නුගේගොඩ, නාවල පාරේ ව්‍යාජ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් තැන්පත්කරුවන් 2000 කට අධික පිරිසකගෙන් රුපියල් කෝටි 105 කට අධික මුදලක් ලබාගෙන වංචා කරන ලදැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින සක්විති රණසිංහ නමැත්තා සුදුසු ස්ථානයක රඳවා වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙසට නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා බන්ධනාගාර අධිකාරිට නියෝග කළේය.
තවද බන්ධනාගාරය මගින් සැකකරුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් බවට අධිකරණ මනෝ වෛද්‍ය ඒකකයේ අංගොඩ මානසික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් නිකුත් කරන ලද වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
බන්ධනාගාරය මගින් සැකකරු අධිකරණයට ගෙනැවිත් සිර මැදිරියට දැමීමේදී ශබ්ද නඟා කෑගැසීම නිසා මහෙස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියට සැකකරු ඉදිරිපත් කළේය.
සැකකරු වැසිකිළියක් අසල රඳවා සිටින බවත්, ඔහුට මහජන පීඩා යටතේ සිටීමට සිදුවී ඇති බවත් අධිකරණයට ප්‍රකාශ කිරීම නිසා මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරීට ඉහත නියෝගය කළේය.

0 comments:
Post a Comment