වසර 5 කට පසු කොළඹ පැවැති ප්‍රථම දිවා එක්‌දින තරගය වූ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති පළමු එක්‌දින තරගයෙන් ලකුණු 75 ක පහසු ජයක් ලැබීමට දකුණු අප්‍රිකාවට හැකියාව ලැබිණි.
පිතිකරු දක්‍ෂතා සනාථ කළ ක්‍රීඩකයන් 7 ක් සමගින් තරග වැදුණද සිය අවසන් කඩුලු 5 ලකුණු 13ක් තුළදී ප්‍රතිවාදීන්ට ලබාදුන් ශ්‍රී ලංකාව මෙහිදී දකුණු අප්‍රිකාව විසින් ලබාදුන් ලකුණු 305 ක ඉලක්‌කය හඹායමින් පන්දුවාර 40.3 කදී සියලු දෙනා දැවී රැස්‌කරගත්තේ ලකුණු 229ක් පමණි.
මෙයට පෙර 2000 වසරේ කොළඹදී කඩුලු 9 කට ලකුණු 264 ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට එරෙහි ශ්‍රී ලංකාවේදී වැඩිම එක්‌දින ලකුණු එකතුව සහිත ඉනිම ඉක්‌මවා යමින් ශ්‍රී ලංකාවේදී මෙතෙක් හොඳම ලකුණු එකතුව ඊයේ වාර්තා කළ දකුණු අප්‍රිකාවට ඒ අනුව ජයග්‍රාහීව තරගාවලියට පිවිසීමට අවස්‌ථාව හිමිවිය.
එම ඉලක්‌කය හඹායැමේදී ප්‍රථම කඩුල්ලට වේගවත් ලකුණු 50 ක සබඳතාවක් පිහිටුවීමට කුසල් පෙරේරා දායක වුණිද මෝකල් විසින් ලබාගත් සුපිරි උඩපන්දුවක් හමුවේ කුසල්ගේ කඩුල්ල අහිමිවීම ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපෑවේය.
මේ වසරේදී එතෙක් ජාත්‍යන්තර ලකුණු 1614 ක් ලබා වසරේ ලොව වැඩිම ලකුණු ලාභියා ලෙසින් සිටිමින් මෙම තරගයට පිවිසි කුමාර සංගක්‌කාර පිට පිටම 5 වැනි වරටත් ලකුණු 50 ඉක්‌මවා යන එක්‌දින ඉනිමක් ක්‍රීඩා කිරීමට ඊයේ සමත් වූ අතර ඔහු රැස්‌කළ ලකුණු 88 හැරුණු විට ඊයේ ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 30 ඉක්‌මවා යා හැකි වූයේ කුසල් පෙරේරා සහ ටී. එම්. ඩිල්ෂාන්ට පමණි.
අංක 5 පිතිකරුවා ලෙසින් පැමිණි අශාන් ප්‍රියන්ජන් නැවතත් වගකීම් රහිත පිතිහරඹයකින් ලකුණු 5 කට දැවී ගිය අතර උපනායක තිරිමාන්න අනතුරුව ලකුණු 15 කට දැවී ගියේ සංගක්‌කාර සමග එකතුව යම් මට්‌ටමට බලාපොරොත්තු රඳවන ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි අතරතුරය.
දකුණු අප්‍රිකාවට ශ්‍රී ලංකාවේදී ඔවුන්ගේ වැඩිම එක්‌දින ලකුණු එකතුව වෙත යැම සඳහා ශ්‍රී ලංකාවේ පන්දු රැකීම අනියමින් දායක විය.
එම ඉනිමේ හොඳම කඩුලු අතර සබඳතාව වූ තෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක ඩිවිලියර්ස් සහ හෂීම් අම්ලා අතර සබඳතාව බිඳදැමීමේ පහසු අවස්‌ථා දෙකක් ශ්‍රී ලංකාව වෙතින් ගිලිහී ගිය අතර සමස්‌ත ඉනිම පුරා පන්දු රැකීමේදී කෙළින්ම කඩුල්ලට පන්දුව යොමුකළ අවස්‌ථා එකක් හෝ නොවීය.
නායක ඩිවිලියර් ලකුණු 17 දී මෙන්ඩිස්‌ගේ පන්දු හමුවේ මිඩ්}ඕෆ් හී පන්දු රැකි ශ්‍රී ලංකා නායක මැතිව්ස් අතට දුන් උඩපන්දුව අතහැරීම සහ ලකුණු 47 ක් ලබා සිටියදී අශාන් ප්‍රියන්ජන්ගේ පන්දු ඉදිරියේ හයේ පහරකින් සිය අර්ධශතකය සම්පූර්ණ කිරීම සඳහා ගත් උත්සාහයේදී ඇදී ගිය උඩපන්දුව ලෝන් ඕන්හී පන්දු රැකි අතිරේක ක්‍රීඩක තිසර පෙරේරා අතින් ගිලිහී යැම තරගයේ තීරණාත්මක අවස්‌ථා බවට පත්විය.
පුහුණු එක්‌දින තරගයේදී ශතකයක් රැස් කරමින් තම රිද්මය ප්‍රදර්ශනය කර සිටි හෂීම් අම්ලා දවාගැනීම පිණිස මෙම තරගයේදී ලද හොඳම අවස්‌ථාව එලෙස මගහැරීම හේතුවෙන් ඔහු ඊයේ සිය 13 වැනි එක්‌දින ශතකය රැස්‌කරගනිමින් දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
දකුණු අප්‍රිකාවට එරෙහි තමන්ගේ පන්දු හමුවේ සෑම ලකුණු 16 කටම කඩුල්ලක් බැගින් දවා ගැනීමේ සාමාන්‍යයෙන් යුතු අජන්ත මෙන්ඩිස් ඉදිරියේ සහ සචිත්‍ර සේනානායකගේ පන්දු ඉදිරියේ මනා සංයමයෙන් යුතුව පිත්ත හැසිරවූ අම්ලා පන්දු 130 කදී රැස්‌කළ ලකුණු 109 ට හතරේ පහර 8ක් සහ හයේ පහරක් ඇතුළත් විය.
ඔහු සමග ලකුණු 153 ක සබඳතාවක් බිහිකරමින් ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී දකුණු අප්‍රිකානු පිතිකරු යුගලක් අතර හොඳම එක්‌දින සබඳතාවේ වාර්තාව බිහිකළ ඩිවිලියර් පන්දු 70 කදී ලකුණු 75 ක් ලබාගත්තේය.
ඔවුන් දෙදෙනාට සිය පිතිහරඹය පිළිබඳ කොතරම් විශ්වාසයක් තිබුණේද යත් 24 වැනි පන්දුවාරයේදී පිතිකරු 'පවර් ප්ලේ' අවස්‌ථාව ලබාගනිමින් එම පන්දුවාර 5 දී ලැබු ලකුණු 34 ද සහිතව ඔවුන්ගේ සබඳතාව තුළ ලකුණු 6.33 ක සාමාන්‍ය වේගයක් රඳවා ගත්හ.
මෙම තරගයට ප්‍රථම පිට පිටම ඉනිම 3 කදී ශතක 3 ක් රැස්‌කරමින් පිට පිටම එක්‌දින ශතක 4 ක් රැස්‌කළ ලොව ප්‍රථම ක්‍රීඩකයා බවට පත්වීමේ අරමුණින් පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්‌ඩායමේ ආරම්භක පිතිකරු කොන්ටන් ඩි කොක්‌ව නායක මැතිව්ස් විසින් කෙළින්ම කඩුල්ලේ පන්දුව යොමුකර දවාගැනීමත්, ඉන් ලකුණු 2 කට පසු අත්දැකීම් රාශියක් සහිත පිතිකරු ජැක් කලීස් මෙන්ඩිස්‌ගේ කැරම් පන්දුවකට හසුව ලකුණු නොලබා දැවී යැමත් සමගින් ලකුණු 60 කට කඩුලු 2 ක් බිඳ වැටී යම් අපහසුතාවකට ලක්‌වුවද නායක ඩිවිලියර්ස් සහ අම්ලා විසින් ලබාදුන් සාර්ථක සම්බන්ධතාව ඒ සියල්ල යටපත් කළේය.
අවසන් පන්දුවාර 5 දී ඩේවිඩ් මිලර් සහ රයන් මැක්‌ලරන් එකතුව ලකුණු 54 ක් ලබා ගැනීමෙන් ශ්‍රී ලංකාවේදී පළමුqවරට ලකුණු 300 ඉක්‌මවා යැමට දකුණු අප්‍රිකාවට අවස්‌ථාව ලැබුණු අතර එහිදී මිලර් හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සහිතව පන්දු 21 කදී ලකුණු 36 ක් ලැබීය.
මෙම තරගයේදී ශ්‍රී ලංකාව පන්දු යවන්නන් යොදාගත් ආකාරයද යම් විවේචනයකට ලක්‌වුණි. නුවන් කුලසේකර සහ ඇන්ජලෝ මැතිව්ස් මනා පාලනයකින් යුතුව පන්දු යවා ඔවුන්ගේ පන්දුවාර ඉතිරිව තිබියදී නිත්‍ය පන්දු යවන්නන් නොවන තිලකරත්න ඩිල්ෂාන් සහ අෂාන් ප්‍රියන්ජනට පන්දුවාර 11 ක් ලබාදීම තරමක් දුර්වල තීරණයක් විය. ඔවුන් දෙදෙනාගේ එම පන්දුවාර 11 දී ප්‍රතිවාදීහු ලකුණු 78 ක් ලබාගත්හ.
ඉන්ද්‍රජිත් සුබසිංහ

0 comments:
Post a Comment