තමන් විසින්ම තුවාල කරගෙන දැත් ගැට ගසාගෙන හිරණ පාලම අසල කිඳෙල්පිටියේ වගුරු ප්‍රදේශයක වැටී සිට නා\qනන පිරිසක් පහර දුන් බවට අසත්‍ය පැමිණිලි කළැයි රක්ෂිත සිරභාරයේ සිටි ජාතික බල සේනා සංවිධානයේ නායක හා මහියංගණ ප්‍රාදේශීය සභාවේ එජනිස මන්ත්‍රී වටරැක විජිත හිමියන් රුපියල් දස දහසක මුදල් ඇපයක් ද රුපියල් පනස්දහස බැගින් ශරීර ඇප දෙකක් හා විශේෂ ඇප කොන්දේසි ද මත මුදාහැරීමට පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඊයේ (07 දා) නියෝග කළේය.
නඩුවේ සාක්කිකරුවන්ට බලපෑම් නොකළයුතු බවත් එසේ වුවහොත් ඇප අවලංගු කරන බවත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
විත්තිකරු බෞද්ධ භික්ෂුවක් වීම අධිකරණයේ විශේෂ අවධානයට ලක් වෙනවා. විනය අටුවාවේ සමන්ත පාසාදිකාවේ බෞද්ධ භික්ෂුවගේ විනය පැවැත්ම ගැන බුදුන් වහන්සේ දේශනා කරනවා. විනය රැකෙනතාක් කල් ශාසනය රැකෙනවා. බෞද්ධ භික්ෂුව විනය ආරක්ෂා කර නොගතහොත් බුද්ධ ශාසනයත් පිරිහෙනවා. එම නිසා මෙම නඩුව කෙරෙහි අධිකරණයේ සුවිශේෂී අවධානය යොමු වනවා'යි මහෙස්ත්‍රාත්වරයා පැවසීය.
මෙම නඩුව මෙහෙයවීමට රජයේ නීතිඥ සහාය ලබාගත යුතු බවට අධිකරණය නියම කරනවා. ඒ සඳහා නීතිපතිවරයා මාර්ගයෙන් රජයේ නීතිඥයකු ලබා ගැනීමට කටයුතු යොදන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට දන්වා සිටිනවා. පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස ද නැවත නඩුව කැඳවීම සැප්තැම්බර් 1 දා තෙක් කල් තබන බව ද මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියම කළේය.
විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍ර. පො. පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතා චෝදනා පත්‍රය අධිකරණයට ඉදිරිපත් කළේය. මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයේ පීඨාධිපතිවරයා වෙත සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා යවන ලද සංයුක්ත තැටි සම්බන්ධව ලැබී ඇති වාර්තාව ද අධිකරණයට ඉදිරිපත් කරමින් ඒවා වෙනස් කිරීමකින් තොර සත්‍ය වූ තොරතුරු අඩංගු ඒවා බවට තහවුරු කර ඇති බවද දැන්වීය.
වටරැක හිමි අධිකරණයට වැඩමකොට බන්ධනාගාර රියෙන් බැස ''බොදුබල සේනාව මේ රට ලේ විලක් කරනවා" බොදු බල සේනාවට ගම්මිරිස් අඹරලා හැඳි ගෑවිලා යන්න වැඩ කළේ නැතිනම් මේ රටට හරියන්නේ නැහැ. බොරු ශෝභන වලින් මේ රටේ ජාතික සමගිය ඇති කරන්න බැහැ. සමගිය ගේන්නනම් හලාල් ගේන්න ඕනි. මම නිවැරැදියි. සත්‍ය කවද හරි එළිවෙයි යනුවෙන් පැවසූහ.

0 comments:
Post a Comment