මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයා ජනාධිපතිවරණයට තරග කරන බව ප්‍රකාශ කිරීමත් සමග හැරෙන තැපෑලෙන්ම ඊට උත්තර දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාය. මෛත්‍රීපාල පමණක් නොව මහ ලේකම්වරු පක්ෂය හැරපියා යාම ශ්‍රීලනිපයට අරුමයක් නැති බව ඔහු කීවේය.
නිමල් සිරිපාල සිල්වා ඇමැතිවරයාගේ ඒ කතාව සහතික ඇත්තය. ශ්‍රීලනිපයේ ලේකම් පුටුවේ තිබෙන දෝෂයක් නිසාදෝ බොහෝදෙනකුට ඒ පුටුවේ වැඩි කලක් වාඩි වී සිටින්නට ඉඩ ලැබුණේ නැත. මහ ලේකම් පුටුවේ දෝෂය මතෛක් බලනොපෑවේ මෛත්‍රීපාල සිරිසේනට පමණි. ඔහු දහතුන් අවුරුද්දක් එම ධුරය දැරුවේය.
ඔහුට පෙර ඒ සා විශාල කාලයක් කිසිවෙකුටත් මහ ලේකම් පුටුවේ වාඩි වී සිටීමට ඉඩ ලැබුණේ නැත. කොටින්ම කියනවා නම් ශ්‍රීලනිපයේ ආරම්භක ලේකම්වරයා වූ බර්නාඩ් අළුවිහාරේත් පක්ෂය හැරපියා එජාපයට ගියේය. බර්නාඩ් අළුවිහාරේ ඇතුළු තිදෙනෙක් ශ්‍රී ලනිපයේ ආරම්භක සම ලේකම්වරුන් ලෙස පත්වූවේ එක්දහස් නවසිය පනස් එකේදීය. ඒ අවස්ථාවේදී පත්වූ අනෙක් දෙදෙනා වූයේ බද්උද්දීන් මහමුද් සහ එස්. තංගරාජාය.
මේ තිදෙනා අතරින් බර්නාඩ් අළුවිහාරේ එක්දහස් නවසිය තිස්හයේදී රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළේය. ඒ මාතලේ අසුන නියෝජනය කරමිනි. ඔහුගේ සම්පූර්ණ නම වනිගසේකර බණ්ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ උඩවලවේ බර්නාඩ් හර්බට් අළුවිහාරේය.
ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉගෙන ගත් ඔහු නීතිඥයකු විය.
ශ්‍රී ලාංකේය මුල්ම පොලිස්පතිවරයා වූ සර් රිචඩ් අළුවිහාරේ, බර්නාඩ් අළුවිහාරේගේ සොයුරෙකි. ඉන්දියාවට ගොස් එරට නිදහස් සටනට දායකත්වය දුන් බර්නාඩ් අළුවිහාරේ, මහත්මා ගාන්ධිගේ සමීප මිතුරෙකු ද විය. ඉන්දියාවට නිදහස ප්‍රදානය කිරීමට එංගලන්තයේ පැවැති වටමේස සාකච්ඡාවට පවා මහත්මා ගාන්ධි සමග ඔහු සහභාගි විය. අවසානයේදී ඔහු විවාහ වූවේද ගාන්ධි පවුලේ සාමාජිකාවක සමගය.
එක්දහස් නවසිය පනස් දෙකේ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත්වූ මන්ත්‍රීවරුන් අට දෙනාගෙන් එක් අයකු වූයේ මාතලේ මන්ත්‍රී බර්නාඩ් අළුවිහාරේය. කෙසේ නමුදු පනස් හයේ මහමැතිවරණය කිට්ටු වන විට බර්නාඩ් අළුවිහාරේ හා දඹුල්‍ලේ එච්.බි.තැන්නේ යන මන්ත්‍රීවරු ශ්‍රී ලනිපය හැරපියා එජාපයට බැඳුණි. එනමුත් පනස් හයේ ඡන්දයේදී ඔවුහු දෙන්නාම පරාජයට පත්වූහ.
කෙසේ නමුදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කලකදී සම ලේකම්වරු සිටින විට තවත් කලකදී ප්‍රධාන ලේකම්වරු, මහ ලේකම්වරු සිටියහ. ජයවීර කුරුප්පු, ටී.බි. ඉලංගරත්න, ජේ.සී.ඩබ්ලිව්.මුණසිංහ, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක, එම්.පී.ද සොයිසා, ඩී.එස්.සමරසිංහ, කේ.බි. රත්නායක, එස්. කේ.කේ. සූරියආරච්චි, රත්නසිරි වික්‍රමනායක සෝමසාර දසනායක, ජේ.ආර්.පී. සූරියප්පෙරුම, ධර්මසිරි සේනානායක, එස්.බි. දිසානායක, යන අය මෛත්‍රීපාල සිරිසේනට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුර දැරුවෝය.
මේ පිරිස අතරින් බලගතුම ලේකම්වරයා ලෙස සැලකෙන්නේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකය. ඔහු ශ්‍රී ලනිපයේ සම ලේකම් ධුරය දැරුවේ එක්දහස් නවසිය හැට-හැටතුන කාලයේදීය. මැතිනියට තිබූ නෑකම හේතුවෙන් ෆීලික්ස් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අතරේ සිටියේ උඩිනි. උඩඟු දේශපාලනඥයකු ලෙස හැඳින් වූ ඔහු හැත්තෑ හතේ ඡන්දයේදී දොම්පේ ආසනයෙන් පරාජයට පත්වූයේ එජාපයේ සරච්චන්ද්‍ර රාජකරුණාටය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භයේ සම ලේකම් ධුරයක් දැරූ ටී.බි. ඉලංගරත්න, රත්නසිරි වික්‍රමනායක, සෝමසාර දසනායක. ජේ.ආර්.පී. සූරියප්පෙරුම මෙන්ම ද එස්.බි. දිසානායකද පක්ෂය හැර ගිය ලේකම්වරුය.
මේ අතරින් රත්නසිරි වික්‍රමනායක, ජේ.ආර්.පී. සූරියප්පෙරුම මෙන්ම එස්.බි. දිසානායක යළිත් වරක් ශ්‍රීලනිපයට පැමිණියහ. ජේ.ආර්.පී. දැන් දැදිගම ශ්‍රීලනිප සංවිධායකවරයාය. එස්.බි. දිසානායක දෙදහස් තුනේදී පක්ෂ ලේකම්කමින් ඉවත්වී එජාපයට ගියේ මහත් ආන්දෝලනයක් ඇති කරමිනි. එස්.බි. කළ පෙරළි නිසා පොදු පෙරමුණු ආණ්ඩුව ගෙදර ගොස් එජාප ආණ්ඩුවක් බලයට පත්විය. එක්දහස් නවසිය අසූ හය - අසූ නවය කාලයේ ශ්‍රීලනිප මහ ලේකම් ධුරය දැරූ සෝමසාර දසනායක පක්ෂයෙන් ඉවත්වී පැවිදි බිමට පත්විය.
හැත්තෑ හයේ සිට හැත්තෑ හත දක්වා පක්ෂ මහ ලේකම් ධුරය දැරූ එස්.කේ.කේ. සූරියආරච්චි එකල මැතිවරණ වේදිකාවල අපූරු කතාවක් කීවේය. කිසිදු පක්ෂයකට තමන්ගේ පක්ෂ ලාංඡනය ඡන්දපොළට ගෙනයන්න බෑ. ඒක නීතියෙන් තහනම්. නමුත් අපේ පක්ෂයට විතරයි පක්ෂ ලකුණ ඡන්ද පොළට ගෙන යන්න පුළුවන්. යනුවෙන් ඔහු කීවේ ශ්‍රීලනිපයේ ලාංඡනය අත වන බැවිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුෂ්කරම අවධියක පක්ෂ ලේකම් ධුරය දැරුවේ රත්නසිරි වික්‍රමනායකය. හැත්තෑ හතේදී ශ්‍රීලනිපය අටට බැස්ස විට මෙම පක්ෂ ප්‍රතිසන්ධානය සඳහා භාර වූයේ රත්නසිරිටය. එකල මැතිනිය අනුර හා චන්ද්‍රිකා අතර ගැටුම් ඇති වුවද ඒ සියලු ප්‍රශ්න මැද ඔහු ලේකම් ධුරය දැරීය. ශ්‍රීලනිපයෙන් ඉවත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක නැවත පක්ෂයට සම්බන්ධ වූයේ රත්නසිරි වික්‍රමනායක යුගයේදීය. එක්දහස් නවසිය අසූ දෙකේදි හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස පත්කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්කිරීමට මැතිනිය විරුද්ධ විය. එනමුත් ඒ අවස්ථාවේදී රත්නසිරි ඇගේ කීම ප්‍රතික්‍ෂේප කර මධ්‍යම කාරක සභාව රැස් කරවා හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස තරග කිරීමට ඔහුට පක්ෂයේ නමත් ලාංඡනයත් දුන්නේය.
පොදු පෙරමුණු ආණ්ඩුවේ සංචාරක හා ජනමාධ්‍ය ඇමැති ධුරය දැරූ ධර්මසිරි සේනානායක දෙදහස් එකේදී හදිසියේ මියයන විට ඔහු ශ්‍රීලනිප මහ ලේකම් ධුරය දරමින්ද සිටියේය.
ඔහුගේ මරණින් පසු පුරප්පාඩු වූ පක්ෂ ලේකම් ධුරයට පත්වූයේ එස්.බි. දිසානායකය. එස්.බි. එජාපයට ගිය පසු පත්වූයේ මෛත්‍රීපාලය.
මෛත්‍රීපාල පොදු අපේක්ෂකයා වූ විට ඔහු මහ ලේකම් ධුරයෙන් ඉවත් කෙරුණි. ඉන් පුරප්පාඩු වූ මහ ලේකම් පුටුවට පත්වූයේ අනුර ප්‍රියදර්ශන යාපාය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පුටුව ඔහුගේ දේශපාලන ගමනට කෙසේ කැරකැවේද?
ඒ ගැන කීමට තවමත් කල් වැඩිය.
මිහිරි ෆොන්සේකා

0 comments:
Post a Comment