“පෙරකදෝරු මහත්තයකුට මෙයා කියලා තියෙනවා ඒ නඩුව “ෂේප්” කරලා දෙන්නම් කියලා. මාව හෝටලයකට එක්ක ගිහිල්ලා මගෙන් උදව්වක් ඉල්ලාගන්න කියලා. ඒ පෙරකදෝරුවා මට දවසක් කතා කළානෙ සර් හෝටලයකට යන්න.”කුරුණෑගල මූලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවරත්න අබේකෝන් මහතාට තම සැමියා ගැන මේ කතාව කීවේ ඔහුගේ තරුණ බිරිඳය.
පොලීසිය
“වෙඩින් ෆොටෝ එක
පුච්චන්න ගියා කියලා තමුන්ගේ මේ භාර්යාව කියන කතාව ඇත්තද?
“දවසක් අපි දෙන්න අතරේ පුංචි රණ්ඩුවක් ඇතිවුණා. ඊට පස්සෙ “මං වෙඩින් ෆොටෝ එක ගිනි තියන්න ගිය කතාව මං නෑ කියන්නේ නෑ සර්
“මොන ප්‍රශ්න ආවත් වෙඩින් ෆොටෝ එක පුච්චන්න ගිය එක නම් ලොකු වරදක්”
“විවාහ සහතිකයත් දැන් ගෙදර නෑ සර්”
(සැමියාට) “තමුන් ඒ සහතිකය හොරකම් කරාද? පිච්චුවාද?”
“මං ඒ සහතිකය හොරකම් කළෙත් නෑ. පිච්චුවෙත් නෑ. මොනවා වුණාද කියන්න මං දන්නෙ නෑ. මීයෙක්වත් අරගෙන ගියාද? දන්නෙ නෑ සර්. ඒක ඉතින් මීයගෙන්ම තමයි අහන්න ඕන”
පිළිගන්න පුළුවන් කතා කියනවා මනුස්සයෝ. මේ කතාවම පුළුවන් නම් තමුන් නඩුකාර හාමුදුරුවන්ටත් කියනවා. නඩුකාර හාමුදුරුවෝ තමුන්ට දෙයි හොඳ උත්තරයක්”
මීයන්ට හිතුන වෙලාවක ඇදගෙන යන්න පුළුවන් තැනකද ඒ විවාහ සහතිකය තියලා තියෙන්නෙ. ඒ සහතිකය තිබුණෙත් මඟුල් ෆොටෝ එක ළඟමද?”
“මෙයා දැන්නම් කෝටිපතියෙක්. “බස් ලොරි” වී මෝල් කොහු මෝල් තියෙනවා. ඒත් ඉස්සර මෙයාලගෙ ගෙදරට තුන් හතර දෙනෙක් එකපාර ආවොත් ඉඳගන්න දෙන්න පුටුවක් නෑ. අහල පහළ ගෙවල්වලින් තමයි පුටු ඉල්ලාගෙන එන්නෙ. දැන් මෙයාට ඒව සම්පූර්ණයෙන්ම අමතකයි.
මගෙ අම්මා අප්පච්චිගේ නැති බැරිකම ගැන තමයි කියන්නෙ. කෙල්ලෙකුට මං ඉස්සර ලිව්ව ලව් ලෙටර් එකක් ෆොටෝ කොපි ගහලා මෙයා මුළු ගමටම බෙදලා. ගෙදර තිබ්බ බඩු මුට්ටු ටික සේරම ලොරියක පටවාගෙන ගියා.”
“මගෙ චූටි එකාට මොනවා තේරෙනවටද? ලොරියට බඩු පටවන කොට දරුවා මගේ බෙල්ල බදා ගත්තා. අනේ අම්මි තාත්ති කොහේද මේ යන්න ලෑස්ති වෙන්නෙ. කොහේවත් නොයා අපි දෙන්නත් එක්කම ඉන්න කියන්නකො අම්මි” කියලා එයා ඇඬුවා.
කඳුළු පිසිමින් “මෙයාට තව ගෑනු ඉන්නවා සර්.
සැමියා
“උඹට මිනිස්සුත් එක්ක යන්න පුළුවන් නම් මං ගෑණුත් එක්ක හිටියම ඇති වැරැද්ද මොකක්ද?”
“මෙයා සර් ගෑනුන්ට ගෙනත් දෙන්නෙ බුරියානි. ඩ්‍රින්ක්ස් ගන්න වෙලාවට එක එක ගෑනු කෝල් කරලා අහනවා මොන වගේ බයිට් එකක්ද ඕන කියලා. මෙයාට කන කීං ගාගෙන යන්න හොඳ කනේ පාරක් දෙන්නවත් අපේ ගෙදර පිරිමියෙක් නැහැනේ. මායි අම්මයි විතරනේ ඉන්නෙ”
“මං මෙයා බඳින කොටත් මෙයාගේ පිරිසිදුකම කියලා දෙයක් තිබුණෙම නෑ සර්. එහෙම ගෑනියෙක් තමයි අද පොලීසියේදී වීර චරිතයක් රඟපාන්නෙ.”
“හරි මං ඒක නැහැයි කියලා කිව්වෙ නැහැනෙ. මං ඔයාට කිව්වනෙ මට ඒ වැරැද්ද වුණා කියලා. එහෙම වුණා කියලා මං දකින දකින මිනිහත් එක්ක යන නරක ගෑනියෙක් නෙවෙයි මං ප්‍රසිද්ධ ගණිකාවක් කරන්න හදනවානෙ ඔයා.” ඇය හයියෙන් ඇඬුවාය” ඒකයි මට හිතට අමාරු දවසක් දරුවාට කිරිපිටි ගන්න මට සල්ලි තිබුණෙම නෑ. කිරිපිටි ගන්න මං මෙයාගෙන් සල්ලි ඉල්ලලා යැව්වා. අපේ නැන්දා කෙනෙක් අතේ.
මෙයා මට සල්ලි එවනවා වෙනුවට මහා ජරා පණිවුඩයක් කියලා එව්වා. මාත් එක්ක නිදාගන්න මිනිස්සුන්ගෙන් කිරිපිටි ගන්න සල්ලි ඉල්ලාගන්න කියලා තමයි කියලා එව්වෙ.”
පොලීසිය
“හරි දැන් ඉතින් ඔය පරණ කුණු කන්දල් අමතක කරන්නකො. තමුන් කියන්නෙ තමුන්ගේ ස්වාමි පුරුෂයා ගෑනුත් එක්ක අනියම් සම්බන්ධකම් පවත්වනවා කියලාද?
“ඔව් සර් නිලූ කියන එකිත් එක්ක තමයි වැඩිපුරම සම්බන්ධකම් තියාගෙන ඉන්නෙ.
“තමුසෙමනෙ මට එයාව අඳුන්නලා දුන්නෙ”
“නිලු අඳුන්නලා දුන්න එකද? සර් මං කළ වැරැද්ද නිලූ ඉස්සර මගෙ යාළුවා. එයාගෙ මඟුල් ගෙදර දවසෙ මෙයා උණ හැදිලා හිටියෙ ඉස්පිරිතාලෙ. කැමැත්තෙන් ටිකට් කපාගෙන මෙයා ගෙදර ඇවිත් ඒකිගෙ මඟුලට ගියා.
රජවරුන්ට තිබුණනෙ අන්තඃපුර. ඒ වගේ අන්තපුරයක් මෙයාටත් තියෙනවා. ඒ අන්තපුරයෙ අගමෙහෙසිය තමයි නිලූ.
පොලීසිය
“සමනලයෙකුගේ හරි සමනලියකගෙ තට්ටක් කැඩුනොත් ඒ තට්ට ආයෙත් පාහන්න බෑ. මට පෙනෙන විදියට තමුන්ලා දෙන්නා ආයෙ පෑහෙන්නෙ නෑ. අපිට පාහන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නෙත් නෑ. දැන් ඉතින් උසාවි ගිහිල්ලා දික්කසාද නඩුවක් දාගන්න. මට තියෙන ප්‍රශ්නෙ තමුන්ලා දෙන්නා නෙවෙයි. මේ අහිංසක දරු පැටියා.
මේ දරු පැටියාට කොහොමද ඉතිං කිරි ටිකක් හරි දෙන්නෙ?”
“මං මේ දරුවගෙ නඩත්තුවට සල්ලි දෙනවා”
“කිරි පැකට් එකක් ගන්න මෙයාගෙන් සල්ලි ඉල්ලලා යැව්වම කියලා එව්ව කතාව මං මීට ටිකකට ඉස්සරවෙලා සර්ට කීවනෙ සර්. තව දවසක් මට කීවා මුන්ගෙ මහ ලොකු කයිවාරුව පුරසාරම් පූච්චානම් නම් තියෙනවා ඒත් කිරි පැකට් එකක් ගන්න සල්ලි නෑ. ඕකට තමයි කියන්නෙ කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙනවා කියලා” කියලා.
දැන් මහලොකු උජාරුවට ලැජ්ජා නැතුව කියනවා මගෙ දරුවට සලකන්න පොලීසියෙන් “ඕඩර් ඕන නෑ. කවුරුත් කියන්න ඕනත් නෑ කියලා. මෙයා සර් දැන් දවස් දෙක තුනකට ඉස්සර වෙලා මහ ජරා වැඩක් කළා.
පොලීසිය
“ඒ මොකක්ද?
ඒක සර් සර්ට පුළුවන් මගේ තාත්තාගෙන්ම අහගන්න. මං කියනවාට වඩා ඒක තමයි හොඳ.
තාත්තා මිදුලෙ ඉන්නවා.
පොලීසිය
“ඉතින් තාත්තාව ඇතුළට එක්ක එන්නකො
“අනේ සර් මෙයාටම කියන්නකො මගෙ තාත්තාව එක්ක එන්න කියලා. මං තාත්තා එක්ක එන්න මිදුලට ගියොත් මෙයා කියනවා මං මිදුලට ගිහිල්ලා තාත්තාට එහෙම කියන්න කියලා උගන්වාගෙන ආවා කියලා.
මෙයා එහෙම අමුතුම ජාතියෙ මිනිහෙක් සර්.
ප්‍රධාන පොලිස් පරීක්ෂක නවරත්න අබේකෝන් මහතා මාමා ඇතුළට කැඳවාගෙන එන ලෙස බෑණාට කීවේය. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මාමාගෙන් ප්‍රශ්න කළේය.
“අනේ සර් මූ මහා පෝරිසාදයෙක්. මේකා මට විතරක් නෙවෙයි. මේකාට කන්න උයලා දෙන මගේ ගෑනිගේ බඩටත් පයින් ගහනවා. මං වගේම ඒ ගෑනිත් වයසක ගෑනිනේ සර්. පව්.
“තමුසෙලා දෙන්නගෙ ආරවුල මට විසඳන්න පුළුවන් ආරවුලක් නෙවෙයි. නඩුකාර හාමුදුරුවන්ටම තමයි ඒකට විසඳුමක් දෙන්න පුළුවන් මං තමුන්ලා උසාවියට යවනවා. යැයි ප්‍රධාන පොලිස් පරීක්ෂක නවරත්න අබේකෝන් මහතා පැවැසීය.
මෙත්සිරි බි.හේරත්

0 comments:
Post a Comment