ගම්පහ මූලස්‌ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක (පාලන) ඩබ්ලිව්. එල්. ආර්. විතාරණ මහතාට (සී. අයි.) නිට්‌ටඹුව කළගෙඩිහේන පොලිස් මුරපළ අසලදී පුද්ගලික බස්‌රථ රියෑදුරකු විසින් පොලිස් නිලධාරීන් බලා සිටියදීම කම්මුල් පහරක් එල්ල කර තිබේ.
පෙරේදා (05 වැනිදා) සවස මෙම සිද්ධිය වන අවස්‌ථාවේදී ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා සිවිල් ඇඳුමින් සැරසී මෝටර් රථයකින් පස්‌යාල දෙස සිට නුවර පාර ඔස්‌සේ කළගෙඩිහේන ප්‍රදේශයට ගමන් කරමින් සිට ඇත.
පහරදීම සිදුකළ බව කියන බස්‌රථයේ රියෑදුරු අනාරක්‍ෂිතව කොළඹ - නුවර පාරේ බස් රථය ධාවනය කරමින් තිබෙනු දුටු ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා සිය ජංගම දුරකථනයෙන් මේ පිළිබඳව කළගෙඩිහේන පොලිස් මුරපළට දන්වා ඇත. එහිදී පොලිස් නිලධාරීන් බස් රථය නවත්වා ඇති අතර ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා ද සිය මෝටර් රථයෙන් බැස බස් රථ රියෑදුරා අසලට ගොස් ඇත.
එහිදී ඇති වූ වචන හුවමාරුවෙන් පසු සැකකාර රියෑදුරා සිවිල් ඇඳුමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයාට කම්මුල් පහරක් එල්ල කර ඇතැයි නිට්‌ටඹුව පොලිසිය පවසයි.
මෙම පහරදීම සිදුකළ බව කියන රියෑදුරා සහ බස් කොන්දොස්‌තරවරයා නිට්‌ටඹුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ (06 වැනිදා) අත්තනගල්ල මහෙස්‌ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු හෙට
(08 වැනිදා) දක්‌වා රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.
අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ජයලත් බලගල්ල මහතාගේ උපදෙස් මත නිට්‌ටඹුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රදීප් වීරසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

0 comments:
Post a Comment