2003 රනිල්ගේ ආණ්ඩුව තියෙන කාලයේ සෝම හාමුදුරුවන්ගේ හදිසි අපවත්වීම රටේම ආන්දෝලනයකට ලක් විය. සෝම හිමි රුසියාවේදී රෝගී වී අපවත් වූවා නොව ඝාතනය කරනු ලැබුවා යැයි දේශප්‍රේමීහු කීහ. එම ආන්දෝලනයෙන් පසු රට පුරා කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලිවලට සැලසුම් සහගතව පහර දෙනු ලැබීය. ඒ වෙලාවේ රටේ ජනාධිපතිනි ලෙස හිටියේ චන්ද්‍රිකාය. රනිල් අගමැති වුවත් චන්ද්‍රිකා ආරක්ෂක අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ තුනක් පවරාගෙන තිබිණි. සැලසුම් සහගතව පල්ලිවලට පහරදීම ගැන කියන්න රදගුරු හිමිවරුන් සහ පූජකවරු අගමැති ලෙස රනිල්ව වෙනමත්, චන්ද්‍රිකාව වෙනමත් හමු වූහ. තත්ත්වය පාලනය කරන්න යැයි රනිල්ගේ ආණ්ඩුවේ කතෝලික මන්ත්‍රිවරු රනිල්ට බල කර සිටියහ. එහෙත් හැමෝම පුදුමයට පත් කරමින් රනිල් මුනිවත රැකීය. රනිල්ගේ තර්කය වූයේ ආරක්ෂක අමාත්‍යංශය චන්ද්‍රිකා පවරාගෙන ඇති නිසා තමාට කළ හැකි දෙයක් නැති බවය.
ඒ වෙලාවේ රනිල් හිටියේ අද මහින්ද ඉන්නා තැනය. අද මහින්ද ඉන්නා තැන ඉන්න රනිල්ට මහින්දට වඩා සාධාරණ හේතු තිබිණි. එකල රනිල්ව හංවඩු ගසා තිබුණේ පල්ලියේ නායකයා ලෙසය. ඔහු උත්පත්තියෙන් ක්‍රිස්තියානි භක්තිකයකු යැයි කියමින් විමල් වීරවංශගේ ජවිපෙ පමණක් නොව ශ්‍රීලනිපයේ නායකයෝ චෝදනා කළහ. රනිල් පල්ලියේ බෞතීස්ම කළ නායකයකුය යන මතය ඔවුන් රට පුරා ප්‍රචාරය කර තිබිණි. එම නිසා රනිල් මේ වැඩේට අත ගහල අත පුච්චගන්න බය විය. ඔහු දේශප්‍රේමී බෞද්ධ බලවේගත්, පල්ලියත් යන දෙකම ෂේප් කරගන්න උත්සාහ ගත්තේය. මෙහිදී ඔහු විශ්වාසය තිබ්බේ ජාතික හෙළ උරුමය කෙරෙහිය. සෝම හිමිගේ අපවත්වීම කරට ගත්තේ හෙළ උරුමයය. තමන් ජවිපෙට පහර ගසා දේශප්‍රේමී ඡන්ද කඩා එජාපයට බලයට එන්න පාර කපන බවට හෙළ උරුමය තියරියක් දැම්මේය. රනිල්ගේ සගයෝ මේ තියරියට වහ වැටුණහ. පල්ලිවලට පහරදීම රනිල්ගේ පැත්තෙන් ෂේප් කරගන්න හෙළ උරුමය සමත් විය. රනිල් හිතුවේ කොහොමත් කතෝලික ඡන්ද එජාපයට එන නිසා හෙළ උරුමය ෂේප් කරගත යුතු බවය.
චන්ද්‍රිකා මෙතැනදී ගත්තේ හාත්පසින්ම වෙනස් ස්ථාවරයකි. පල්ලිවලට එල්ල වන ප්‍රහාරවලට එරෙහිව ඇය සිය බලතල පාවිච්චි කළා පමණක් නොව ජාතිය අමතා පල්ලිවලට ප්‍රහාර එල්ල කොට ආගමික සංහිඳියාව නැති කරන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව දැඩි ලෙස කීවාය. ඇය එලෙස කීවේ ජවිපෙ සමඟ සන්ධානගත විය යුතු යැයි කී ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් සහ විමල් වීරවංශගේ ජවිපෙ සමහරුන් ඒ වෙලාවේ රට පුරා හමා යන සෝම හිමි සිංහල බෞද්ධ රැල්ලට එරෙහිව උඩු ගං බලා පිහිනන්න එපා යැයි බලපෑම් කරද්දීය. චන්ද්‍රිකා ජනාධිපති ධුරයෙන් ඉවත් වූවාට පසු මෑතකදී පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ඇය කියා තිබුණේ මෙවැනි කතාවකි.
"පල්ලි ගිනි තියපු සිද්ධිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සිංහල, මුස්ලිම්, දෙමළ එකතු කළා. දැන් ඒ පාරෙන් අයින් වෙලා නේද?
ඔක්කොම අයින් වෙලා.
බොදු බල සේනාව අරගෙන යන වැඩපිළිවෙළ ගැන මොකද හිතෙන්නේ?
අමූලික පිස්සුවක්.
පල්ලි ගිනි තියපු වෙලාවෙදී කොහොමද ක්‍රියාත්මක වුණේ?
මගේ කාලේ ඔය වගේ වුණේ එක සැරයයි. ඒ වුණෙත් රනිල්ගේ ආණ්ඩුව කාලේ. පුච්චනවා. පුච්චනවා. පුච්චනවා පල්ලි. හෙළ උරුම කට්ටිය කළේ. අපි ඒක investigation එකක් කරලා හොයාගත්තා. 188ක් පුච්චලා තිබුණා. මට වාර්තා වෙනකොට සීයක් විතර පුච්චලා තැන් තැන්වල තිබුණු පොඩි පොඩි ඒවා. රනිල්ට මං කිව්වා. මුකුත් නෑ කළේ. ඊළඟට මං කරපු වැඩේ නත්තල් දවසට ඉස්සෙල්ලා අමාත්‍යංශ ටික පවරාගෙන, එන්න කිව්වා. මං සාමාන්‍යයෙන් කරන්නේ එක කණ්ඩායමක් යවලා හොයන එක. එකක් political Issue එකක් නම් මං කණ්ඩායම් තුනක් යවනවා. පොලිසියේ special team එක එක පැත්තකින් NIB එක තව පැත්තකින්, ව්ධ්ඕ එක තව පැත්තකින්. ඒ අය හොයාගෙන ඇවිත් මෙන්න මේ මේ කට්ටිය කියලා විස්තර කළා. හාමුදුරුවෝ දෙන්නෙක් හිටිය දන්න මහරගම පැත්තේ. විශ්‍රාමික ඉන්ජිනේරුවෙක් හිටියා. ඊට පස්සේ අපි මේක follow කළා. ඒකත් එක්කම මැදවච්චිය පැත්තේ පල්ලියක් පුච්චනකොටම arrest කළා. රිමාන්ඩ් කළ හාමුදුරුවනුත් ඇතුළු මම කියන්නේ මේ වගේ ඒවා වෙනකොටම ඇක්ෂන් ගන්න ඕන. ඒක ආණ්ඩුවක 1000%ක වගකීමක්."
ඇත්තටම ඇය කිව්ව වගේ ඒ වැඩේ හරියට කළාය. 2004 මහ මැතිවරණයේදී ඇයට සිංහල බෞද්ධ ඡන්දත් ලැබිණි. එජාප ඡන්ද බලකොටු වූ කතෝලික ප්‍රදේශ සමහරක් ජයගත් අතර අනෙක් ප්‍රදේශ පරාජය වූයේ සුළු ඡන්ද ගණනකිනි. ඊට පෙර මැතිවරණවල එජාපය මේ ආසන දින්නේ අති විශාල ඡන්ද සංඛ්‍යාවලින්ය.
ඇය රට වෙනුවෙන් ගත් එඩිතර තීරණය සිංහල බෞද්ධ ජනතාවත්, කතෝලික ජනතාවත් අගය කළේ එලෙසය. ඇයගේ සැමියා විජය කුමාරණතුංග අන්‍ය ආගමිකයකු යැයි කියා මඩ ගසන්න හැකියාව තිබුණ බව ඇය දැන සිටියාය. ඒත් සිංහල බෞද්ධ දේශප්‍රේමී පක්ෂ කිහිපයකට සංවිධාන කිහිපයකට බයේ ඔවුන් පිනවනවාට වඩා රට ගැන හිතා තීරණ ගත්තොත් හැමෝගේම ඡන්ද දිනා ගත හැකි බව ඇය දැන සිටියාය.
මේ ටික අද මහින්දට තේරෙන්නේ නැත. සිංහල බෞද්ධ ඡන්දවලින් ජනාධිපති වෙන්න මහින්ද බොදු බල සේනා ෂේප් කරගන්න අතර අරාබි රටවල් ටික ෂේප් කරගන්න මුස්ලිම්වරුන්ව පිනවන්න උත්සාහ ගනී.
"අද අලුත්ගමට ගිහින් බලන්න. මුස්ලිම් ප්‍රදේශවලට යන්න. සිංහල ප්‍රදේශවලට යන්න. දෙගොල්ලම බනින්නේ ආණ්ඩුවට. අන්තිමට සිංහල බෞද්ධ ඡන්දත් නැහැ. මුස්ලිම් ඡන්දත් නෑ..."
මේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් කී කතාවකි.
කතාව ඇත්තය. හොඳම නිදසුන එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකය. ඔහු බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම ගෙන ආවේය. සිංහල බෞද්ධ දේශප්‍රේමීන් ඔහුගේ රොස්මිඩ් වලව්ව ඉදිරියට ඇවිත් සත්‍යග්‍රහ කරන විට ගිවිසුම ඔවුන් ඉදිරිපිටම ඉරා දැම්මේය. අන්තිමේදී බණ්ඩාරනායකයන්ට දමිළ ඡන්දද නැති විය. සිංහල බෞද්ධ දේශප්‍රේමීන්ද නැති විය. බණ්ඩාරනායක ගිවිසුම ඉරද්දී දේශප්‍රේමීන් දේශපාලනයෙන් ඉවත්ව සිටි ඩඩ්ලිව නායකත්වයට ගේන්න සාකච්ඡා ආරම්භ කළහ.
දෙපැත්තම බේරාගන්න ගියොත් දෙපැත්තම නැති වෙනවා යැයි කියා ඇත්තේ දේශපාලන උපායේ කෙළ පැමිණි කුමාරයා ග්‍රන්ථය ලියපු මකියාවෙලිය.
උපුල් ජෝෂප් ප්‍රනාන්දු

0 comments:
Post a Comment