* ගුරු මණ්ඩලය නොසන්සුන්
* අද විශේෂ රැස්වීමක්
* හේතුව: ගුරුවරිය නගරාධිපතිගේ පුත්‍රයාට තරවටු කිරීමලු...·
කුරුණෑගල නගරාධිපති ගාමිණී පෙරමුණගේ මහතාගේ පුත්‍රයාට තරවටු කළ ගුරුවරිය සමාව ගැනීම සඳහා මලියදේව පිරිමි විදුහලේ විදුහල්පතිවරයා විසින් නගරාධිපති කාර්යාලයට යෑවීමේ සිද්ධිය නිසා එහි ගුරු මණ්ඩලය අතර දැඩි නොසන්සුන්තාවක් උද්ගතව තිබේ.
මේ සම්බන්ධයෙන් ගුරු මණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද (08 වැනිදා) පාසලේදී පැවැත්වීමට නියමිතය.
පසුගිය සඳුදා (30 වැනිදා) පාසලේ පැවති රැස්වීමක දී නොසන්සුන් ලෙස හැසිරුණු හත ශ්‍රේණියේ සිසුන් පිරිසකට මෙම ගුරුවරිය තරවටු කර ඇති අතර එම දරුවන් අතර නගරාධිපතිවරයාගේ පුත්‍රයාද සිට ඇත. මෙම සිද්ධියෙන් පසුව විදුහල්පති වයි. ජී. තිලකරත්න මහතා නියෝජ්‍ය විදුහල්පතිනියක හා වාහනයක් ලබාදී නගරාධිපති කාර්යාලයට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් සමාව ගන්නා ලෙස ගුරුවරියට දන්වා ඇත. ඒ අනුව පසුදින නියෝජ්‍ය විදුහල්පතිනිය සමග ගුරුවරිය නගරාධිපති කාර්යාලයට ගොස් තිබේ.
සිද්ධිය පිළිබඳව ගුරු මණ්ඩලය අතර නොසන්සුන්තාවක් උද්ගතව ඇත්තේ ඉන් අනතුරුවය.
විදුහල්පතිවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි ලංකා ගුරු සංගමයද අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිත ඉල්ලීමක් කර ඇත.
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා
" කුරුණැගල මලියදේව පිරිමි විද්‍යාලයේ ගුරුවරියකට කුරුණැගල නගරාධිපතිවරයා ඉතා බරපතල ලෙස දෝෂාරෝපණය කරමින් ඒ වගේම ඇයට ඔහුගෙන් සමාව ගන්න ලෙස බල කරලා තියනවා... පසු ගිය දිනක 7 ශ්‍රේණියේ ඉගනගන්න දරුවාට යම් තරවටුවක් කළා කියන අදහසින් තමයි මේ වටපිටාව නිර්මාණය වෙලා තියෙන්නේ...
පසුගිය කාලයේ අපි දැක්කා වයඹ පළාත් සභා මන්තී‍්‍රවරයෙක් විසින් සුසිලා හේරත් ගුරුවරිය දණ ගැස්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට සිදු වුණා ඉතිහාසයේ අමතක නොවෙන පාඩමක් ඉගෙන ගන්න...
එවැනි වටපිටාවක් තුල තවදුරටත් ප්රදේශ්රීය දේශපාලඥයින් විසින් මෙරට ගුරුවරුන්ට මෙලෙස අඩත්තේට්ටම් කරනවානම් බලපෑම් කරනවානම් , හිරි හැර කරනවානම් ඒක ඉතාම බරපතල කාරණයක්... අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට ඒ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දීලා තිබෙනවා වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස.... "

0 comments:
Post a Comment