facebook like

රිචඩ් ද සොයිසා වෙනුවෙන් යුක්‌තිය ඉල්ලූ මනෝරාණි සරවනමුත්තු චරිතය සිනමාවට

* මනෝරාණි - ස්‌වර්ණා මල්ලවාරච්චි
* නිෂ්පාදක - බන්දුල ගුණවර්ධන
* අධ්‍යක්‍ෂ - නිලේන්ද්‍ර දේශප්‍රිය

මවකගේ දැස්‌ ඉදිරියේදීම සන්නද්ධ පිරිසක්‌ ඇගේ එකම පුතා පැහැරගෙන යනවා නම්... ඇය එය කෙසේ ඉවසා දරා ගන්නද. පසුදා.. ඇයට දකින්නට ලැබෙන්නේ පෙරදා පැහැරගෙන ගිය පුතාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර නම්... මේ මවට එය වාවා ගත හැකිද....

වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු මේ ෙ€දජනක අත්දැකීමට මුහුණ දුන්නාය. 1990 පෙබරවාරි 18 දා ඇගේ එකම පුතා එවක ක්‍රියාත්මක වූ භීෂණය මධ්‍යයේ පැහැරගැනීමකට ලක්‌වූහ. වෙඩි තබා ඝාතනය කළ ඔහුගේ නිසල සිරුර පසුදා,. මොරටුව වෙරළ තීරයේදී හමුවිය.

ඔහු අපේම වෘත්තිය සගයෙකි. නළුවෙකි. මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකි. හේ අන්කවරෙකු හෝ නොව රිචඩ් ද සොයිසාය.

රිචඩ්ගේ මරණයට වගකිවයුතු බලධාරීන්... ඔහුගේ ඝාතකයන්ට නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ දුන්නේ... යුක්‌තියක්‌ නීතියක්‌ පිළිබඳ අබමල් රේණුවක තරමින් හෝ තැකීමකින් තොරවය.

පුතුගේ ඝාතනයෙන් දැඩි සංවේගයට පත් මනෝරාණි... කඳුළු මතින් නැගී සිටියාය.

යුක්‌තිය ඉල්ලා සටන් කරන්නට ඇය තීරණය කළාය. පුතු වෙනුවෙන් පමණක්‌ම නොව රිචඩ් මෙන්ම පැහැරගෙන ගොස්‌ අතුරුදන් කළ දහසක්‌ තරුණ තරුණියන් වෙනුවෙන් හඬ අවදිකරන්නට ඇය නැගී සිටියාය. තම දූ පුතුන් නොමැති සොවින් පසුවන මවුවරුන්ට ඈ ශක්‌තිය ධෛර්යය ලබා දුන්නාය.

"පුතු නැතිවීම මවකට දැනෙන්නේ තමන් නැතිවූවාය යන හැඟීමකි. දුක හා බර උසුලන්නී කාන්තාවය. දරා ගැනීමේ ශක්‌තිය ඇත්තේද ඇයටමය".

මේ එදා මනෝරාණි සරවනමුත්තු දහසක්‌ මවුවරුන්ට දුන් උපදෙස්‌ය. ඈ බර දැරුවාය. පුතු නැති වීමේ දුක දරාගැනීමේ ශක්‌තියක්‌ ලබා ගත්තාය. මිය යන තුරුම ඕ යුක්‌තිය හා සාධාරණත්වය උදෙසා හඬ අවදි කළාය.

තම දරුවන් අතුරුදන්වීමේ දුක අද ද මවුවරු විඳිති. මේ අත්දැකීම හෙට දවසේද මවුවරුන්ට අත්විඳින්නට නොලැබෙනු ඇතැයි සහතිකයක්‌ දිය හැකිද... නැත. එය සහතික නැත. එනිසා එදා මනෝරාණි සරවනමුත්තු, රිචඩ් ද සොයිසාගේ මව හෙට දවසේද අපේ මවුවරුන්ට ශක්‌තියක්‌ වනු ඇත.

දොස්‌තර මනෝරාණි සරවනමුත්තුගේ කතාව අනාගතයටද පොදුය. ඒ කතාව සිනමාවට නැගෙන්නේ එවන් මවුවරුන්ට ශක්‌තියක්‌ ලබා දෙනු පිණිස නම්... එය කොතරම් වැදගත් වනු ඇත්ද.

'They Dance Alone'  චිත්‍රපටයට තබා ඇති නම එදා සුද්දිලාගේ කතාව, අයෝමා, සිරිමැදුර සිනමාවට ගෙන ආ චිත්‍රපට නිෂ්පාදකයා බන්දුල ගුණවර්න (අද අධ්‍යාපන ඇමැති) මනෝරාණි සරවනමුත්තුගේ කතාව නිෂ්පාදනය කරයි. ඔහු වසර දහනවයකට පසු චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කරමින් යළි සිනමා කර්මාන්තයට පිවිසීම පුදුමයකි. සතුටකි.

නිලේන්ද්‍ර දේශප්‍රිය චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයාය. සිය ප්‍රථම චිත්‍රපටය තන්හා රතී රඟා තිරගත වීමට මත්තෙන් දෙවැනි චිත්‍රපටය ලෙස මෙවන් කතාවක්‌ තෝරා ගැනීම ප්‍රශංසනීයය.

බන්දුල ගුණවර්ධන නිපදවූ සුද්දිලාගේ කතාව, අයෝමා චිත්‍රපටවල ප්‍රධාන චරිතය රඟපෑ ස්‌වර්ණා මල්ලවආරච්චි වසර ගණනාවකට පසු යළි රංගනයට එක්‌වන්නීය. ඒ මනෝරාණි සරවනමුත්තු චරිතය සමගිනි. ස්‌වර්ණා මීට පෙර සුළු චරිතයක්‌ රඟපෑවාය. ඒ ද නිලේන්ද්‍රගේ තන්හා රතී රඟා චිත්‍රපටයේය.

'They Dance Alone' සංගීතය ගයාත්‍රි කේමදාස සහ අනූපා කේමදාසය. ඔවුන් ප්‍රවීණ සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන්ගේ දියණියන ටගමුවය.

'They Dance Alone' සුබ මුහුර්ථියෙන් පසුගියදා වැඩකටයුතු අරැඹිණි. රූගත කිරීම් සැප්තැම්බරයේදී ඇරැඹේ. සෙසු රංගන ශිල්පීන් මෙතෙක්‌ අවසන් වශයෙන් තෝරාගෙන නැත.

එදා බන්දුල ගුණවර්ධන නිපදවූ සිරිමැදුරේ සහාය අධ්‍යක්‍ෂවරයා වූයේද නිලේන්ද්‍ර දේශප්‍රියයි. නිලේන්ද්‍ර සිය දෙවැනි චිත්‍රපටය පිළිබඳ කතා කළේය.

මම මේ චිත්‍රපටයේ පිටපත ලියුවේ 1997 දී මනෝරාණි සරවනමුත්තු මහත්මිය ජීවත්ව ඉන්නා කාලයේදී මම එදා ලියුවේ ඉංග්‍රීසියෙන්. දැන් මේ පිටපත යළි සිංහලෙන් ලියනවා. එදා ජෝ සෙනෙවිරත්න සමඟ මේ පිටපත ලියූ මා අද නාමල් ජයසිංහ සමඟ පිටපත ලියනවා. රිචඩ් ද සොයිසාට වඩා මනෝරාණි කියන්නේ කවුද යන පණිවුඩය සමාජය වෙත ගෙන යා යුතුයි. අපේ ජනසමාජය වසාගෙන තිබෙන භීෂණය කිසිම කෙනෙක්‌ නිර්මාණයක්‌ ඔස්‌සේ පුළුල්ව සාකච්ඡා කර නෑ. මතුපිට විතරයි අතපත ගා තිබෙන්නේ. අප මේ අත්දැකීම්වල පාර්ශ්වකරුවන් වූවා හැරෙන්නට ඒ පිළිබඳ කලා නිර්මාණයක්‌ ගැන හිතන්නේ නෑ. ඒ නිසා තමයි මම 1997 දී මෙය කරන්න ලෑස්‌ති වුණේ. චිත්‍රපටයකට අවශ්‍ය ප්‍රබල අනුභූතින් මේ මනෝරාණි සරවනමුත්තු චරිතය තුළ තිබුණා. රිචඩ්ගේ චරිතය පමණක්‌ නොවේ ඔහු නියෝජනය කළ පරපුරේ අතුරුදන් වූ සියලු දෙනාගේ චරිත මේ තුළ තිබේ. ජීවත්වූ පුද්ගලයාට වඩා ජීවිතය අහිමිවූවන් ගැන තමයි මෙහි කතා කරන්නේ. යෑයි නිලේන්ද්‍ර දේශප්‍රිය කීවේය.

අජිත් අලහකෝන්



1 comment: Leave Your Comments

  1. Meka nishpadanaya karanne Bandula Gunawardane. Issara chithrapata walata eyata thibba bhoomikawa ada ne. Mea chithrapatayata rajya anugrahaya nomadawa lebewi. Ee anugrahaya jathika methiwaranayak asannaye behewin labenna thibena sambawithawath wedi. Palakayan mea chithrapataya pera aanduwala kriya wiwechanaya kara janathawata kaa weddimatath, thamange palana kaalaya thula siduwu siduweem wasa thathwaya matasilitu kirimatath mea chithrapataya pawichchi karanawanan ekata mama wiruddai. Eweni dekata Manorani mahathmiya surakemakata lak weemata nodena tharamata ethumiyage aathmayata senasili dayakai.

    ReplyDelete

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive