හැමදේටම හැමදාමත් ප්‍රසිද්ධ එංගලන්තය මේ වැඩේටත් ප්‍රසිද්ධ වෙලා තිබුණා. බි්‍රතාන්‍යයේ නීති
පද්ධතිය මේ ජාවාරමට එරෙහිව 1832 වසරේ නීති සම්පාදනය කරනතුරුම මේ හොරකම ජයටම කෙරුණා.
මිහිදන් කළ සිරුරු රහසේම ගොඩගෙන වෛද්‍යවරුන්ට වෛද්‍ය ශිෂ්‍යයන්ට සහ පර්යේෂකයන්ට විකුණන හොරු කල්ලි එංගලන්තයේ බිහිවුණා. මෙය කෙතරම් ගැටලුකාරීද යතහොත් වෛද්‍ය පර්යේෂණ කාරණයකට හැරෙන්නට මළ මිනී ගොඩදැමීම අපරාධයක් බවටත් එය දඬුවම් ලැබිය හැකි වරදක් බවටත් නීතිගතව තිබුණා. වෛද්‍ය හා පර්යේෂණවලට වුවත් සුසානයෙන් ඉවතට ගත හැකි මළ සිරුරු සංඛ්‍යාව 50 දක්වා සීමා කරන්නටද එවකට රජය තීරණය කර තිබුණා. එහෙත් ඒ වන විට පර්යේෂණ හා වෛද්‍යවරුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මළමිනී සංඛ්‍යාව මෙයට වඩා පස් ගුණයකින් ඉහළ ගිහින්.
ඉල්ලුමට සරිලන මළමිනී සපයන්නට පාතාලයන් හා සොර කණ්ඩායම් කඩිමුඩියේම ක්‍රියාත්මක වුණා. මෙබඳු සොරුන් එකල එංගලන්ත මාධ්‍යකරුවන් හඳුන්වාදුන්නේ අඥඵභපපඥජබඪධද ර්ඥද ලෙසට. මළ මිනී සොරකම් කිරීමේ සුවිශේෂී හැකියාවක් සහිතව 'ලෝක වාර්තාවක්' හිමිකර ගැනීමට සමත් වූයේ ස්කොට්ලන්තයේ එඩින්බරාහි විලියම් බර්ක්. තැබෑරුමක බේබද්දකු ලෙස කල් ගත කළ ඔහුට එවකට ප්‍රකට ෙදාස්තරවරයකුගෙන් අපූරු කොන්ත්‍රාත්තුවක් ලැබුණා. ඒ වළදමා තිබූ ගැහැනු මළ සිරුරු දෙකක් ගෙනවුත් දීමට. මේ කොන්ත්‍රාත්තුව භාරගත් ඔහු හරියටම දින දෙකකින් ඕජස් ගලමින් තිබූ මළමිනී දෙකක් වෛද්‍යවරයාගේ රහසිගත කාමරයට ගෙන ආවා. වෛද්‍යවරයා තව තවත් කොන්ත්‍රාත්තු විලියම්ට ලබාදුන්නා. ඒ තම හිතවත් වෛද්‍යවරුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට. බර්ක් සිතුවේ මේ මහා ධන නිධානයක් ලෙස.
වෛද්‍යවරුන් බොහෝ දෙනකු බර්ක්ගෙන් ඉල්ලා සිටියේ මියගොස් දිනක් දෙකක් පරණ වූ මළ සිරුරු. තොග ගණන් මළ සිරුරු එකවර සැපයීමේ ගැටලුවකට මුහුණ දුන් බර්ක්ට අපූරු සිතිවිල්ලක් ආවා. තමන් සමඟින් මධුවිත තොල ගාන්නට එන තම වියපත් මිතුරන් 'දඩයම්' කරන්නට ඔහු පටන් ගත්තා. මිතුරන් සමඟින් හොඳටම මධුවිත පානය කරන ඔහු කොහේ හෝ අඳුරු තැනකට ගොස් නොයෙක් ලෙසින් ඔවුන් ඝාතනය කොට මළ සිරුර වෛද්‍යවරුන්ට විකුණුවා. එහෙත් ඔහුට වැරැදුණේ දහසය වන බිල්ල ගොදුරු කර ගත්තාට පසුවයි. තම වියපත් මිතුරකු මරා මෝටර් රියේ ඩිකියේ දමාගෙන වෛද්‍යවරයකු මුණගැසීමට යන අතර වාරයේ මෝටර්රිය පරීක්‍ෂා කළ පොලිස් නිලධාරියකුට පරුෂ වචනයෙන් බැන වැදීම නිසා කෝපවූ පොලිස් නිලධාරියා ඔහුට පහරදුන් අතර මෝටර් රිය පොලිසියට ගෙන යන ලදුව එහිදී කළ පරීක්‍ෂණවලදී බර්ක්ගේ ඝාතන සියල්ලම හෙළි දරව් වූවා.
පසුව බර්ක්ව එල්ලා මැරූ අතර ඔහුගේ සිරුර එඩින්බරෝ වෛද්‍ය විද්‍යාලයට භාරදුන්නේ කිසිවකු හෝ ඔහුගේ මළ සිරුර භාර ගැනීමට ඉදිරිපත් නොවූ නිසයි. එංගලන්තයේ දහ අටවැනි සහ දහනව වැනි සියවස් මුල් භාගයේදී මළමිනී සොරකම් කිරීම වෘත්තියක් බවට පත්කරගත් පිරිසක් බිහිව සිටියා. මළ මිනී සොරුන් දෙපළක් වූ ජෝන් බිෂොප් සහ තෝමස් විලියම්ස් ජයටම මේ රැකියාව කරගෙන ආ අතර එක් සතියක ඔවුන්ට 'ගොදුරක්' ලැබුණේ නෑ. මධුවිතට කටගැස්මට මුදලක් කෙසේ හෝ උපයාගත යුතු යැයි සිතූ ඔවුන් මහමඟ ගමන් කළ දාහතර හැවිරිදි දරුවකු පැහැරගෙන ගොස් මුහුණට කොට්ටයක් හිරකර මරා දැමුවා. පසුව මහ රෑ වෛද්‍යවරයකුට මේ සිරුර අලෙවි කළ ඔවුන් තැබෑරුමකට ගොස් රිසි සේ සප්පායම් වුණා.
වෛද්‍යවරයා මේ සිරුර නිරීක්‍ෂණය කිරීමට පටන් ගත්තා. මඳ වේලාවක් යන විට ඔහුට මේ මළ සිරුර ස්වාභාවික මරණයකට ගොදුරු වූවක් නොවන බව සිතා ගැනීමට අපහසු වුණේ නෑ. මෙය මිනීමැරුමක් බවට තීන්දු කළ ඔහු වහා පොලිසිය ඇමැතුවා.
ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට පත්වූ අතර ලඝු නඩු විභාගයකින් අනතුරුව ඔවුන් දෙපළටම මරණ දඬුවම හිමි වුණා. ඔවුන් දෙපළගේද සිරුරු භාර ගැනීමට කිසිදු ඥාතියකු ඉදිරිපත් වුණේ නෑ. අධිකරණ තීන්දුවකින් වෛද්‍ය පර්යේෂණ කටයුතු සඳහා හිමිකරුවන් නොමැති මළ සිරුර භාර ගැනීමට හැකි බවට නිගමනය වූයේ මෙම සිදුවීමත් සමඟ. ඇමෙරිකාවේද මහා ධන උල්පතක් වෙමින් පැවැති මළමිනී සොරකමට වෘත්තිය නිපුණතාවකින් යුතු පිරිසක් වෙනමම බිහිවී සිටියා. පාතාල කල්ලිවලට පමණක් මෙම කාර්යය ඉටුකර ගැනීමට අපහසු වූ කල 'බලගතු අතු' අල්ලන්නටද පාතාලයන් ක්‍රියා කළා.
වසර 1788දී ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බරපතළ කැරැල්ලක් මැඬලීමට එරට පොලිසියටවත් නොහැකි වුණා. එවකට තම තමන්ගේ නෑසියන් මිය ගියාට පසුව ඔවුන්ගේ මළ මිනී සොරෙන් ගෙන ගොස් නොයෙක් පිරික්සුම් පවත්වන ෙදාස්තරලාට පාඩමක් ඉගැන්වීම සඳහා මේ කැරැල්ල ක්‍රියාත්මක වුණා. කුපිත වූ මහජනතාව නිව්යෝර්ක් මහජන ආරෝග්‍ය ශාලාව වටලා එහි සේවය කළ ෙදාස්තරවරුන්ට පන්න පන්නා පහර දුන් අතර එහි පර්යේෂණාගාරයට ගිනිතබා විනාශ කළා. මෙය ඇමෙරිකාවේ ප්‍රථම ජන අරගලය ලෙසටද වාර්තා වුණා.
ඩබ්ලිව්.ඒ. සරත්චන්ද්‍ර
කටින් නයා දාලා
නහයෙන් එළියට ගන්න
ස්නේක් මානු
ඉන්දියාවේ ජීවත්වන සී. මනෝහරන් නමැති දෙදරු පියා ලෝකය වඩාත් හොඳින් හඳුනන්නේ "ස්නේක් මානු" (ඉදචඬඥ ර්චදභ) යන නමිනි.
ඔහුට එම නම වැටී ඇත්තේ නාසයෙන් සර්පයන් රිංගවා කටින් එළියට ගැනීමට ඔහු දක්වන දක්‍ෂතාව හේතුවෙනි. ඔහු ඒ සම්බන්ධයෙන් ගිනස් වාර්තාවක්ද තබා ඇත.
මේ වන විට "ස්නේක් මානු" විවිධ වර්ගයේ සර්පයන් සිය නාසය තුළින් රිංගවා මුඛයෙන් එළියට ගැනීමේ හැකියාවෙන් යුක්තව සිටී. ඔහු සාර්ථකත්වය දක්වන සර්පයන් අතර නයින්, පිඹුරන් කරවලුන් මෙන්ම ගැරඩිද වෙති. "ස්නේක් මානු" වඩාත් කැමැත්තක් දක්වන්නේ නයින් යොදාගැනීමටය. ඒ විසකුරු නයින් ඉතා කඩිසර බැවිනි.
මානු සර්පයන් තම නාසය තුළින් රිංගවා යැවීමේ බියකරු කාර්යයට අතගැසීමට ප්‍රථම චෝක් කැබලි, මකන ආදී විවිධ දේ නාසය තුළින් ඇතුළු කොට මුඛයෙන් පිටතට ගැනීමටත් එවැනි දේ කරමින් පන්තියේ එකට ඉගෙනගනිමින් සිටි අනෙකුත් ළමයින් මවිතයට පත් කිරීමටත් පුරුදුව සිටියේය.
මානු මෙවැනි දෙයක් කිරීමේ විශ්වාසය ඇති කරගත්තේ තමාට වයස අවුරුදු 13දී යෝග අභ්‍යාස පන්තියේදී බව කියයි. "මගේ ගුරුතුමා පැවැසුවේ හැම කෙනකුටම විශේෂිත දෙයක් කිරීමේ ශක්තිය තියෙනවා කියල. මගේ යහළුවන්ටත් නොයෙකුත් විශේෂිත දේ කිරීමේ හැකියාව තිබූ නිසා මටත් එවැනි දෙයක් කිරීමට අවශ්‍ය වුණා" යැයි මානු කියයි.
"මුලින්ම මම වයර් සමඟ පුරුදු වුණා. නාස් කුහරයෙන් වයර් රිංගවා මුඛයෙන් එළියට ගත්තා. ඒ වගේම නූල් සහ චෝක්වලිනුත් එසේම පුරුදු වුණා. ඊටත් පසුවයි මා සර්පයන් යොදාගත්තේ" යැයි මානු පැවැසීය.
"ස්නේක් මානු" පවසන පරිදි මේ භයංකර කටයුත්තේදී කිහිපවරක්ම ඔහුට සර්පයන් දෂ්ට කර තිබේ. එනමුත් යෝග අභ්‍යාසවලින් ලත් පුහුණුව ඔහුට වේදනාව සමනය කර ගැනීමට උපකාරි වී තිබේ.
මේ භයංකර කටයුත්ත හේතුවෙන් ඔහු වටා රසිකයන් රැසක් එක්වී තිබේ. ස්නේක් මානු තම රසිකයන් විනෝද කිරීමට කැමැත්තක් දක්වයි.
ස්නේක් මානු ගිනස් වාර්තා තබා ඇත්තේ නහයෙන් සර්පයන් රිංගවාගෙන මුඛයෙන් එළියට ගැනීමට පමණක් නොවේ. 2006 වසරේදී ඔහු තත්පර තිහක් තුළදී වැඩිම බිම් පණුවන් ගණනක් කා දැමූ මිනිසා වශයෙන්ද ගිනස් වාර්තාවක් තබා තිබේ. ඔහු තත්පර තිහකදී ගිලදැමූ බිම් පණුවන් ගණන 200කි. සෑම පණුවකුම අවම වශයෙන් සෙ.මි. 10කට වැඩි දිගකින් යුතු විය.
රු කාරියවසම්
උතුරු අයර්ලන්තයේ අරුම පුදුම ගස් පාර
අන්ධකාරයෙන් වැසී ගිය මාවතක ගමන් ගන්නා විට කාගේත් සිත් තුළ ඇතිවන්නේ තරමක භීතියකි. එහෙත් ත්‍රිමාණ දර්ශනතල මෙන් දිස් වන මෙම සුන්දර පරිසරය පිහිටා තිබෙන්නේ උතුරු අයර්ලන්තයේ ආමොයි නමැති ග්‍රාමීය පරිසරයට යාබදවයි. සුරංගනා කතාන්දරවල මෙන් දර්ශනීය පරිසරයකින් සමන්විත මෙම සුන්දර මාවතේ යෑමට කවුරුත් දක්වන්නේ ඉමහත් කැමැත්තකි. තරමක් පටුව පිහිටා ඇති මාර්ගයක දෙපසින් විශාල බීච් වර්ගයේ ගස් සමීපව පිහිටා ඇති අතර ඒ තුළින් විහිදී ගිය අතු එකිනෙකට යාවී සුන්දර දර්ශන තලයක් නිර්මාණය කරයි. මාර්ගය දෙපස එක් එක්ව යාවී පවතින මෙම සුවිසල් ගස්වල අතු ඉහළින් වියනක් සේ යාවී පැවැතීම හේතුවෙන් දහවල පවා මෙම මාවත අන්ධකාර ස්වභාවයකින් සමන්විතය. හිරු කිරණ පතිත වීමට ඇති අවකාශය වළක්වාලමින් සුන්දර දර්ශනතල මවමින් දිස්වන මෙම තුරු දෙපසින් සමන්විත මාවත 'ද ඩාර්ක් හෙජර්ස්' නමින් හඳුන්වනු ලබයි. දුටු පමණින් සිත් ඇදී යන මෙම සුන්දර දර්ශනය උතුරු අයර්ලන්තයේ ආමොයි ග්‍රාමයේ පිහිටා ඇති අතර මෙම වෘක්ෂ ශතවර්ෂ තුනකට අධික කාලවකවානුවකට පෙර රෝපණය කරන ලද ඒවා බවට ආමොයි ගැමියෝ් පවසති. වර්ෂ 1998 වනතුරු මෙය ලෝකයෙන් වසන්ව පැවැති දර්ශනයක් වූ අතර ඒ වකවානුව වන තෙක් එහි සුන්දරත්වය වින්දේ ආමොයිහි ගැමියන් පමණි.
එහෙත් ඉන් අනතුරුව උතුරු අයර්ලන්තයේ සංචාරක බලධාරීන්ගේ අවධානය මෙම සුන්දර පරිසරය වෙත යොමු විය. සිය සංචාරක ව්‍යාපාරය ඉහළ නංවාලීමට එම දර්ශන තලයෙන් සමන්විත මාවත කදිම තෝතැන්නක් යැයි බලධාරීන් තීරණය කිරීමෙන් අනතුරුව සංචාරකයන්ට සුන්දරත්වය නැරැඹීමට සුදුසු ස්ථානයක් ලෙස 'ද ඩාක් හෙජර්ස්' මාවත නම් කළේය. ඒ වකවානුවේ සිට අද දක්වාම සුරංගනා ලොවක සිරි ගෙන එන මෙම මාර්ගය ලෝකය පුරා ප්‍රචලිත විය. ලොව බහුල වශයෙන් ඡායාරූප ගනු ලබන ස්ථානවලින් ඉදිරියටම පැමිණ සිටින 'ද ඩාක් හෙජර්ස්' ලෝකයේ බොහෝ රටවල විවාහකයෝ සිය මංගල ඡායාරූප ගැනීම සඳහා යොදා ගනිති.
සමිත් මධුරංග
0 comments:
Post a Comment