තමන් වෙත පැවරී ඇති රාජකාරිය දේවකාරියක් ලෙසින් ඉටු කිරීමට බැඳී සිටින බව කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඊයේ (18දා) විවෘත අධිකරණය හමුවේ සඳහන් කළාය. තංගල්ල " ද නේචර්" හෝටලයේදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කිරීම හා ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වූ
වික්‌ටෝරියා ඇලෙක්‌සැන්දෝවා සමුහ ලෙසින් දූෂණය කිරීම සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර අධිකරණය අමතමින් එසේ කියා සිටි විනිසුරුවරිය මෙම නඩු තීන්දුවද එම දේව කාර්යයේ දේව තීන්දුවක් ලෙසින් කිසිදු බාහිර බැඳීමකට යටත් නොවී හෘදය සාක්‌කියට එකඟව ලබා දෙන්නක් බවද අවධාරණය කළාය.
නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර විනිසුරු වල්ගම මහත්මිය මෙසේ කියා සිටියාය.
දැන් ඉතිරි වෙලා ඇත්තේ මේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමයි. ඊට කලින් නඩු විභාගයට අදාළව යමක් කීමට අදහස් කරනවා.
මගේ ඉදිරියේ විභාග වූ මෙම නඩුව ගැන එහි අවසානය ගැන මාධ්‍ය මගින් විවිධ අදහස් පළ කරමින් ප්‍රචාරය කරනු ලැබූවා. එම කිසිදු ප්‍රචාරයකට මගේ බැඳීමක් ඇත්තේ නෑ. විත්තිකරුවන්ට හා දෙපාර්ශවයේ නීතිඥවරුන්ට වඩා මෙම නඩු විභාගයේදී මට දැඩි අපහසුවක් විඳින්නට සිදු වුණා.
කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු වූ පසු මාස 3 1/2 ක් වැනි කෙටි කාලයකින් විභාගයක් පවත්වා තීන්දුවක් දෙන්න හැකි වුණා. එය විශේෂ කරුණක්. නඩු විභාගයට මගේ මුළු කාලයම කැප කරනු ලැබුවා. ඒ සඳහා රජයේ නීතිඥවරුන්, විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් හා අධිකරණ කාර්ය මණ්‌ඩලය විශාල සහයෝගයක් ලබා දෙනු ලැබුවා. ඒ අයට මගේ ස්‌තූතිය පුද කරනවා.
තව කිව යුතු කරුණක් තියෙනවා. පැමිණිල්ල මෙහෙයවන රජයේ නීතිඥ මහත්ම මහත්මීන්ට මෙය රාජකාරියක්. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මහත්ම මහත්මීන්ට දැවැන්ත රාජකාරියක්. ඒ වගේම තමයි මම කරන්නේ රාජකාරියක් වූවත් එය දේවකාරියක් ලෙසින් ඉටු කිරීමට මම බැඳිලා ඉන්නවා. මේ නඩු තීන්දුවත් එම දේවකාරියේ දේව තීන්දුවක් ලෙසින් හැඳින් විය හැකියි.
නඩු විභාගයේ තීන්දුව හෘදය සාක්‍ෂියට එකඟව ලබා දෙන්නක්. වැරදිකරුවන් වන විත්තිකරුවන්ට ඔවුන්ට නියම වන දඬුවමට එරෙහිව ඉහළ අධිකරණ වෙත අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒත් ඔබලාගේ ආධ්‍යාත්මයට හා හෘදයටත් තට්‌ටු කර බලන්න කළ වැරැද්ද ගැන.
අධිකරණය ඇමතීමෙන් අනතුරුව විනිසුරුවරිය නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබූවාය.

0 comments:
Post a Comment