facebook like

මධ්‍ය විද්‍යාල නැතිනම් මම අද හරක්‌ බලන කොල්ලෙක්‌ වෙන්න තිබුණා --- බන්දුල ගුණවර්ධන කියයි

"නැණ, ගුණ, සුව, සපිරි දරුවො බිහිකර සිසු පරපුරක්‌ බිහි කළ යුතුය යන මතය මහින්ද චින්තනය යටතේ ඵලදරන්නට වෙර දරනවා. සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා බිහිකළ මධ්‍ය විද්‍යාල 54 න් මේ පළාතේ ඇති ප්‍රධාන විද්‍යාලය දකුණෙන් බිහිවෙනවා. මේ විද්‍යාල ඉදිකරල හැදුවෙ නැත්නම් මම අද හරක්‌ බලන කොල්ලෙක්‌ වෙන්න තිබුණා" යයි උසස්‌ අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මාතර මැදිමහ විදුහලේ තාක්‍ෂණ විද්‍යාගාරයට මුල්ගල් තැබීම හා නවීන තාක්‍ෂණාගාරය විවෘත කීරීම අමාත්‍ය බන්දුල ගුණවර්ධන, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස්‌ අලහප්පෙරුම යන මහත්වරුන් අතින් සිදු විය.

මෙහිදී තවදුරටත් කතා කළ බන්දුල ගුණවර්ධන මහතා මෙසේ ද කීය. "අප ඉගෙන ගන්නා කාලෙ ගුරුවරු අපට සෙල්ලම් කළා ඇති නැටුවා හොඳටම ඇති කියලා විෂය නිර්දේශයට අයිති නැත්නම් ඒ විෂයයන් අයින් කළා. නිදහස්‌ අධ්‍යාපනයට ගැහැනු පිරිමි කියල බෙදීමක්‌ නැහැ. ලඡ්ජා බය ඇතිව හැදෙන්න මිශ්‍ර පාසල් ඇති කළා. ගම්බද කම්කරුවගෙ, තාක්‍ෂණ ශිල්පියාගෙ දරුවන් ඉහළට ඉගෙන ගෙන ඉහළට ගියා. ඊරියගොල්ල මැතිතුමා මේ කාලෙ ජනප්‍රිය පාසල් විධියද වෙනස්‌ කොට පාසල් වර්ග කළා. නිදහස්‌ අධ්‍යාපනය සුරක්‌ෂිත කරන්ට නොමිලයේ කෑම, නොමිලේ නිල ඇඳුම්, නොමිලයේ පොත් ටික පවා දුන්නා. සාමාන්‍ය පෙළෙන් ගණිතය අසමත් වන දරුවන්ට පාසලේ ගේට්‌ටුව වැසෙනවා.

1955 දී මේ සමස්‌ත දරුවන්ගෙන් 223000 ක්‌ දරුවන්ට පාසලට එන්න එපා කිව්වා. ගමේ දරුවන් අසාර්ථක වුණාට සනත් ජයසූරිය වගේ ක්‍රීඩකයන් මුනිදාස කුමාරතුංග වගේ අධ්‍යාපන විශාරදයො වෙන්න බැරිද? 77 ඉඳන් මේ දරුවන්ට කරපු විනාශය නිසා මේ දරුවන් හදපු වඩපු දෙමව්පියන්ට ගුරුවරුන්ට වෛර කළා.

මියගිය අයට නැගිට ගෞරව කරන්න ඉගැන්නුවේ මහින්ද රාජපක්‍ෂ මහතා පමණයි.

පරිගණක 40 ක්‌ මේ විද්‍යාලයට ලබා දුන්නෙ මේ ආණ්‌ඩුව. ජනවාරි මාසයේ සිට පාසල් දරුවො තොරතුරු තාක්‍ෂණයත් ඉංග්‍රීසි අධ්‍යාපනයත් ලැබිය යුතුයි. තාක්‍ෂණවේදී පාඨමාලාව උගන්වනවා. ඉංජිනේරු වෘත්තිය පුහුණු අධ්‍යාපනය මාධ්‍යයෙන් උගන්වනවා. ජෛව විවිධත්ව තාක්‍ෂණය උගන්වනවා. මහින්දොaදය තාක්‍ෂණ ගොඩනැඟිල්ලක්‌ මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරනවා.

මාතර මහ විදුහල්පති ආර්. එම්. ප්‍රේමතිලක මහතා "කන්නන්ගර මහතා ඇති කළ මධ්‍ය විද්‍යාල 54 වෙනුවට මහින්දොaදය තාක්‍ෂණ පීඨ ඇතිකිරීම අධ්‍යාපන අමාත්‍යංශයේ හැරවුම් ලක්‍ෂය වෙනස්‌ කරන්නයි උත්සාහ කරන්නෙ. ප්‍රායෝගික පුහුණුව ආරම්භ කළ ආකාරයටම මාතර කාර්මික විද්‍යාලයත් වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානයත් ඇරඹුවා යෑයි කීවේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive