facebook like

කුඩු මාෆියාව ආණ්ඩුව කුඩු කරයිද?

මැරෙන දවස ගැන අනාවැකි කිව්වත් ආණ්ඩු වැටෙන දවස ගැන නම් අනාවැකි කියන්න බැරිය. මොකද අද යස අගේට තියෙන ආණ්ඩුව හෙට කඩාගෙන වැටෙන්න පුළුවන්ය. එහෙම ආණ්ඩු වැටුණු හැටි ගැන උදාහරණ ඕනෑ තරම් ඉතිහාසයෙන් දෙන්න පුළුවන්ය. වැඩි අෑතකට යන්න ඕනෑ නැත. 2000දී පත්වෙච්ච චන්ද්‍රිකා ආණ්ඩුව 2001දී කඩාගෙන වැටුණේය. 2001දී පත්වෙච්ච රනිල්ගේ ආණ්ඩුව 2004දී කඩාගෙන වැටුණේය.

චන්ද්‍රිකා ආණ්ඩුව 2001දී කඩන් වැටුණේ ඇතුළේ කුමන්ත්‍රණයක් නිසාය. එස්.බී.ලා බන්දුලලා චන්ද්‍රිකාට කොකා පෙන්නලා රනිල් එක්ක එකතු වුණ නිසා 2001දී පොදු පෙරමුණු ආණ්ඩුව කඩන් වැටුණේය.
චන්ද්‍රිකා තමන්ගේ විධායක බලතල උපයෝගී කරගෙන ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වෙලා රනිල්ට කොකා පෙන්නපු නිසා 2004දී රනිල්ගේ ආණ්ඩුව කඩන් වැටුණේය.


මේ කොයි විදියට ආණ්ඩු කඩන් වැටුණත් ඊට පස්සේ තිබ්බ මහ මැතිවරණයේදී පත්කරන අලුත් ආණ්ඩුව මොකක්ද කියලා තීරණය කරන්නේ ජනතාවය. ජනතාව ඒ තීරණය ගන්නේ එක එක දේවල් ගැන හිතලාය. ජනතාව 2001දී පොදු පෙරමුණ පැරැද්දුවේ චන්ද්‍රිකාගේ දූෂිත පාලනය නිසාය. ජනතාව 2004දී එක්සත් ජාතික පක්‍ෂය පැරැද්දුවේ කොටින් එක්ක මඟුල් කන්න ගිය නිසාය.
ඉතින් එහෙම බලනකොට හොරුන් එක්ක මඟුල් කන්න ගිය චන්ද්‍රිකාගේ ආණ්ඩුව වාගේම කොටින් එක්ක මඟුල් කන්න ගිය රනිල්ගේ ආණ්ඩුවත් ගෙදර යවන්න මේ රටේ ජනතාව කටයුතු කරලා තිබේ.


'එහෙනම් ඉතින් මේ ආණ්ඩුවත් ගෙදර යවන එක ජනතාවට මහ ලොකු දෙයක් නෙවෙයිනේ.'
2001දී චන්ද්‍රිකාගේ ආණ්ඩුවත් 2004දී රනිල්ගේ ආණ්ඩුවත් ගෙදර ගිය හැටි දැකපු කෙනකුට එහෙම හිතන්න පුළුවන්ය. එහෙම හිතුණොත් ඒකේ පුදුමයකුත් නැත.
'ඒත් ඉතින් මේ ආණ්ඩුව ගෙදර යවන්න ජනතාවට තියෙන හේතුව මොකද්ද?'
බියගමින් ජංගම කුඩු ගබඩාවක් අල්ලයි.


-ජුනි 12 'මව්බිම'
කෝටි එකහමාරක කුඩුත් එක්ක අල්ලපු කුඩු රජා රාගමින් පනී.
-ජුනි 30 'මව්බිම'
ලක්‍ෂ පහමාරක කුඩුත් සමඟ සරසවි සිසුවෙක් දැලේ.
-ජූලි 6 'මව්බිම'
පොල්පිතිගමදී කුඩුත් එක්ක මොන්ටේරෝවක් අල්ලයි.
-ජූලි 14 'මව්බිම'
දෙහිවලදී කෝටි 6ක කුඩු සමඟ හයදෙනකු අල්ලයි.
-ජූලි 16 'මව්බිම'

හොරු නිසා වැටුණු, කොටි නිසා වැටුණු ආණ්ඩුවල ලැයිස්තුවට අලුතින්ම එක් වෙන්නේ කුඩු නිසා වැටෙන ආණ්ඩුවක්ද කියලා දැන්මම කියන්න බැරිය. ඒත් කුඩු නිසා ආණ්ඩුවක් නොවැටෙයි කියලා කියන්නත් බැරිය. මොකද ජනතා විරෝධය ආණ්ඩුව කෙරෙහි එල්ල වෙන්න හොරු, කොටි වාගේම කුඩුත් ප්‍රබල සාධකයක් වෙන්න පුළුවන්ය. කොටි ප්‍රශ්නයේදී රනිල් කොටින්ව හුරතල් කළා වාගේ හොරු ප්‍රශ්නයේදී චන්ද්‍රිකා හොරුන්ව හුරතල් කළා වාගේ කුඩු ප්‍රශ්නයේදී ආණ්ඩුව කුඩ්ඩන්ව හුරතල් කරනවා යන හැඟීම ජනතාවට ඇතිවෙමින් තිබේ.


රටේ දෙවැනි පුරවැසියා වන අගමැතිවරයාටද පහුගිය කාලයේදී කුඩු චෝදනා එල්ල විය. කුඩු තොගයක් මුදාගන්න ලියුමක් දුන්නා කියලා බරපතළ චෝදනාවක් එල්ල විය. නොදැනුවත්ව තමන් කිසියම් ලියුමක් කිසියම් පුද්ගලයකුට නිකුත් කළා කියලා අගමැතිවරයා කිව්වේය. අගමැතිවරයාගේ මේ ගනුදෙනුවට එරෙහිව මහා සංඝරත්නයත් ජාතික හෙළ උරුමයත් යුද ප්‍රකාශ කළේය. ඒත් ආණ්ඩුව අගමැතිවරයා සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. අගමැතිවරයා මේ කුඩු සිද්ධියට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ දැයි අපි නොදනිමු. එහෙත් අගමැතිවරයා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් හෝ වෙන කිසිවක් නොකළ බව නම් අපි හොඳින්ම දනිමු. අගමැතිවරයාට වෙච්ච දේ රනිල්ට වුණා නම් එහෙම නැත්නම් සජිත්ට වුණා නම් ආණ්ඩුව මේ වන විටත් රනිල්වත් සජිත්වත් උල තියලා ඉවරය. හැබැයි මේ සිද්ධියට සම්බන්ධ අගමැති නිසා ආණ්ඩුව සද්දේ වහලා පැත්තකට වෙලා හිටියේය.


ඒ සිද්ධියෙන් පස්සේ ආපහු කුඩු කතා එළියට ආවේ කඩිගුල ඇවිස්සුණා වාගේය. ආණ්ඩුව කුඩු තොග ගණන් ඇල්ලුවේය. කුඩ්ඩන්වද ඇල්ලුවේය. හැබැයි අල්ලපු ලොකු කුඩ්ඩෝ ඇල්ලුවාට පස්සේ පැනලා ගියෝය. පැනලා ගිය මහ කුඩ්ඩන් අල්ලා ගන්න ආණ්ඩුවට තවම බැරිවෙලා තිබේ.
ලෝකයේ දරුණුම ත්‍රස්තවාදියා වූ බින්ලාඩන්වත් දෙවැනි තැනට ඇද දැමූ ප්‍රභාකරන්ව මරා දමන්න ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවලට පුළුවන් වුණා නම් පැනලා ගිය කුඩ්ඩන් අල්ලා ගන්න එක ලංකාවේ ආරක්‍ෂක අංශවලට මහලොකු දෙයක් වෙන්න බැරිය. ඇමෙරිකාව බින්ලාඩන්ව මරාදාන්න කලින් ලංකාවට ප්‍රභාකරන්ව මරා දාන්න පුළුවන් වුණා නම් කුඩ්ඩන් අල්ලන්න බැහැ කියන එක ඇනස්ලිලාගේ, සැමුවෙල්ලාගේ, බර්ටිලාගේ විහිළුවලටත් වඩා ලොකු විහිළුවකි.
මේ කුඩ්ඩන් අල්ලන්න බැරි ඔවුන් දේශපාලකයන්ගේ ගෙවල් අස්සේ හැංගිලා ඉන්න නිසාය. පහුගිය දවසක හිරුණිකා කිව්වේ කොළොන්නාවේ කෙල්ලකුට කසාදයක් කරගන්න එකත් දැන් හරි අමාරු වැඩක් කියලාය. මොකද ගම කොළොන්නාව කිව්වාම ඒ කෙල්ලන්ව කසාද බඳින්න කොල්ලෝ අකැමැති වෙති. හේතුව කුඩු රාජධානියකින් කසාදයක් කර ගැනීම තමන්ගේ පවුලට අවනම්බුවක් වීමය.


'කොළොන්නාවේ කෙල්ලෙක්ට කසාදයක් බැඳ ගන්න බැරි වෙන තරමට කොළොන්නාවේ කුඩු වපුරන දේශපාලකයා කවුද?'
කවුරුත් දන්නා පරිදි ඒ පුද්ගලයා කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකි. ජනතා මනාපයෙන් දියවන්නාව තරණය කළ අයෙකි. ආණ්ඩු පක්‍ෂයේ කෙනකුද විපක්‍ෂයේ කෙනකුද කියලා ඇහුවොත් කියන්න තියෙන්නේ විපක්‍ෂයේ කෙනකුට නම් ඒ තරම් ලොකු බලයක් තියෙන්න බැහැ කියලාය. ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ කෝටි එකහමාරක කුඩුත් සමඟ ඇල්ලූ, පසුව රාගමින් පැන්න කුඩු රජා මේ මන්ත්‍රිවරයාගේ නිවෙසේ සැඟවී සිටින බවය. කුඩු රජා පොලිසියට පාපෝච්චාරණයක් කළොත් තමන්ගේ අලගිය, වැලගිය, මුල ගිය තැන් සියල්ල හෙළිවන නිසා මේ දේශපාලකයා රාගමදී පැන්න කුඩු රජාව සඟවා ගෙන සිටියි.


ඉතින් ඔන්න ඔය විදියට ආණ්ඩුව කුඩ්ඩන්ව සහ කුඩ්ඩන්ට උදව් කරන දේශපාලකයන්ව හුරතල් කළොත් ආණ්ඩුවේ වැටිල්ල කුඩ්ඩන් නිසා ඇරඹෙන්න පුළුවන්ය.
කුඩ්ඩන් රකින ආණ්ඩුවක් කියන හංවඩුව ආණ්ඩුවට වැදුණොත් ඒක ආණ්ඩුවේ අනාගතයට හොඳ නැත. කොටි රකින ආණ්ඩුවක් කියලා යූ.ඇන්.පී. එකට වැදුණු ලේබලය ගලවා ගන්න යූ.ඇන්.පී. එකට තවමත් බැරිවෙලා තිබේ. ඉතින් ඒ වාගේ ලේබලයක් සන්ධාන ආණ්ඩුවටත් වැදුණොත් ඒක ගලවාගන්න එක ලේසි නැත. ඉතින් බල්ලන් එකක් නිදා ගත්තාම මැක්කන් එක්ක නැඟිටින්න වෙන බව කලින්ම දැනගෙන බල්ලන් එක්ක නිදා නොගන්න එක සන්ධාන ආණ්ඩුවේ ඇඟට ගුණය. එහෙම නොවුණොත් මිරිස් පොලු, හාල් පොලු නිසා වැටුණු සිරිමාවෝගේ ආණ්ඩුව, මළමිනී නිසා වැටුණු ප්‍රේමදාසගේ ආණ්ඩුව, හොරුන් නිසා වැටුණු චන්ද්‍රිකාගේ ආණ්ඩුව, කොටින් නිසා වැටුණු රනිල්ගේ ආණ්ඩුව අයත් ලැයිස්තුවට කුඩු නිසා වැටුණු ආණ්ඩුවකුත් එකතු නොවෙයි කියලා කියන්න බැරිය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive