facebook like

ශ්‍රී ලංකාව අධිකාරිවාදී රාජ්‍යයක් - නීතිවේදී එකමුතුව

ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බැඳීමට සහ ජනතාව එක් රැස් වීම වැළැක්වීමට ආරක්ෂක අමාත්‍යංශයට කිසිදු නීත්‍යානුකූල බලයක් නොමැති බව නීතිවේදීන්ගේ සංවිධානයක් පවසයි.

නීතිවේදී එකමුතුව ඒ බව පවසන්නේ, පුවත්පත් සාකච්ඡා, වැඩමුළු, මාධ්‍යවේදීන් පුහුණු කිරීම් සහ පුවත්පත් නිවේදන නිකුත් කිරීම වැනි සියලුම ආකාරයේ කටයුතුවලින් වැළකිය යුතු බවට ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය ජුලි පළමු වැනිදා රාජ්‍ය නොවන සංවිධාන වෙත නිකුත් කළ චක්‍රලේඛයක් සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරමින්.

"අවසර නොලත් එවැනි සියලුම ආකාරයේ කටයුතුවලින් වහාම වැළකිය යුතු බවට අපි යලිත් අවධාරණය කරන්නෙමු," යනුවෙන් ද රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක/රෙජිස්ට්‍රාර් ඩීඑම්එස් දිසානායක විසින් නිකුත් කරනු ලැබ ඇති නියෝගයේ දැක්වේ.

එම ලේකම් කාර්යාලය රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි.

'ඒකාධිපති රාජ්‍යයක්'
කෙසේ නමුත් මෙම නියෝගය නිකුත් කිරීම මගින් ආරක්ෂක අමාත්‍යාංශය සිය බලය ඉක්මවා කටයුතු කොට ඇති බවයි, නීතිවේදී එකමුතුව වෙනුවෙන් එහි කැඳවුම්කරුවන් වන ක්‍රිශාන්ත වැලිඅමුණ සහ ලාල් විජේනායක නීතිවේදීන් විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයේ දැක්වෙන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදී හරයන් ගරු කරන ඕනෑම රාජ්‍යයක් ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවීමට සහ මාධ්‍යවේදීන් පුහුණු කිරීම හෝ වැඩමුළු පැවැත්වීම වැනි නීත්‍යානුකූල කටයුතුවල යෙදීමේ පුරවැසියන්ගේ අයිතියට ගරු කරන බවයි, නීතිවේදීන් ප්‍රකාශ කරන්නේ.

"එවැනි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් වළක්වන්නේ අධිකාරිවාදී පාලනයක් පමණි," යනුවෙන්ද එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාව අධිකාරිවාදී රාජ්‍යයක් බවට පත් වී තිබෙන බවට මතු වන චෝදනා ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගය මගින් තවදුරටත් සනාථ කෙරෙන බවද නීතිවේදීහු පවසති.

වැඩිදුර විස්තර විමසීම පිණිස ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක/රෙජිස්ට්‍රාර් ඩීඑම්එස් දිසානායක ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් පැවැත්වීමට උත්සාහ දැරූ මාධ්‍යවේදී පුහුණු වැඩමුළු කිහිපයක්ම කඩාකප්පල් කළ බවට බලධාරීන්ට චෝදනා එල්ල විය.

ඉන් අනතුරුව සිය වාර්ෂික සමුළුව පැවැත්වූ හෝටලයටද තර්ජන එල්ල වීම හමුවේ, සමුළුව වෙනත් ස්ථානයක පැවැත්වීමට සිදු වූ බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive