පුද්ගලයින් 295 දෙනෙකු රැගත් මලයාසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 17 දරන ගුවන් යානය නැගෙනහිර යුක්රේනයේ රුසියානු දේශ සීමාව ආසන්නයේදී අනතුරට ලක්ව කඩා වැටී තිබෙනවා. බෝයින් 777 වර්ගයට අයත් මගී ගුවන් යානයක් වන මෙය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ඇම්ස්ටර්ඩෑම් සිට ක්වාලාලම්පූර් දක්වා ගමන් කරමින් සිටියදීයි. මැලේසියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් යුක්රේන ගුවන් සීමාවේදී අද රාත්රියේ කඩා වැටී ඇති බව රෝයිටර් පුවත් සේවය වාර්තා කළේය.
එහි සිටි මගීන් ගණන 295ක් බව බීබීසී පුවත් සේවය පවසයි.
විදෙස් වාර්තා පවසන ආකාරයට මගීන් 295 දෙනාම මියගොස් තිබේ.
කිසියම් ප්රහාරයක් හේතුවෙන් මෙම ගුවන් යානය කඩා වැටී ඇති බවට ද සැක කෙරෙන බව ද විදෙස් වාර්තා පවසයි.
නෙදර්ලන්තයේ, ඇමස්ටර්ඩෑම් නගරයේ සිට මැලේසියාවේ ක්ලාලාම්පූර් දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ MH17 වර්ගයට අයත් ගුවන් යානයක් මෙලෙස කඩා වැටී තිබේ.

0 comments:
Post a Comment