නළුවෙක් වෙන්න කොයි තරම් උණක් තිබුණද?
ටිකක් seriously ජීවිතේ ගැන හිතන්න පටන් ගත්තු කාලේ මම වෙන්න ඕනෑ කවුද කියලා හිතද්දි මට ආවේ නළුවෙක් වෙන්න ඕනෑ වගේ හැඟීමක්. ඇත්තටම රංගනය ගැන ලොකු උණකුත් තිබුණා. ඒ හැදිච්ච උණ දිගටම තිබුණා. කිසි වෙනසක් නෑ. තාම තියෙනවා. ඒකේ ප්‍රමාණය කොයි තරම්ද කිව්වොත් අද වෙද්දි මේ ක්ෂේත්රයෙන් මට යමක් ලැබුණා නම් ඒ තිබුණු උණට පින්සිද්ධ වෙන්න තමයි ඉතින්.
02.ඒ උණ හොඳටම හොඳ වුණේ කවද්ද?
ඒ උණ ඉතින් එහෙම හොඳ වෙන උණක් නෙවෙයි. ඒක පිපාසාවක් වගේ. විවිධ විවිධ චරිත සහ විවිධ නිරූපණයන් කරන්න තියෙන ආසාව සමඟනේ ඒක එන්නේ. මං හිතන්නෙ ඒ උණ හොඳ වෙන එකක් නෑ මම මැරෙනකන්ම.
03. Flying Fish වගේ චිත්‍රපටයක රඟපෑවේ ඇයි?
ඒකේ රඟනොපාන්න හේතුවක් තිබුණේ නෑ. චිත්‍රපටයට ආරාධනා කරන මොහොතේ එය නොකර ඉන්න තරම් ප්‍රශ්න තිබුණේ නැහැ. මට ඒ කාලේ පෙම්වතියක් හිටියෙත් නෑ. එහෙම කෙනෙක් හිටියා නම් එයාගේ කැමැත්ත අකැමැත්ත මත එය වෙනස් වෙන්න වුණත් තිබුණා. මොකද මෙහි ලිංගික දර්ශන තිබුණ නිසා. මගේ ගෙදරින් මගේ රඟපෑම්වලට බාධා නැහැ. රංගන විෂය ගැන මම හිතන ප්‍රමාණයත් සමඟ ඒ වගේම නළුවකු තුළ තිබිය යුතු අභියෝග භාර ගැනීමේ නිර්භීතකම වගේ කාරණා සමඟ මට ඒක නොකරන්න හේතුවක් තිබුණේ නැහැ. චිත්‍රපටයේ තිබුණ දේශපාලන කාරණා සමඟත් මම යම් දුරකට එකඟ වුණා. ඒ මොහොතේ මම හිටපු මතයත් සමඟ මම එම චිත්‍රපටය භාර ගත්තා.
04. ඒ මොහොතේ කැමැත්තට කළාට දැන් පසුතැවීමක් නැද්ද?
කරලා ඉවරවුණු කිසිම දෙයක් ගැන මම පසුතැවෙන්නෑ. අයියෝ අපරාදෙ මේක කළේ වගේ දෙකයි පනහේ පසුතැවීම්වලට මට යන්න අවශ්‍යත් නෑ. නමුත් පසුව ඇතිවුණු යම් යම් සිදුවීම් නිසා නම් පසුතැවීමක් තිබෙනවා. මට හතරවැනි තට්ටුවට ගිහින් උත්තර දෙන්න වුණා. එහිදී රංගන ශිල්පියෙක්ගෙන් ඇසිය යුතු නැති ප්‍රශ්න මගෙන් ඇහුවා. කවුද ඇඳුම් දුන්නේ වගේ ඒවා මගෙන් ඇහුවාම එයට උත්තර දීම නළුවකුගේ කාර්ය භාරය නෙවෙයි. නළුවෙක්ට ඇඳුම් දෙන්නේ චිත්‍රපටයේ කලා අධ්යක්ෂවරයා. ඔහුට ඒවා කොහෙන්ද ලැබුණේ කියලා මගෙන් අහලා තේරුමක් නැහැ. එවැනි ප්‍රශ්න මගෙන් අහද්දී මම යම් අපහසුතාවන්ට ලක් වුණා. අධ්යක්ෂවරයා සංජීව පුෂ්පකුමාර සමහර දර්ශනවලදී බොහෝ හැඟීම්බර වුණා. ඒ ඔහුගේ ජීවිතය කියලා. ඔහු එවන් අවස්ථාවල සපථ කරා එම දර්ශන සම්බන්ධයෙන් ඕනෑම වෙලාවක පෙනී සිටිනවා කියලා. නමුත් අපි එම සිදුවීම් නිසා පසුකාලයේදී මෙහේ අපහසුතාවට පත් වෙද්දී ඒවාට මැදිහත් වෙන්න සංජීව ලංකාවෙ හිටියේ නැහැ. මම හිතනවා ඒ මොහොතේ ඔහු ලංකාවට පැමිණිය යුතුව තිබුණා කියලා. දංගෙඩියට බෙල්ල තියන්න හෝ අධ්යක්ෂවරයා ලංකාවට එන්න තිබුණා. නමුත් එය වුණේ නෑ. එවන් සිදුවීම් ගැන පසුතැවෙනවා.
චිත්‍රපටය තිරගතවීමට පෙර සමහර දර්ශන ජනතාව අතට පත්වෙලා තිබුණා. ඒ ගැනත් අපි මුලින් අධ්යක්ෂවරයා සමඟ කතා කළත් ඔහු ඒ වගකීම ඒ මොහොතේ භාර ගත්තත් නොසිතූ විදියට එම දර්ශන තිරගතවීමට පෙර මිනිස්සු බැලූවා. ඒ ගැනත් පසුතැවෙනවා. ඒ වගේ සිදුවීම් නිසා පසුතැවීම් ටිකක් තියෙනවා. නමුත් එම චිත්‍රපටයට දායක වීම ගැන පසුතැවීමක් නැහැ.
05. චිත්‍රපටය සඳහා කොතරම් මුදලක් ගත්තාද?
සාමාන්‍යයෙන් ඒ වගේ චරිතයකට ගත යුතු මුදලට වඩා සෑහෙන අඩු මුදලකට තමයි මම චරිතය භාර ගත්තේ. කෞෂල්‍යා ප්‍රනාන්දු වැනි ජ්‍යෙෂ්ඨ නිළිය පවා එහි රඟපාන්න ගත්තේ සුළු මුදලක්. හැමෝම එහෙමයි. අධ්යක්ෂවරයාට කරන උදව්වක් විදියටයි අපි එහෙම කරේ.
06. චිත්‍රපටයේ ඔබේ පෙම්වතිය ගයේෂා කියලා දැනගත්තාම මොකද හිතුණේ?
සංජීව මේකට නිළියක් සොයමින් ඉන්නකොට ගයේෂාගේ නම මම තමයි යෝජනා කළේ. ඒ වෙද්දි මාත් සමඟ ගයේෂා චරිත කිහිපයක් කරලා තිබුණා.
07. එහි ලිංගික දර්ශන රඟපෑමක් පමණද?
එය හුදෙක්ම රංගනයක් විතරයි. ගොඩාක් අය මගෙන් ඔය ප්‍රශ්නෙ අහනවා. ඒ වෙලාවට මට හරිම ජුගුප්සාවක් දැනෙනවා.
08. එම දර්ශනවලින් පසුව ගයේෂා ගැන වෙන හැඟීමක් ඇති වුණේම නැද්ද?
නෑ. එහෙම ඇති වුණේ නෑ. එම චිත්‍රපටයෙන් පසුව රඟපාන්න මට ඇයට හමුවුණෙත් නැහැ. එය වෘත්තීය මට්ටමින් සිදුවුණු දෙයක් විතරයි.
09. වෘත්තිකයෙක් වුණත් හැඟීම් දැනීම් තියෙන සාමාන්‍ය පිරිමියෙක්නේ නේද? හැඟීම් සම්බන්ධ අරගලයක් තිබුණේ නැද්ද?
ඔව්. හැඟීම් සම්බන්ධ අරගලයක් වුණා මිසක් හැඟීම් උද්දීපනයක් නම් වුණේ නැහැ. CID එකෙනුත් මගෙන් අහපු පළමුවැනි ප්‍රශ්නෙ තමයි මාර chans එක නේද කියලා. ඔවුන්ටත් මම කිව්වා ඔවුනුත් එතැන හිටියා නම් chans එක කොහොමද කියලා බලාගන්න තිබුණා කියලා. මොකද අපි ඒ දර්ශන කරන්නේ කී දෙනෙක් බලාගෙන ඉද්දිද. තනියම නෙවෙයිනේ. රංගනය කියන්නේ එවැනි අපහසු කාර්යයක්. ඒ වගේ වෙලාවට ස්වාභාවික හැඟීම් කුඩු වෙලා යනවා මිසක් හැඟීම් උද්දීපනය වෙන්නේ නැහැ.
10. ගයේෂාගේ පෙම්වතා හසන්ජිත්ව මුණගැහුණාම අපහසුතාවක් දැනුණේ නැද්ද?
නෑ. මට හසන්ජිත්ව අදාළ නැහැ.
11. අවසානයේ චිත්‍රපටය වාරණය වුණා. ඒ ගැන මොනාද හිතෙන්නේ?
ඒක තමයි මට තියෙන ප්‍රශ්නෙත්. චිත්‍රපටය නිසි අයුරින් සිනමා ශාලාවලට ගියා නම් එය බැලීමට කැමැති අය විතරයි එය බලන්න යන්නේ.
අක්ෂරය වේවා, මේ මගේ සඳයි වේවා. Flying fish හෝ වේවා මෙවැනි චිත්‍රපට බලන්නේ එහි අර්ථය තේරෙන යම් සමාජ හා දේශපාලනික දැනුමක් තිබෙන අය පමණයි. මේක අවිධිමත් විදියට කොල්ලයි, බල්ලයි, වෙන මානසික ව්‍යාධි තිබෙන පුද්ගලයන් අතටයි ගිය නිසා තමයි මේ තරම් ගැටලූවක් ඇති වුණේ.
12. චිත්‍රපටය කරද්දි පෙම්වතෙක් නොවුණාට චිත්‍රපටය වාරණය වෙද්දි ඔයා විවාහකයි. බිරියගේ ප්‍රතිචාර කොහොමද?
ප්‍රශ්න ඇතිකරන්න බලන් ඉන්න පිරිසක් ඉන්නවානේ. ඔවුන් යම් වෙලාවට ඇයට මේ ගැන චෝදනාත්මකව කතා කරලා තිබුණා. සමහරු ඇයගෙන් මේ ගැන අහද්දි ඇගේ හිත යම්තාක් දුරට රිදුණා. පොඩි පොඩි වචන හුවමාරු පවා වුණා. සමාජයෙන් ආපු එවැනි බලපෑම් නිසා අපි දෙන්නාම යම් යම් අපහසුතාවන්ට මුහුණ දුන්නා.
13. නැවතත් එවැනි චිත්‍රපටයකට ආරාධනා ලැබුණොත්?
මම ටිකක් හිතයි ඒ ගැන. හිතනවා කියන එකෙන් අදහස් වෙන්නේ නෑ මම එයින් මට්ටු වුණා කියලා. එක වගේම දේවල් වරින් වර කරන්න මම ආසත් නෑ. ඒ වගේම චරිත කරන කෙනෙක් විදියට ලේබල් වෙන්නත් මට වුවමනා නැහැ. මට කලින්ට වඩා දැන් බැඳීම් තිබෙනවා. මම සැමියෙක්. මේ වෙද්දි තාත්තා කෙනෙක්. නමුත් චිත්‍රපටයට උචිත නම් කරන්න පුළුවන් දෙය කතා කරලා මම කරන්න බලනවා. ඒක සාපේක්ෂයි.
14. හැදුණු නරකම කට කතාව මතකද?
ම්ම්ම්ම්.... මං ගැන කට කතා හැදෙන්න තරම් මම තරුවක් නෙවෙයි. කට කතා හැදෙන්නේ මාර hot iy star වලටනේ. මම තරුවක් නෙවෙයි. මට ලෝකෙට බොරුවට මම මාර star මම මාර radical කියලා පෙන්නන්න ඕනත් නෑ. මම හරිම සාමාන්‍ය සරල මනුස්සයෙක්. මගේ ගාව බොරු radical කියලා ඇතුළේ කුහකකම් තියන් ඉන්න කෑලිත් නැහැ.
ඇත්තටම මම ගාව බොරු radical සහ බොරු radical කෑලි නෑ.
15. ඒ කියන්නේ මාර radical කියලා ඇතුළේ කුහකකම් තියන නළුවොත් ඉන්නවාද?
එහෙම මිනිස්සු ඉන්නවානෙ නේද?
16. මම අහන්නේ මිනිස්සු ගැන නෙවෙයි නළුවෝ ගැන
ඔව්. එහෙම අය ඉන්නවා. මම හරි radical මම හරි liberal මම open hearted කියලා. කියන නළුවෝ ඉන්නවා. නමුත් ඇතුළේ තියෙන්නේ සමහරවිට වෙන දෙයක් වෙන්න පුළුවන්.
අපිට රූගත කිරීම්වලට ගියාම විවිධාකාර අය හම්බෙනවානෙ. ඉතින් මට යම් මට්ටමකට මිනිස්සු අඥචඤ කිරීමේ හැකියාවක් තියෙනවානෙ.
17. විවාහ ජීවිතේ සාර්ථකත්වය සියයට කීයද?
ම්ම්ම්ම්... 50% විතර. මෙහෙමයි.
විවාහ වෙන්නේ අදහස් අතින් හැමදේම අතින් වෙනස් දෙන්නෙක්. එහිදී දෙන්නාගේ කැමැති අකැමැති දේවල් සිතන පතන විධි පවා වෙනස් වෙන්න පුළුවන්. යම් එකඟතාවන්වලදී පුංචි නොගැළපීම් ඇති විය හැකියි. චරිත දෙකක්, ශරීර දෙකක්, ඔළු දෙකක්නේ. මේ දේවල් හැකි පමණින් ගළපාගෙන ඉදිරියට යෑමයි වඩාත් වැදගත්.
18. රංගන ශිල්පියෙක් විදියට සාර්ථකත්වය?
ඒක ගැන නම් මට ප්රතිශතයතින් උත්තර දෙන්න අමාරුයි. ඔයා මගෙන් ඕක අහනකන් මම හිතුවෙම නෑ. මම ඉන්නේ කොතැනද කියලා. මට ඕනෑ 100%ටම යන්න.
19. කැපකිරීමේ තරමට ඇගයීම් ලැබුණාද?
තාම නම් නැහැ. සමහර වෙලාවට යම් කලකිරීම් ඇති වෙලා තිබෙනවා. මේ කිසිම දේකින් රංගනයට තියෙන ආසාව, ඇල්ම අඩු වෙන්නේ නැහැ.
20. සම්පත් ජයවීර මට ඔයා එක්ක රැුයක් ගෙවන්න ඕනෑ කියපු නිළියෝ නැද්ද?
අද වෙනකන් කවුරුත් එහෙම කියලා නැහැ.
21. රංගනය ගැන ලබාදීපු හොඳම ප්‍රතිචාරය ලබා දුන්නේ කවුද?
ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සමඟ මම බොහෝ වැඩ කරලා තියෙනවා. ඔහු මගේ රංගනය නිතරම අගය කරනවා. වරදක් තිබ්බොත් කියනවා. ඉතින් ඔහුගේ comments මගේ හිතේ රැුඳිලා තියෙනවා.
22. නළුවෙක් විදියට තම ශරීරයේ කොයි අංගෝපාංගය ගැනද සෑහීමකට පත් නොවෙන්නේ?
මට මීට වඩා ටිකක් වෙනස් විදියේ කොණ්ඩයක් තිබ්බා නම් හොඳයි කියලා හිතෙනවා.
ඒ හැර මගේ කිසිම දෙයක් ගැන මට කිසිම අවුලක් නැහැ. මේක තමා මගේ අච්චුව. මට චරිතාංග පෙනුමක් තියෙනවා. ඉතින් මගේ මේ පෙනුමටනේ මට වැඩ එන්නේ. ඒ නිසා මම අනෙක් හැමදේ ගැනම සෑහීමකට පත්වෙනවා.
23. ළඟම මිතුරෙක් බිරිය සමඟ පෙම් සබඳතාවක් පටන් ගත්තොත්?
කරන්න දෙයක් නෑ. ඒ දෙන්නට කැමැති දෙයක් කරගන්න කියලා මම පැත්තකට වෙනවා.
24.නිවේදිකාවක් බිරිය නොවී නිළියක් බිරිය වුණා නම්?
මම හිතනවා වැඩි වෙනසක් වෙන එකක් නෑ කියලා.
සේරම ගෑනුනේ.
25. උදේ නැඟිටිද්දි බිරිය වෙනුවට ඇඳේ දීපිකා පදුකෝන් හිටියොත්?
මම බලයි ටක් ගාලා මගේ බිරිය රුවනි කොහේද ගියේ කියලා. දීපිකා නතර වෙන්න හැදුවොත් තමයි යුද්ධෙ පටන් ගන්නේ.
26. ආදරය නිසා වේදනාවට පත් වෙලා තියෙනවාද?
ඔව්. සමහර දේවල් ඒ විදියට සිදු නොවුණානම් හොඳයි කියලා හිතෙනවා.
27. සම්පත් අයියට ඇෙඟ් තියෙන වටිනාම දේ අවයවය මොකක්ද?
මට නම් මගේ හදවත.
28. මේ අය ගැන එක වාක්‍යයකින් කියන්න?
රොෂාන් රවීන්ද්‍ර - දක්ෂ නළුවෙක්
බිමල් ජයකොඩි - හොඳ මිතුරෙක් වගේම දක්ෂ නළුවෙක්.
මහේන්ද්‍ර පෙරේරා - රංගනය ගැන මට අදහසක් දීපු මගේ ගුරුවරයා වගේම ලංකාවේ ඉන්න අති දක්ෂම නළුවා.
ජැක්සන් ඇන්තනී - හොඳ ගවේශකයෙක්.
29. දුලානි අනුරාධා, නිරෝෂා තලගල, රුවංගි රත්නායක, පියුමි බොතේජු මේ අයගෙන් සරාගීම පෙනුම තියෙන්නේ කාටද?
රුවංගි රත්නායකට.
30. ඉහත කට්ටියම දක්ෂතාව අනුව පෙළගස්වන්න.
01 නිරෝෂා 02 පියුමි 03 දුලානි 04 රුවංගි
31. සම්පත් අයියගේ පරම්පරාවේ දක්ෂම නළුවා/ නිළිය කවුද?
බිමල් ජයකොඩි නිළියෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් සමාධි ලක්සිරි, අනිත් කෙනා සමනලී ෆොන්සේකා
32. සිනමාවේ ඉදිරි අනාගතයක් පේන දක්ෂ නළුවා/ නිළිය කවුද?
හේමාල් පෙරේරා, නිළියක් ගැන ම්ම්ම් සමාධි ලක්සිරි
33. නිළියන් 04ක් මම දෙනවා.
මේ අයගෙන් එක් කෙනෙක්ව තෝරගෙන චිත්‍රපටයක් කරන්න කිව්වොත් කාවද තෝරගන්නේ?
සමනලි ෆොන්සේකා, ජයනි සේනානායක, දුලානි අනුරාධා, ගයේෂා පෙරේරා
ම්ම්ම්... සමනලිව ගන්නවා.
34. මැරෙන්න මොහොතකට කලින් වරමක් ලැබුණොත් එකම එක ඉල්ලීමකට, මොකක්ද ඉල්ලන්නේ?
එකක් බෑ. දෙකක් දුන්නොත් මම මගේ බිරියවයි, දරුවාවයි ඉල්ලනවා.

0 comments:
Post a Comment