සෝමසිරි පනස් හැවිරිදි තිදරු පියෙක්. රැකියාවක නියුතු ඔහු පසුගිය වෙසක් පෝය දිනවල නිවාඩු නිසා ගෙදරමයි හිටියෙ. වෙසක් නිවාඩු දින දෙක අවසන් වී තුන්වෙනි දිනයේ එකවරම අතපය අඹරවන්නටත්, දත්මිටි කන්නටත් පටන් ගත් අතර මුලින්ම මෙය ඇතිවුණේ නින්දේදියි.
ඊට පසු වරින් වරම කිහිප වතාවක්ම මේ තත්ත්වය හට ගත්තා. මින් පෙර කවදාවත් මෙවැනි දෙයක් සිදුනොවුණු නිසා පසුවදාම ඔහුට දෙහි කප්පවා නූලක්ද බන්දවන්නට බිරිඳ කටයුතු යෙදුවා.
නමුත් එදා රාත්‍රියේත් මෙය ඊටත් වඩා වැඩි වාර ගණනක් හටගත් අතර එක වරකදී මේ තත්ත්වය ඇති වූ විට එය විනාඩි දෙක තුනක් පමණ පැවැතුණා.
පසුදින දහවල් වන විට සෝමසිරි විශාල බියකින් පෙළෙන්නට වුණා.
‘මාව කීප දෙනෙක් මරන්න ඉන්නවා’ ඔහු වරින්වර බිරිඳට පැවැසුවේ හතිලමිනුයි. ‘මොකටද ඔයාව මරන්නෙ?’ යනුවෙන් බිරිඳ ඇසුවත් එයට නිශ්චිත හේතුවක් සෝමසිරි දැන සිටියෙත් නෑ.
දිවා කාලයේ මෙසේ කියමින් සිටි සෝමසිරි හැන්දෑ වරුවේ කාටවත් නොකියා නිවසින් පිටව ගිහින් තිබුණා. බිරිඳ බොහෝ බිය වී අසල්වැසි කීප දෙනකුට ද දන්වා සෝමසිරි ගැන සොයා බැලුවත් ඔවුන් කිසිවකුට සෝමසිරි ගැන ආරංචියක්වත් දැන ගන්නට බැරි වුණා. පසුදා උදේ සෝමසිරි ගෙදර ආවා. ඔහුගේ ශරීරයේ තැනින් තැන සීරිම් තුවාලත් තිබුණා.
‘මහ රෑ මාව මරන්න එයි කියන බයට මං කැලේක හැංගිලා හිටියේ. ඒත් එහෙදිත් මට එකෙක් හොඳටම තඩි බෑවා” කියමින් සෝමසිරි තම සිරුරේ වූ සීරීම් තුවාල බිරිඳට පෙන්නුවා.
සෝමසිරි දැන් ගෙයින් මිදුලට බහින්නත් බයයි. හිටි ගමන් ඔහු බිරිඳට කතා කොට ‘ඔයාට ඇහෙනවද අර එළියේ දෙන්නෙක් මට කුණුහරුපෙන් බණින හැටි?” යනුවෙන් බිරිඳගෙන් ඇහුවා. නමුත් එවැනි දෙයක් ඇයට ඇසුණේවත්, අහල පහලක එබදු දෙන්නෙක් හිටියේවත් නෑ. සමහර අවස්ථාවල ඔහු ඇඳේ ගුලිවී හිස සිට දෙපතුල් දක්වා රෙද්දෙන් වසා ගත්තේ යකුන් මෙන් දත් විළිස්සා ගත් මිනිසුන් කාමරයේ හිඳින බව කියමිනුයි.
තවත් බලා ඉන්නට බැරි නිසා සෝමසිරිට යක්ෂ දිෂ්ටියක් වැටී ඇති බව අනුමාන කළ බිරිඳ අසල්වැසියන්ගේ ද උපකාර ඇතිව නිවසේ තොවිලයක් කරවා ගෙයි හතර කොනේ ආරක්ෂා මුට්ටි වැළලෙව්වා. ඒත් ඔවුන් පුදුමයට පත් කරවමින් සෝමසිරිගේ තත්ත්වය එන්න එන්නම වැඩි වීම මිස අඩු වීමක් සිදුවුණේ නෑ. සෝමසිරි මොනතරම් බයෙන් හිටියද කිව්වොත් ගෙයි දොර ජනේල සියල්ලම වසාගෙන කාමරයේ ඇඳ යටට වී සිටියේ තමා මරන්නට පොලු මුගුරු රැගෙන මිනිසුන් එන බව කියමිනුයි. බැරිම තැන අසල්වැසියන් කිහිපදෙනකුගේද උපකාරයෙන් බලෙන්ම වගේ සෝමසිරිව වාහනයක දමාගෙන රෝහලට ගෙන එන්නට බිරිඳට සිදුවුණා.
සෝමසිරි දිනපතාම මත්පැන් පානය කරන කෙනෙක්. මේ නිසා ඔහු මත්පැන්වලට ඇබ්බැහි වී සිටියා. වෙසක් පෝය නිමිති කරගෙන දින දෙකක් මත්පැන්හල් වසා තබන බව දැන සිටියත් මත්පැන් කලින් වැඩිපුර මිලදී ගෙන ගෙදර තියාගන්න සෝමසිරිට වත්කමක් තිබුණේ නෑ. එනිසා ඔහුට ඒ දිනවල මත්පැන් ගැනීම අපහසු වුණා. සෝමසිරි මත්පැන්වලට ඇබ්බැහි වී සිටි නිසා මත්පැන් නොගෙන සිටීම මත ඔහුට මද්‍යසාර විරමන රෝගය හට ගත්තා. සාමාන්‍යයෙන් මත්පැන්වලට ඇබ්බැහි වූ අයකු අන්තිමට මත්පැන් ගෙන පැය 48-72 අතර කාලයකදී මෙලෙස විරමන රෝග ලක්ෂණ හට ගැනීමේ හැකියාව තිබෙනවා. මෙහිදී රෝගියාට මත්පැන් ස්වල්පයක් දුන්නොත් තාවකාලිකව මේ ලක්ෂණ නැති කරන්න පුළුවන්. එවෙලේම රෝහල් ගත කළොත් නැවත මත්පැන් නොගන්නට ප්‍රතිකාර කළ හැකියි.
කෙසේ හෝ මෙයින් එකක්වත් සිදුනොවූ නිසා ඔහු තුළ ලක්ෂණ වන්නේ මිනිසුන් තමාට පරුෂ වචනයෙන් බැණ වදිනු ඇසීම, කිසිවකු තමාට පහර දෙන්නට සිටින බව සිතීම ආදියයි. මේ තත්ත්වයේදී ප්‍රතිකාර නොලැබුණොත් රෝගියාගේ ජීවිතයට අනතුරක් වීමට තිබෙන අවස්ථාව වැඩියි. කෙසේ හෝ සෝමසිරි රෝහලට රැගෙන ආ නිසා ඔහුට මනෝ වෛද්‍ය ප්‍රතිකාර කර සාමාන්‍ය තත්ත්වයට ගෙන ආ හැකි වුණා.

0 comments:
Post a Comment