facebook like

මගේ සහෝදරයාට මම දුන් පොරොන්දුව ඉටු කළා – කුරාම් ෂේක්ගේ සහෝදරයා නඩු තීන්දුවෙන් පසු කියයි (Video)

වසර දෙකහමාරක් පුරා පැවති කුරාම් ෂෙයික් ඝාතන නඩුවේ වරදකරුවන් වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ මහතා ඇතුළු හතරදෙනෙකුට අද  බරපතල වැඩ සහිත වසර විස්සක සිර දඩුවම් අද නියම කෙරිණ.

මෙහි  තීන්දුව ප්‍රකාශ කළේ කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම මහත්මියයි.

එහිදී රුපියල් විසි දහස බැගින් දඩයක් සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වු වන්දි මුදලක් ද ගෙවන ලෙස නියෝග කෙරිණ.

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂේක් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය වූ රුසියානු ජාතික වික්ටෝරියා ඇලෙක්ස්සැන්ඩ්‍රොව්නා දූෂණය කළ බවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ මහතා ඇතුළු 6 දෙනෙකුට චෝදනා 17 ක් එල්ල වී තිබුණි.
තීන්දුව ප්‍රකාශ කෙරුණේ චෝදනා 17 ක් සම්බන්ධයෙන් පැවති  නඩු වාර 33 ක් අවසානයේදී ය.

සාවද්‍ය මනුස්‍ය ඝාතන චෝදනාවට ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු මුල් විත්තිකරුවන් සිව් දෙනාට වසර විස්සක බරපතල සිර දඬුවම් නියම කෙරිණ.

ඊට අමතරව කුරාම් ෂෙයික්ගේ පෙම්වතිය සමූහ ලෙස දූ ෂණය කිරීමේ වරදටද ඔවුන් සිව් දෙනාට වසර විස්ස බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඩුවමක්ද වික්ටෝරියා ඝාතනය කිරීමට තැත් කිරීම වෙනුවෙන්  වසර 14 ක්ද අයුතු ජන රාශියට මාස 6 ක්ද  රයන්

අකලංක නැමැත්තාට පහරදීම සම්බන්ධයෙන් වසර හතරෙන් ද  සිරදඬුම් ද  නියම කෙරුණේ එකවර ගෙවී යන ලෙස ය.

ලහිරු කැළුම්, සමන් දේශප්‍රිය, සම්පත් විදානපතිරණ හා ප්‍රනීත් චතුරංග යන සිව්දෙනාට  මෙම දඩුවම් නියම කෙරිණ.

මොහොට්ටිගේ සරත් සහ චානුක චතුරංග යන විත්තිකාරුවන් දෙදෙනා නිදොස්කොට නිදහස් කෙරුණේ  සාක්ෂි නොමැතිකමින් ය .

නඩු තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර මහාධිකරණ විනිසුරු රෝහිණි වල්ගම මහත්මිය විවෘත අධිකරණයේ විශේෂ ප්‍රකාශයක් කළා ය.

ඇය පැවසුවේ එම නඩු විභාගය ආරම්භයේදීම විවිධ මත පල වූ බව ය.

මෙම නඩු විභාගය පැමිණිල්ලට රාජකාරියක් වුවත්, විත්තියට වගකීමක් වුවත් තමා එය දේව කාර්යයක් ලෙස සලකා සාධාරණය ඉටුකිරීමට කටයුතු කළ බව වල්ගම විනිසුරුවරිය සඳහන් කළා ය.

එමෙන්ම, මෙම තීන්දුවට අභියාචනයක්  හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නේ නම් තම හෘද සාක්ෂියට අනුව කටයුතු කරන ලෙස ද විනිසුරුවරිය විත්ති පාර්ශ්වයෙන් ඉල්ලා සිටියා ය.

නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස් නෝරා ඩේවීස් මහත්මිය මෙසේ පැවසුවාය.

කුරාම් ෂේක් ඝාතකයින්ට දුන් තීන්දුව හා දඩුවම අපි පිළිගන්නවා. යුක්තිය සඳහා දීර්ඝ හා අපහසු සටනක යෙදුණු ඔහුගේ ඥාතීන්ට සහ මිතුරන්ට මෙය යම් අස්වැසිල්ලක් වේ යැයි අපි අපේක්ෂා කරනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෘත්තිකයින් වශයෙන් හා සුපිළිපන්නව ක්‍රියාත්මක වි තිබෙනවා. ඒ සඳහා අපි ස්තුතිවන්ත වෙනවා. අපි අඛණ්ඩව මෙම නඩුව අධීක්ෂණය කරනවා.
කුරාම් ෂේක්ගේ සහෝදරයා වන නසර් ෂේක් මහතා එහිදී මෙසේ පැවසීය.

මගේ සහෝදරයාගේ ඝාතකයින්ට දඩුවම් දී ඔවුන් දැන් දීර්ඝ කාලයකට සිරගත කර තිබෙනවා. අපේ ව්‍යාපාරයේ අරමුණ වුයේ යුක්තිය ඉටුකර ගැනීම පමණක් නොවෙයි. මගේ ‍සහෝදරයා ලෝකය පුරා කළ විශිෂ්ඨ සේවය පිළිබඳව දැනුවත් කිරීම. මේ නඩු විභාගයේදි ධෛර්යමත්ව සාක්ෂි දුන් පුද්ගලයින්ද ඇගයීම වැදගත්. අද සකේතමත් මොහොතක්. රටක් යුක්තිය ඉෂ්ට කර දුන් දවසක්. මගේ සහෝදරයාට මම දුන් පොරොන්දුව ඉටු කළ දවසක්.
පස්වන විත්තිකරුගේ නීතිඥ යූ.ආර්.ඩී. සිල්වා මහතා මෙසේ පැවසීය.

අපට සිදුවෙනවා මේ නඩුවේ තීන්දුවට හේතු  තිබේද කියා සලකා බලන්න. ඒ තීන්දුවට හේතු අපිට විවෘත අධිකරණයේදි දැනගන්න නොලැබුණු නිසා අපි ඒ පිලිබඳව සොයා බලා ඉදිරි දින කිහිපය තුළදි මේ සම්බන්ධයෙන් එකේ සිට හතර දක්වා වන විත්තිකරුවන්ට අදාළව ඒ නිතිඥ මහත්තුරුන් ඔවුන් විසින් පිලියල කරන ලද අභියාචනා දින 14 ක් ඇතුළත දි ගොනු කිරීමට කටයුතු කරනවා.
තීන්දුව ලබාදීමෙන් අනතුරුව තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ මහතා වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගියේ දැඩි රැකවල් මධ්‍යයේයි.

තංගල්ල සංචාරක හෝටලයක ඇතිවූ ගැටුමකින් බ්‍රිතාන්‍ය ජාතිකයෙක කුරාම් ෂෙයික් ඝාතනය කෙරුණේ 2011 වසරේ දෙසැම්බර් 24 වන දා ය.

එහිදි බරපතල තුවාල ලැබූ ඔහුගේ පෙම්වතිය වන වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රොවිනා ‍රෝහල්ගත කෙරිණ.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුණේ ඉන් දින දෙකකට පසුවයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive