facebook like

දකුණු අප්‍රිකානු උප ජනාධිපතිගේ මෙරට සංචාරය තීරණාත්මකයි – ආචාර්ය දයාන් ජයතිලක

කුණු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රමෆෝසා  මහතා නිල සංචාරයක් සදහා හෙට දිවයිනට පැමිණීමට නියමිත ය.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, මෙරට සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔහු මෙම සංචාරයේදී දේශපාලන නියෝජිතයින් රැසක් සමග සාකච්ඡා කරනු ඇති බව ය.

දකුණු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රමෆෝසා මහතා ව්‍යාපාරිකයෙකු, සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම වෘත්තීය සමිති නායකයෙකු ලෙසද ප්‍රකට අයෙකි.

2012 වසරේ සිට අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ උප සභාපතිවරයා ලෙස ඔහු කටයුතු කරනු ලැබේ.

සිරිල් රමෆෝසා මහතා දකුණු අප්‍රිකානු ජාතික සැලසුම් කොමිසමේ ද සභාපතිවරයායි.

වත්මන් දකුණු අප්‍රිකානු උප ජනාධිපතිවරයා, එරට හිට‍පු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා සිරභාරයේ සිටියදී ඔහු නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අයෙකි.

දකුණු අප්‍රිකාණු උප ජ‍නාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන්, ප්‍රවීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී ආචාර්ය දයාන් ජයතිලක මහතා සමග නිව්ස්ෆස්ට් සංවාදයක නිරත විය.

නිව්ස්ෆස්ට් ප්‍රශ්නය -

මේ දකුණු අප්‍රිකාණු උප ජනාධිපති වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ ඇති වැදගත්කම කොයි ආකාරයෙන්ද ඔබ දකින්නේ?

ආචාර්ය දයාන් ජයතිලක මහතාගේ පිළිතුර

ඊනියා යුධ අපරාධ  පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණේ ආරම්භ කරලා තියෙනවා.ඒ පරීක්ෂණයේ ප්‍රධාන චරිතයක් වන්නේ ෆින් ලන්තයේ  හිටපු ජනාධිපතිවරයෙක් වන මාෆී අෆිසාරි.නැමති නොබෙල් සාම ත්‍යාග ලාභියා. සිරිල් රමපෝසා වැනි ඉතාම කීර්තිමත් නෙල්සන් මැන්ඩෙලාගේ දකුණත හැටිට කටයුතු කරපු චරිතයක් අපේ පැත්තට දිනාගන්න පුලුවන් නම් ලංකා ආණ්ඩුවට පුලුවන්නම් පෙන්නුම් කරන්න දෙමළ ජනතා‍වගේ දේශපාලන ප්‍රශ්නය විසඳන්නට සැබෑ වුවමනාවක් ලංකා ආණ්ඩුවට තියෙනවාය සහ දකුණු අප්‍රිකාව ඒකේ  කොටස් කාරයෙක් බවට නැත්තන්  එකේ
සම්මාදම් කායෙක්  බවට පත්කරන්න අපි ලෑස්තියෙන් ඉන්නවයි කියාල එතකොට  අපට පුලුවන් සිරිල් රමපෝසා චරිතය ඇත්තවශයෙන් අෆිසාරී  චරිතයට එරෙහිව යම්කිසි දුරකට යොදවගන්න.
නිව්ස්ෆස්ට් ප්‍රශ්නය -

ඔබ හිතනවාද ඔහු ලංකාවට පැමිණි පසු මේ ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ ගැන අවධානයක් යොමු කරයි කියලා?.

ආචාර්ය දයාන් ජයතිලක මහතාගේ පිළිතුර

ජාත්‍යන්තර පරීක්ෂණ ගැන ඔහු කථා නොකර ඉඳීවි. 2009යේ අපි සමඟ සිටි රටක් දැන් තරමක් දුරට වැ‍ට උඩ ඉන්න  නමුත් මිත්‍රශීලී රටක් කියලා අපිට කියන්න පුලුවන්.නමුත් දකුණු අප්‍රිකාව හවුල් කරගෙන අපිට යම් කිසි දේශපාලන ප්‍රගතියක්පෙන්නුම් කරන්න පුලුවන් නම් එතකොට දකුණු අප්‍රිකාවට පුලුවන් ලෝකොට කියන්න මේ යුධ අපරාධ පිළිබඳ ප්‍රශ්නයේ  දැන් ඔච්චර තද කරන්න එපා හේතුව දේශපාලන සංහිඳියාව පිළිබඳව ප්‍රගතියක් සිද්ධ වෙනවා ලංකාවේ කියලා. දකුණු අප්‍රිකාණු මේ මිත්‍රශිලී මැදිහත්වීම  හරිහැටි ලංකා ආණ්ඩුව පාවිච්චි කරොත් අපිට ඒක පලිහක් හැටියට පාවිච්චි කරන්න අවස්ථාවක් ලැබෙනවා.
නිව්ස්ෆස්ට් ප්‍රශ්නය -

ඔබ කියන්නේ  මේ දකුණු අප්‍රිකානු උප ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ පණිවිඩය ජාත්‍යන්තරයට අරන්යන පුද්ගලයෙක් ලෙසට භාවිත කළ යුතුයි කියලද ?

ආචාර්ය දයාන් ජයතිලක මහතාගේ පිළිතුර

වාසි දායක පණිවවිඩයක් සහ වාසිදායක ප්‍රතිරූපයක් මොහු හරහා ප්‍රකාශයට පත්කරන ආකාරයට මීළඟ පැය 48 තුළ ලංකාවේ නායකයෝ සහ නිලධාරියෝ කටයුතු කළ යුතුයි.
නිව්ස්ෆස්ට් ප්‍රශ්නය -

හොඳයි දැන් මේ දකුණු අප්‍රිකානු උප ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ සැබෑ අරමුණ මොකක් වෙන්න ඇති කියලද ඔබ හිතන්නේ?.‍

ආචාර්ය දයාන් ජයතිලක මහතාගේ පිළිතුර

ජාත්‍යන්තර ව‍ශයෙන් ලංකාවට විරුද්ධව ඇතිවෙලා තිබෙන මේ විශාල ප්‍රහාරය හමුවේ දකුණු අප්‍රිකාවටත් සිද්ධ වෙලා තියෙනවා යම්  කිසි උත්සාහයක් දරන්න ලංකාවට සහ තමුන්ට උදව්වක් වන විදියට අලුත් ප්‍රතිසංස්කරණයක් ඇති කරන්න.ඉතිං ලංකාවේ ආණ්ඩුවට පුලුවන් කම තිබුණා නම් කොන්දේසි විරහිතව ටී.එන්.ඒ.සංවිධානය සහ උතුරු පළාත් සභාවත් එක්ක සාකච්ඡා කරලා උතුරු පළාත් සභාවට අනිත් පළාත් සභාව වගේ කටයුතු කරන්න ඉඩකඩ සලස්වන්න එහෙනම් දකුණු අප්‍රිකාවතියා  කාටවත් මේක ගැන කථා කරන්න හෝ  මෙහෙට එන්න අවස්ථාවක් හෝ වුවමනාවක් ලැබෙන්නේ නෑ.නමුත් ලංකා ආණ්ඩුව ටී.එන්.ඒ. එකත් එක්ක සාකච්ඡා නොකර හිටපුවාම දිගටම කොන්දේසි දාගෙන ඉතින් ලෝකේ දමිල ජනතාවගේ බලපෑම් සහ ශක්ති නිසා විවිධ රටවල් ඉදිරිපත් වෙනවා මේ සාකච්ඡාව ආපහු අලුත් කරන්න හේතුව ඒගොල්ලෝ බයයි නැත්තන් මේක විශාල ගැටුමකට යයි කියලා.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive