ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට අපේක්ෂාවෙන් සිටින පාප් වහන්සේ මෙරටට පැමිණි පසු උතුරේ ද සංචාරය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් පාප් වහන්සේ උතුරේ සංචාරය කළහොත් ඡන්ද පදනම නැතිවෙයි කියා ආණ්ඩුවෙන් බියෙන් සිටින බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පවසයි.
කොළඹදී අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
ඉකුත් දින කිහිපයේදී ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් රැගත් යාත්‍රාවක් ඔස්ට්‍රේලියානු ක්‍රිස්මස් දූපත ආසන්නයේදී අනතුරට ලක්වීම හා මේවන විට එම යාත්‍රාවට වී ඇත්තේ කුමක්ද පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම එහිදී කියා සිටියේ ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ ද මීට සම්බන්ධයක් ඇතැයි සැකකරන බවයි.
ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ලංකාණ්ඩුව ගැන වර්ණනා කරන බවත් ශ්‍රී ලංකාව සාමකාමි පරිසරයක් ඇති රටක් බව කියන බවත් පැවසූ අසාද් සාලි මහතා දර්ගා නගරයට ආවොත් සාමකාමිත්වය බලා ගත හැකි බවද පෙන්වාදුන්නේය.
ආගමික පොලිස් පැමිණිලි ඒකකයට තමන් පැමිණිලි 284ක් ඉදිරිපත් කළ බවත් එකදු පැමිණිල්ලක් ගැනවත් විමර්ශනයක් නැති බවත් පැවසූ හෙතෙම පොසොන් පෝයට කලින් එය ඉවත් කරගන්නා ලෙසට බලපෑම් කළ රාවණා බලය දැන් නිහඬ මන්දැයි ප්‍රශ්න කළේය.
අලුත්ගම බොදුබල සේනා රැස්වීම පැවැත්වීමට පෙර දින තමන් නියෝජ්‍ය පොලිස්පති අනුර සේනායනායකට එම රැස්වීම නවතන ලෙසට දැනුම්දුන් බව ඔහු පැවසුවේය.
තමන් කළ ඉල්ලීම ගැන ඩිව් ගුණසේකර අමාත්‍යවරයා ද පාර්ලිමේන්තුවේදී කියා සිටි බවත් හෙතෙම පෙන්වාදුන්නේය.
එසේම මේ ගැන අදහස් දැක්වීම නිසා හකීම් ඇමතිවරයා මෙන්ම තමාද අන්තවාදීන් නම් අත්අඩංගුවට ගන්නැයි කියන බව ද අසාද් සාලි මහතා කියා සිටියේය.
ඇමතිවරුන් ලේකම්වරුන් කෝටි ගණනින් මුදල් වංචා කරන බවද සඳහන් කළ ඔහු පීඩාවට පත්වූ ජනතාවට ගෙවීමට මුදල් නැතත් කාර් රේස් පැවැත්වීමට මුදල් ඇති බවද වැඩිදුරටත් පැවසුවේය.

0 comments:
Post a Comment