අප රටේ දැන් පුදුමාකාර හොරු පිරිසක් බිහිවී සිටිති. ඉස්සර නම් ගම් පළාත්වල සිටියේ කෙසෙල් කැනක් කපන හොරෙක් වගේ පොඩි පහේ සොරකම් කරන අයය.ඒත් දැන් රට දියුණු වීමත් සමඟ හොරකම්ද දියුණු වී තිබේ. ක¼දාන ප්‍රදේශයේ වාහන කුලියට දෙන ආයතනයකින් කෝටි 10ක වාහන සමඟ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූ පුවතක් 'මව්බිම' පුවත්පතේ පළවිය.
මේ සැකකරුවන්ගෙන් එක් අයෙක් පළාත් සභා මන්ත්‍රිවරයකු බවද එම පුවතේ සඳහන් විය.
ආණ්ඩුවේ පළාත් සභා සභාපතිවරු සහ මන්ත්‍රිවරු ඇත්ත වශයෙන්ම දැන් කරන්නේ රටට, ජනතාවට සේවයක් නොව තම තමන්ට සේවයක් බව කොයිකාටත් පෙනී යන සත්‍යයකි.
කෙසෙල් කැනක් කැපුවත්, වාහනයක් ඉස්සුවත් දෙකම හොරකම්ය. ලොකු - පොඩි කියා හොරකම බෙදිය නොහැකිය. අප රටේ සිටින ලෝක හොරුන්ගේ සංඛ්‍යාවට දැන් එකතුවී සිටින ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ මන්ත්‍රිවරුන්ගේ ක්‍රියාකාරකම් ගැන සොයා බැලීමේදී මොවුන් ඇත්ත වශයෙන්ම යම ලොවින් ආ පිරිසක් බවට සැක පහළ වේ.
ප්‍රාදේශීය සභාවලට පත්වී සිටින අයගෙන් සියයට දහයක් ඇත්ත වශයෙන්ම අවංක අයයි. අනෙක් සියයට අනූවම හොරුන්ගෙත් හොරුය.
මේ අය සිතාගෙන සිටින්නේ ජනතාව තමන් පත් කළේ ඕනෑ මඟුලක් කර ගන්නට කියාය. මේ ප්‍රාදේශීය සභාපතිවරු ස්ත්‍රී සහ දැරියන් දූෂණය කිරීම, පගා ගැසීම වැනි ජනතාවට හිතකර ක්‍රියා පමණක් නොව දැන් වාහන හොරකම් කිරීම වැනි සද්ගුණවත් ක්‍රියාද කරති.
ක¼දාන ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා කර ඇත්තේ එවැනි සද්ගුණවත් ක්‍රියාවකි.
වාහන කුලියට දෙන ආයතනයකින් කුලියට වාහනයද ගෙන එය කාට හෝ විකිණීම ඒ තරම් වරදක් යැයි කිව නොහැකිය. මෙසේ වාහන කුලියට දෙන ආයතනවල අයිතිකරුවන්ද කලින් වාහන කොල්ලවලට සම්බන්ධ අය වන්නට බැරි නැත.
හැබැයි මේ හොරු අපේ දේශපාලන හොරු තරම් කපටි නැත. රනිල් වික්‍රමසිංහ මේ දිනවල කරන දේශපාලන හොරකම් ගැන සලකා බැලීමේදී වාහන හොරු මොන බම්බුවේ හොරුන්ද?
ගාල්ල පැත්තේ සුරූපී කාන්තාවක් සිටී. ඇයට රස්සාවක් නැත. ඇල්කොහොල් ආදී නොයෙකුත් බිස්නස් කර දිවි ගැටගහගන්නා පුද්ගලයෙකි.
'ඇල්කොහොල් අයියා මම ඔයා හම්බ වෙන්නයි හිටියේ' ඇය ඇල්කොහොල් හමුවූ දිනක පැවැසුවාය.
'ඇයි මීතයිල් නංගී ප්‍රශ්නයක්ද?'
'නෑ ප්‍රශ්නයක්ම නෙවෙයි. මට ජොබ් එකක් හොයා ගන්න බැරිද?'
'සිම්පල්නේ නංගි. හෙට එන්න මං ජොබ් එකක් සෙට් කරල දෙන්නම්.'
ඒ අනුව මීතයිල් නංගි ඇල්කොහොල් හමුවිය.
ඔහු ඇය ගාලු නගරයේ පිහිටි වාහන විකුණන ආයතනයකට කැඳවාගෙන ගියාය.
'මේ බොස් මේ මගේ නංගි කෙනෙක්. මෙයාට රස්සාවක් දෙන්න ඕනෑ.' ඇල්කොහොල් තර්ජනාත්මක කතාවෙන් ආයතනයේ අයිතිකරු හොල්මන් වී ගියේය.
'හොඳයි මොනවද මෙයාගේ සුදුසුකම්?'
'සුදුසුකම්ද වාහන උස්සන හැටි, ඒවා ගන්න එන අය අන්දවන හැටි මෙයාට හොඳට පුරුදුයි.'
'එහෙම නම් සුදුසුකම් හරි. හෙටම රස්සාවට එන්න.'
මේ අනුව මීතයිල් නංගි රස්සාව පටන් ගත්තාය.
දින දෙකක් ගත වූයේ නැත. වාහන විකුණන ආයතනයට ගැනුම්කරුවෙක් පැමිණියේය.
'මේකෙ තත්ත්වය කොහොමද?' ගැනුම්කරු විමැසීය.
'ආයේ මොනවද සර්, රත්තරන් වගේ බඩුව'
ගැනුම්කරු වාහනයේ සියලු අංශ පරීක්ෂා කර බැලීය.
'ඔයා කිව්ව වගේම වාහනය හොඳයි'
ඔහු මුදල් ගෙවා වාහනය රැගෙන ගියේය. පසුදාම ඔහු ආවේ යක්ෂාරූඪයෙනි.
'මොකක්ද ඕයි මට දුන්නු වාහනේ. මං ගෙදර යන ගමන් මඟදිම ඒක නතර වුණා.'
'ඉතින් සර් ආයෙ සැරයක් ඇන්ජිම ඉස්ටාට් කළේ නැද්ද?'
'ඉතින් යකෝ ස්ටාර්ට් කරන්න ඒකෙ ඇන්ජිමක් තියෙන්න එපායැ.
ඒවා වාහන ප්‍රශ්නය. කොළඹ පළාතේ පළාත් සභා මන්ත්‍රිවරයෙක් සිටී. මිනිහගෙ ජොබ් එකද වාහන කුලියට දීමය. මොහු විවාහ වී නැත. විවාහ වීමට රූමත් තරුණියක් ඔහුට සිටී. ඇයද ඔහුගේ වාහන බිස්නස් එකට බඳවා ගෙන ඇත. මේ මන්ත්‍රිවරයා ඇයට සියලු බලතල පවරා ඇත.
'මේ සේමාලි ඔයා වැඩේ හරියට කරන්න ඕනෑ. හෙට එනවා මගේ හොඳ කස්ටමර් කෙනෙක්. මිනිහ ගල් ආ¼දා. මිනිහ රවට්ට ගත්තොත් අපි ගොඩ.'
'හරි හරි මං වැඩේ නියමෙට දෙන්නම්. ඔයා බය වෙන්න එපා.'
පළාත් සභා මන්ත්‍රිට හරි සතුටුය. තමාට ලැබුණේ නම් කියන දේ හරියට කරන සුවච කීකරු පෙම්වතියකි. නියමිත වෙලාවට කස්ටර්මර් ආවේය. පළාත් සභා මන්ත්‍රි නැත. සිටියේ ඔහුගේ පෙම්වතිය පමණි.
'වාහනේ හරිද?'
'මොනව කියනවද? ඒවා කෙස් ගහට හරි.'
සවස පළාත් සභා මන්ත්‍රි ආවේය. වාහනයත් නැත. පෙම්වතියත් නැත. තමා ඇයට දුන් ලක්ෂ 75ත් නැත. අලුතින් පැමිණි ගනුදෙනුකාරයා සමඟ ඇය පැන ගොස්ය.
ඉඳහිට ඔවැනි දේවල්ද සිදුවේ.
කුලතුංග සෝමරත්න -

0 comments:
Post a Comment