වෛද්‍ය වාර්තා අනුව මියගොස් ඇති බවට නිගමනය කෙරුණු 3 හැවිරිදි දැරියක් සිය අවමංගල්‍ය උත්සවය අතරතුර යළි උපත ලැබීමේ පුවතක් පිලිපීනයෙන් වාර්තා වේ.
පීලිපීනයේ ඔරෝරා ප්‍රදේශයෙන් වාර්තා වූ මෙම සිද්ධිය එහි පොලීසිය විසින් The Philippine Star පුවත්පතට තහවුරු කරනු ලැබ තිබේ.
දින කිහිපයක් පුරා අධික උණ තත්ත්වයකින් පෙළෙමින් සිටි එම දැරිය මිය ගොස් ඇති බවට වෛද්‍ය වාර්තා අනුව සනාථ කර තිබිණි.
පසුව අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට පෙර අවසන් වරට ඥාතීන්ට ගෞරව කිරීම සඳහා දැරියගේ මළ සිරුර තබා තිබූ පෙට්ටියෙහි පියන විවෘත කළ අවස්ථාවේ ඇයගේ හිස සෙලවෙනු දැක තිබේ.
කෙසේ වෙතත්, එම දැරිය යළි උපන් සතුට වැඩි වේලාවක් භුක්ති විඳීමට ඥාතීන්ට ඉඩ නොලැබුණු බව ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්වේ.
ඒ, එම දැරිය නොබෝ වේලාවකින් මිය යාම හේතුවෙනි.

0 comments:
Post a Comment