ජුදාස් සිටියේ ඡේසුස් වහන්සේ සමගය. අවසානයේ ජෙසුස් වහන්සේ සතුරාට පාවා දෙනු ලබන්නේද ඒ ජුදාස්‌මය. එකී පාවා දීම හමුවේ ජුදාස්‌ට සිය දිවි නසා ගැනීමට සිදුවූ බව කිතු චරිතයේ කියෑවෙන්නකි.
නමුත් ජුදාස් එදා එසේ දිවි නසාගෙන චුත වී ගියද ජුදාස් පරපුරේ නිමාව ඉන් සිදු නොවීය. ඊට උදාහරණ විටින් විට වත්මන් සමාජයෙන් මතුවීම ම එය තහවුරු කරන්නකි. එහෙත් ගැටලුව වන්නේ පාවා දීම යනු දිවි නසා ගැනීමට සිදු වන තරමේ කරුණක් බව එකී ජුදාස් පරපුරේ වුන් තවමත් වටහාගෙන නොසිටීමය.
ජුදාස් එදා ඡේසුස් වහන්සේ පවා දුන්නේ කාසි මල්ලකටය. නමුත් ඒ පරපුරේ වුන් මෙදා මහා පාවා දීම් සිදු කරනුයේ කාසි පොදියකට පමණක්‌ම නොව, දේශපාලන බල ලෝභීත්වය, ජාත්‍යන්තර කුමන්ත්‍රණ ආදී ලෙසින් එකී, මෙකී, නොකී දහසක් දහදුරාකම් ඉදිරියේ මොවුහු සිය පාවාදීම් සිදු කරමින් සිටින්නාහ.
මේ රට වැනසූ එල්ටීටීඊය ට මහා කරුමයක් වී තිබූ ජාතික බුද්ධි සේවාව සතුරාට පාවා දෙමින් 2002 වසරේ පොලිස් නිල සුනඛ අංශයේ ප්‍රධානියකුව සිටි පොලිස් අධිකාරී උඩුගම්පොළ විසින් සිදු කළ "මිලේනියම් සිටි" පාවා දීම එවන් පාවා දීම් අතරින් අදටත් මෙරට දේශප්‍රේමී ජනතාවගේ සදා මතකයේ රැඳී ඇති සිද්ධියකි.
මෙහිදී සිදුවූ අදටත් රටේ බහුතර ජනතාව නොදන්නා දේ බොහෝය. එකල්හි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය මේ රටේ ජනාධිපතිනිය වූවාය. ඒ අතරේ 2002 මහ මැතිවරණය ප්‍රකාශයට පත් කෙරුණේය. එල්ටීටීඊයට රට පාවා දුන් සාම ගිවිසුමක කසුකුසුවද එසමයෙහි තවත් පසෙකින් තිබිණ.
මෙකල එල්ටීටීඊයට තිබූ එකම හිසරදය බවට මෙරට ජාතික බුද්ධි සේවාව පත්ව තිබුණේ ත්‍රස්‌තවාදීන්ටද අදහාගත නොහැකි ලෙසිනි. ඒ වන විට ජාතික බුද්ධි සේවාවෙහි කඳවුරු කිහිපයක් රටේ තැන් තැන්වල පිහිටා තිබිණි. ඒ රටට ම රහසක් ලෙසින්ය.
එකී බුද්ධි නිලධාරින් පැය විසිහතර පුරා නොව නොනිදා ගෙවන තත්පරයක් පාසා සැදී පැහැදී සිටියේ එල්ටීටීඊයට පිළිතුරක් දෙන්නේ කෙසේද යන්න සිතමිනි. කාලය ගෙවී ගියේය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනපතිනියව සිටියදී පැවති මහ මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා රටේ අගමැති විය.
කතාව ඇරඹෙන්නේ එතැනිනි. බුද්ධි අංශ ඉහත පරිදි ක්‍රියාත්මකව සිටියදී රනිලාගමනයත් සමග සාම ගිවිසුමක කතා දැඩිව පැතිරෙන්නට විය. මේ අතරේ තුට්‌ටු දෙකේ හමුදා නිලධාරියකු එකල සන්නද්ධ බුද්ධි අංශයේ දෙවන පෙළ පුටුවක සිටියේය.
හේ කල්පනා කරයි. අපි වගකීමෙන් කියන්නෙමු. මේ කියෑවෙන්නට යන්නේ ඉතිහාසයේ මෙතෙක් කිසිවෙකුත් නොදැන සිටි මිලේනියම් සිටි පාවා දීමේ කතාවේ යථාර්ථවාදී කොටසය. ජාතික බුද්ධි අංශයේ නිලධාරියකුට රටක් මිස දේශපාලනයක් තිබිය යුතු නොවූවද ඉහත කී බුද්ධි අංශ ප්‍රධානියාට දේශපාලනයක් තිබිණ.
ඒ බලයට පත්ව තිබූ එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවේ දේශපාලනය ය. ඔහුගේ දේශපාලනය එසේ වෙද්දී එකල පැවති එජාප ආණ්‌ඩුව සිටියේ එල්ටීටීඊය හා සටන් විරාම ගිවිසුමක් ඇතිකර ගැනීමේ වෑයමක නිරත වෙමිනි. එකී වෑයම තුළ වූයේ විජාතික බලවේගයන්ට දණ නැමීමේ නපුංසක කමද යන්න අපි නොදනිමු.
එහෙත් සටන් විරාම ගිවිසුම හරවත් යෑයි ජනතාවට හැඟෙන්නට නම් එල්ටීටීඊයෙන් රටට මුදා හරින පීඩනය වැඩි විය යුතුය. පක්‍ෂ දේශපාලනයේ පුරුකක් සේම මුලින් කී ලෙසම තුට්‌ටු දෙකේ නිලධාරියකු වූ බුද්ධි අංශ උප ප්‍රධානියා තව තවත් කල්පනා කළේය.
මේ වන විට සන්නද්ධ බුද්ධි අංශයේ සියල්ලන් සිටියේ මේ මගේ රටය මේ මගේ ජාතිය ය යන්න මෙනෙහි කරමින් එය සතුරාගේ මුදා ගැනීමේ උදාර අරමුණක සිරගතවය. එහෙත් බුද්ධි අංශ උප ප්‍රධානියා සිටියේ මේ මගේ පක්‍ෂය කියන තැන සිරවීය.
අවසානයේ හේ තීරණයක් ගත්තේය. ඔහුගේ තීරණය සමග එකල යුද හමුදා පොලිසියේ සිටි ඉහළම නිලධාරියකු ඇතුළු තවෙකකුද එක් වූහ. කතාව නිර්මාණය කෙරිණි. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා විය.
එල්ටීටීඊයට කුරුමානම් අල්ලමින් මිලේනියම්සිටි හි නිවසක සැඟවී මහා ප්‍රහාරයකට සූදානම්ව උන් බුද්ධි අංශ නිලධාරින් කණ්‌ඩායමක් අගමැතිවරයා ඝාතනයට සහ 2002 මැතිවරණයේදී රට අස්‌ථාවර කිරීමට සැලසුම් කළේ යෑයි කියමින් පොලිස් අත්අඩංගුවට ගැනෙනුයේ මේ කතාව අනුවය.
මෙහි තිර රචනය කළේ එවකට සිටි බුද්ධි අංශ උප ප්‍රධානියා විය. එකී රචනයට අනුව පොලිස් නිල සුනඛ අංශයේ ලොක්‌කෙකු ප්‍රධාන නළුවාගේ චරිතයට පණ දුන්නේය. ඒ මහා පාවා දීම සිදු කෙරුණේ එසේය. එතැන් පටන් සිදුවූ ශෝචනීය දේ බොහෝ විය.
සාමාන්‍යයෙන් බුද්ධි සේවා නිලධාරින් යනු ඕනෑම රටක ජාතික ආරක්‍ෂාව අරබයා සුවිශාල මෙහෙවරක යෙදෙන පිරිසකි. මෙවන් නිලධාරියකු පුහුණු කිරීම යන්නද සුවිශේෂී වූ කාර්යයන් රැසක එකතුවක් යෑයි කිවහොත් එය නිවැරදිය.
යථාර්ථය එය වුවද මෙකී පාවා දීමත් සමග සතුරා ක්‍රියාත්මක වන්නට විය. තමන්ට හිසරදයක් බවට පත්ව සිටියේ කවුරුන්දැයි මින් හඳුනාගත් ප්‍රභාකරන් ඒ සැමෙකෙකුම මරා දමන ලෙස තම සගයනට නියෝග කළේය. එහි අවසානය වූයේ මිලේනියම්සිටි පාවා දීමෙන් පසු උපන් බිමේ රැකවරණය වෙනුවෙන් ජීවිතයම කැප කර සිටි බුද්ධී අංශ නිලධාරින් විසි එක්‌දෙනකුම රටට අහිමි වීමය.
ඒ සමගම ජාතික බුද්ධි සේවය සුන්නද්දූලි වී ගියේය. ඊනියා ජාත්‍යන්තරය හෙවත් විජාතික කුමන්ත්‍රණකරුවන් සේම පුභාකරන් ප්‍රමුඛ එල්ටීටීඊ ත්‍රස්‌තවාදය ඉන් ජය ලැබීය. එසේම අර්ධ ශතකයකට ආසන්න වූ දේශපාලන පරාජයන් සමග එදා ඡේසුස් වහන්සේ පාවා දුන් ජුදාස්‌ට අත්වූ ඉරණම හා සමාන ඉරණමකට අද දවසේ එක්‌සත් ජාතික පක්‍ෂය මුහුණ දී සිටින්නේද මෙකී පාවා දීමේ ප්‍රතිඵලයක් ලෙසින් යෑයි කිවහොත් එහිද දොසක් නැත.
සැබවින්ම එජාපය දේශපාලන වශයෙන් සිය දිවි නසා ගනු ලැබුවේ මෙවන් දේ හමුවේය. එකී මහා පාවා දීම එජාපයට මහා ශාපයක් වූවා වැනිය. එය කවුරු කවුරුත් අවබෝධ කර ගතයුතු වන්නකි. නමුත් සිදු විය යුත්තේ පාඩම් ඉගෙගන ගැනීම වුවද මේ මොහොතේත් සිදු වෙමින් තිබෙන්නේ කුමක්‌ද? ඉතිහාසයේ වරද යළි යළිත් කිරීමය.
එජාපයේ කටකතා බළකායේ අණදෙන නිලධාරි හෙවත් කුරුඳු පොලු මාස්‌ටර් කෙනකු ඉකුත් සතියේ නැවත වරක් මෙරට ජාතික බුද්ධි සේවාවේ උසස්‌ම නිලධාරින් තිදෙනකු පිළිබඳ තොරතුරු ලෝකයට හෙළි කරනු ලැබුවේ සිය දුෂ්ඨ දේශපාලන අරමුණු උදෙසාම නොවේද.
පසුගියදා අලුත්ගම සහ බේරුවල ප්‍රදේශයන්හි ඇවිලී ගිය ගැටුම්කාරී තත්ත්වය එකී හෙළි කිරීමේදී හේ තමන් එසේ කරන්නට වූ නිමිත්ත බව රටට කීය. අදාළ බුද්ධි අංශ ප්‍රධානින් තිදෙනා ජාතිවාදී ගැටුමක් නිර්මාණය කරන්නට කුමන්ත්‍රණය කළ බවටද ඔහු එකී හෙළිදරව්වේදී සඳහන් කළේය.
නමුත් මෙහිදී කිව යුතු යමක් ඇත. ඒ "කෝපි කඩේ" අබිලිං, දයාවතී හෝ ඩිංගි මහත්තයා වැනි චරිතවලට ආරූඪ වී මයික්‍රෙµdaනයක් ඉදිරියට එන කලවං දේශපාලනඥයන් "හනී.. µනී" න්‍යායෙන් කියන ගොන් කතා පිළිගන්නට මේ රටේ ජනතාව ගොන් තඩියන් නොවන බවය.
මෙකී කුරුඳු පොලු මාස්‌ටර් සිදු කළ හෙළිදරව්වෙන් වන එක් දෙයක් නම් ඇත. ඒ රටේ බුද්ධි අංශ ප්‍රධානින් තිදෙනකු පිළිබඳ තොරතුරු අනාවරණය වීම හමුවේ තවදුරටත් ඔවුන්ගේ සේවය රටට ලබා ගැනීමට නොහැකි වීමය. මන්ද බුද්ධි අංශ නිලධාරියකු පිළිබඳ කරුණු අනාවරණය වීම යනු ඔහුට තවදුරටත් කරගෙන ගිය කාර්යයන් සිදු කිරීමට කොහැකි වටපිටාවක් නිරායාශයෙන් නිර්මාණය කරන්නක් බැවිනි.
එහි පාඩුව ඇත්තේ රටට ය. වාසිය ඇත්තේ වෙනත් කසිකබල් දේශපාලනඥයන්ට සහ ඔවුන්ව කඩේ යවන විජාතික ෙද්‍රdaහී බලවේගවලටය. කුරුඳු පොලු මාස්‌ටර්ලාගේ හෙළිදරව්වේ සාරාංශගත හරය ඇත්තේ එතැනය.
මෙකී හෙළිදරව්ව හමුවේ මේ මොහොත වන විට එම බුද්ධි අංශ ප්‍රධානින් තිදෙනා බරපතළ අවදානමකට මුහුණ දී සිටිති. ඒ දැන් සතුරා ඔවුන් කවුරුන් දැයි හඳුනාගෙන ඇති බැවිනි. එදා මිලේනියම් සිටි පාවා දීමෙන් පසු කර්නල් තුවාන් මීඩින් ලා, මුතාලිµaලා සිටියේද ඒ අවදානමේ වේ. එකී අවදානම හමුවේ කර්නල් මීඩින්ලාට පාවා දෙන්නන් නිසා සතුරාගේ ඉලක්‌ක වන්නට සිදුවූ අයුරුද අපි දනිමු.
අපේ අතීත අත්දැකීම් එසේ වුවද මෙකී නිලධාරින් තිදෙන අරබයා කිසිදු නපුරක් සිදු නොවේවා යන්න අපේ පැතුමය. එය එසේ වුවද දැන් ඔවුන් අවදානමට හෙළීමේ වගකීමෙන් මිදෙන්නට එජාපයට නොහැකිය. මේ මොහොත වන විට කුරුඳු පොලු මාස්‌ටර් නිසා එජාපය යළිත් ජුදාස්‌ගේ භූමිකාව රඟපා අවසන්ව ඇත.
ඉතිරිව ඇත්තේ පාවා දීමේ පශ්චාත්තාපයෙන් මිදී ගෙල වැළ දා ගන්නට කඹයක් සොයා ගැනීම පමණකි. මේ හෙළිදරව්වත් සමග සිදුවන ඉදිරි සිදුවීම් හමුවේ එල්ලීමට කඹය සෙවීම සඳහා වැඩි වෙහෙසක් ගන්නටද එජාපයට සිදු නොවනු ඇත. මන්ද මෙවන් පිංගුත්තර වැඩ හමුවේ මේ රටේ ජනතාව නිරායාශයෙන් කඹය දික් කිරීමට සැදී පැහැදී සිටින බැවිනි.
නමුත් මෙහිදී කුරුඳු පොලු මාස්‌ටර්ලා නිසා සිදු වන ශාපයෙන් මිදෙන්නට එජාපයට අවස්‌ථාවක්‌ද තිබේ. ඒ මෙවන් වගකීම් විරහිත වූවන් පක්‍ෂයෙන් පන්නා දැමීම තුළිනි. අප මේ සිටින්නේ තිස් වසරක යුද්දයකින් පසු ජාත්‍යන්තරව අපට එල්ල වන තර්ජන රැසක හස්‌තයන්ට මැදිවය. එහිදී පක්‍ෂය මොකක් වුවද දේශපාලනඥයන්ට ඇති වගකීම සුළුපටු නැත.
යමක් කියන්නට පෙර රට ගැන සිතන්නට දේශපාලනඥයන්ට වගකීමක් ඇත. ඒ පිළිබඳ සිතන්නට මොලයක්‌ද තිබෙන්නේය. එහෙත් වගකීමත් මොලයත් දෙකම නැත්තවුන් සේ බලලෝභිත්වය මුලට ගෙන "පොඩි එකා ඇඟ පුරා හලාගෙන අයිස් ක්‍රීම් කන" අන්දමින් හත්පොළේ ගාගෙන කටයුතු කළහොත් කෙළවෙන්නේ රටට බව කුරුඳු පොලු මාස්‌ටර්ලා වැන්නවුන් වටහා ගත යුතුය.
ඒ බව නොවැටහේ නම්, මන්ද බුද්ධික අන්දමින් ජුදාස් පරපුරේ උන් සේ මෙවන් තුප්පහි වැඩ නොකොට හොඳට ඉදුනු ගස්‌ලබු ගෙඩියක් ගෙන දෙකට පලා ඇට ගැන්නා නම් යථාර්ථය වටහා ගන්නට මොළේ වැඩෙනු ඇතැයිද අවසන් වශයෙන් කිව යුතුය.
සමන් ගමගේ

0 comments:
Post a Comment