facebook like

එජාප මන්ත්‍රී කණ්ඩායමට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේදී බාධා එල්ල වූ අයුරු (Video)

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද සපුගස්කන්ද තෙල් පිරිපහදු අංගනය නීරික්ෂණය කිරීමට දැරූ උත්සාහය අසාර්ථක වූහ.

ඊට හේතුව වූයේ තෙල් පිරිපහදුව අවට රැස්ව සිටි පිරිසක් මන්ත්‍රීවරුන්ට විරෝධය පළ කිරීමයි.

අද පස්වරුවේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු සපුගස්කන්ද තෙල් පිරිපහදුව නිරීක්ෂනය කිරීමට පැමිණියේ පෞද්ගලික බස් රථයකින් ය.

එම අවස්ථාව වනවිට එහි රැස්ව සිටි වෘත්තිය සිමිති නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මන්ත්‍රීවරුන්ට විරෝධය පළ කළහ.

තෙල් පිරිපහදුවට ඇතුළුවීමට අවස්ථා කිහිපයකදී මන්ත්‍රීවරු පිරිස උත්සහ කළ ද එය සාර්ථක නොවීය.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා
මොකක්ද මේ කරන්න හදන්නේ අපේ ප්‍රජාතන්ත්‍රවාදය…මොකක්ද හන්ඟන්න තියෙන්නේ හරි ඉතින් මෙතෙන ඉතාමත්ම පැහැදිලියි මේ මැරයෝ කණ්ඩායම  ගෙනල්ලා , මෙතෙන පොලිසිය මැරයෝ එක්ක එකතු වෙලා අපිට මේ යන්න දෙන්න තියෙන . මෙන්න මේක නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදය
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණනායක මහතා

අද රුපියල් 86ට මේ රටේ තෙල් ආනයනය කරන්න පුළුවන් රටට . මේ පිරිපහදුවේ ඊට වැඩිය හුඟක් අඩුවට විකුණන්න , නිෂ්පාදනය කරන්න පුළුවන් .මේ නිෂ්පාදනය කරන මේ තියෙන මිල ඇයි 162කට විකුණන්නේ .අපි මේවා ප්‍රශ්ණ කරනකොට තමයි මෙතෙන ඇවිල්ලා මේ සේවක පිරිස නෙමෙයි , මේ ජනතාව සූරා කන පිරිසක් . නැත්තන් 162කට විකුණනන්න තියෙන මල අද රුපියල් 86ට විකුණන්න පුළුවන්අඩු නොකිරීම තමයි මේ තියෙන ප්‍රශ්නය
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ වරප්‍රසාද කඩ කරන්න කාටවත් අයිතියක් නෑ. ඒ ක්‍රියාවෙන් අපි පසුබට වෙන්නේ නෑ අපි ඒක ඉදිරියට ගෙනියනවා  ගෙනියවාමයි
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා

මේකෙන් පේන්නේ මේක ඇත්තටම අක්‍රමිකතා වෙලා තියෙනවා එක එක දූෂණ වංචා වෙලා තියෙනවා මේක ඇතුලේ . මේක වහගන්න තමයි මේ ආණ්ඩුව අද මේ සැලසුම් කරගෙන  අපිට යන්නේ නැතුව ..මේ කණ්ඩායමක් යොදවලා හූ කියලා බොන්න දීලා කොළොන්නාවෙනුත් බස් දෙකක් විතර ගෙනල්ලා මිනිස්සු පුරවලා තියෙනවා මෙතන . අද ආයතන වහලා
විරෝධය පළ කළ පිරිස අවධාරණය කළේ, මන්ත්‍රීවරුන්ට පිරිපහදුවට ඇතුළු වීමට ඉඩ දිය නොහැකි බව ය.

ශ්‍රී ලංකා නිදහස්  සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන්කුමාර මහතා

මේ කාලෙන් කා‍ලෙට මේ එක්සත් ජාතික පක්ෂය මේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කෑලි කෑලිවලයට කැඩුවා . අපි පැහැදිලිව අද දවසේ මේ විදිහට විරෝධතාවය දැකුවූවේ 2003 අවුරුද්දේ එක්සත් ජාතික පක්ෂය ඔය කියන කණ්ඩායමෙත් ආපු කට්ටිය හිටියා . ඒ කට්ටිය ලංකා ඛණිජ තෙල් සංස්ථාව කෑලි වලට කඩලා විකුණනවා.මේ මන්ත්‍රී කණ්ඩායමටම සදාචාරාත්මකව අයිතියක් නෑ මේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගැන කතා කරන්න මේකට යම් කිසි හානියක් වෙනවනම් ශ්‍රී ලංකා නිදහස්  සේවක සංගමය  විදිහට ඕනම අභියෝගයක් භාර ගන් සූදානම් කියන එක මං කියන්න කැමතියි.
දිගින් දිගටම එල්ල වූ විරෝධය හමුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිස එම ස්ථානයෙන් පිටත්ව ගියහ.

පසුගිය අප්‍රේල් 17 වන දා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපළ නිරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේ ද මෙවැනිම විරෝධයක් එල්ල වූහ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive