂය හම්බන්තොට විශාල පසුබෑමකට ඇවිල්ල තියෙනවා.
එම පක්‍ෂය මහමැතිවරණයේදී සියයට 29.86ක ප්‍රතිශතයක් ලබා ගත්තා. ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ප්‍රතිශතය සියයට 31.54ක්. මෙවර එය සියයට 26.28කට බැස්ස. මට කනගාටුයි. මේ වගේ දේවල් ජනමාධ්‍යයට කියන්න මම කැමැති නැහැ. මේව නිවැරැදි වෙන්න ඕන. පැහැදිලිව අපි දන්නව ජනතාවට ජනාධිපතිතුමා යම්කිසි අවස්ථාවක් දුන්නෙ තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න. ඒ කට්ටිය තීන්දු කරල තිබුණා අපිව දිනවන්න. ජනතාව තීන්දු කරල තිබුණු ජයග්‍රහණය අපට දුන්නා."
කෙසේ නමුත් පසුගිය දිනක බැසිල් රාජපක්ෂ මහතාම මාධ්‍ය වෙත පවසා තිබුනේ ජනතාව ආන්ඩුවට යම් පණිවිඩයක් දී ඇති බැවින් ආණ්ඩුව මෙම ඡන්ද ප්‍රතිඵලය ගැන සැලකිළිමත් විය යුතු බවයි.
2009 වසරේ පළාත් සභා ප්‍රතිඵලයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 624,530ක් ලබාගනිමින් ආසන 27ක් හිමිකර ගත් අතර එය ප්‍රතිශතාත්මකව ගත් කළ 69.07%කි. මෙවර 2014දී ඡන්ද 582,668ක් ලබාගනිමින් ආසන 23ක් හිමිකර ගත් අතර එය ප්‍රතිශතාත්මකව ගත් කළ 57.98%කි. මෙවර ගියවරට වඩා ඡන්ද දායකයින් 113,305ස් දෙනෙකු ඡන්දය භාවිතා කර තිබේ.

0 comments:
Post a Comment