ඒබ්‍රහම් ලින්කන් ඇමෙරිකාවේ විසූ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි.
විලියම් මුලර් නම් ඡායාරූප ශිල්පියා 1869 තරම් ඈත කාලයේ ප්‍රසිද්ධියට පත් කළ ලින්කන්ගේ ඡායාරූපයක පසුබිමේ දිස්වෙන ආගන්තුක රුවක් එම සේයාරුවට කෙසේ පැමිණියේ දැයි සිතා ගැනීමට නොහැකි නිසා එම ඡායාරූපය නොමඳ ජනතා අවධානය දිනා ගන්නට සමත් විය.එනිසාම විලියම් මුලර්ට විශාල ආර්ථික වාසියක් අත්වූ බව වාර්තා වෙයි. මෙම ආගන්තුක රුව ධවල මන්දිරය තුළ සිටිනා භූතයෙකුගේ විය හැකි බව අදහන්නන් අදටත් ලොව පුරා වෙසෙයි.
භූතයන් සහ අවතාර ලෙස සැලකෙන නාඳුනන වස්තූන් සහිත ඡායාරූප සිය දහස් ගණනක් ලොව පුරා ප්‍රකටව ඇත. හුදකලාව රිය පදවන රියැදුරන්ගේ රථවල පසුපස අසුනේ පෙනී සිටිනා භූතයන් මෙන්ම පුද්ගලයින්ගේ ශරීර අසල ගැවසෙන භූතයන්ගේ ඡායාරූපද ඒ අතර සුලභය.
ඇතැමුන් මෙම ඡායාරූප භුතයන්ගේ ආත්මයන් ලෙස හඳුන්වන අතර තවත් පිරිසක් මෙම ඡායාරූප අවතාර බව හඳුන්වයි. කෙසේ නමුත් මේ දෙකොටසටම ඕනෑම කෙනෙකුගේ පියවි ඇසට දර්ශනය නොවන බැවින් ඒවා පොදුවේ අදෘෂ්‍යමාන වස්තූන් ලෙස හැඳින්වීම වඩාත් සාධාරණය.
පරිගණක
තාක්ෂණයේ දියුණුව සහ ඡායාරූපකරණයේ සුලභ අධි තාක්ෂණික උපක්‍රම නිසා වර්තමානයේ මෙවැනි භූත ඡායාරූප පිළිබඳ අවධානය යොමු නොවන තරම්ය. එහෙත් 2013 වසරේ ජුනි මාසයේදී 3000 පමණ පිරිසක් සේවය කරනා බංග්ලාදේශ ඇඟලුම් කම්හලක ඇතිවූ වර්ජනයකටද මුල්වූයේ සේවක විවේකාගාරයක ගැවසෙන භූතයෙකි. මෙම භුතයාගේ යැයි පැවසෙන අපැහැදිලි රුවක් ඡායාරූපයට නැගීමට සේවකයෙකු සමත්ව තිබුණි. ජංගම දුරකථනයක් මගින් ලබාගත් එම ඡායාරූපයේ විශ්වසනීය බව ප්‍රශ්නයට නැගුන මුත් මෙකී පිරිමි භුතයා කාන්තා විවේකාගාරයේ පවා ගැවසීම නිසා සේවිකාවන් වැඩ වර්ජනය කළ බවද වාර්තා වෙයි.
ඡායාරූප මත දිස්වෙන භුතයන් සහ අවතාර පිළිබඳ ගැටලුව ගැන ඩේවිඩ් බෘෘස්ටර් නම් පුද්ගලයා ග්‍රන්ථයක් පවා පළ කර ඇත. බාහිර වස්තූන් ඇතුළු කර ඡායාරූප යළි සැකසීම ඡායාරූපකරණය සහ කැමරාව සොයාගැනීම තරම්ම පැරණි බවත්, ර්භතබඪනතඥ ඥයනධඵඥ සහ ඛිධථඡඪදචබඪධද නපඪදබඪදඨ බහුවිධ ප්‍රදර්ශනය සහ සංයුක්ත මුද්‍රණය යන තාක්ෂණික ක්‍රම ඇතුළු විවිධ ක්‍රම රාශියක් මේ ආකාරයෙන් අවතාර සහ භූතයන් ඡායාරූප මත මුද්‍රණයට යොදා ගත හැකි බව ඩේවිඩ් බෘෘස්ටර් 1856 වසරේ පළ කළ ප්‍රකාශනයක සඳහන් කර ඇත.
ඡායාරූපවල දක්නට ලැබෙනා අවතාර සහ භූත රූප කිසියම් ආකාරයක සංස්කරණ ප්‍රයෝගයක් විය හැකි මුත් විවිධාකාර වූ ආලෝක ලප සහ ගෝලාකාර වස්තූන් එවැනි ප්‍රයෝග ලෙස හඳුන්වාදිය නොහැකි බව නොයෙල් ඩෝර් නම් විද්‍යා ලේඛකයා සිය ‘10 ඉජඪඥදබඪටඪජ ජ්යනතචදචබඪධදඵ
ටධප ට්ඩධඵබතර ඩඥදධථඥදච ප්‍රකාශයෙන් පවසා සිටියි. ඇතැම් ඡායාරූපවල දැක්වෙන මෙවැනි ආලෝක ලප ආදිය දේවතා එළි හෝ වෙනයම් අදෘශ්‍යමාන වස්තූන් ලෙස සැලකීමට ලාංකිකයන්ද පුරුදුව සිටින නිසා මේ පිළිබඳ විමසා බැලීම කළ යුතුම ක්‍රියාවක් බව හැඟේ.
නොයෙල් වෝර් පවසන ආකාරයට ඇතැම් ඡායාරූප පසුබිමේ දැකගත හැකි ගෝලාකාර අපැහැදිලි වස්තූන් ඇතැම් විට පියවි ඇසටද දර්ශනය වෙයි. එහෙත් ඒවා පියවි ඇසට පෙනෙනා ආකාරයට වඩා වෙනස් ආකාරයකින් ඡායාරූපවල සඳහන් වීම සිදුවෙයි. උදාහරණයක් ලෙස ගස් අතර බැඳ ඇති කුඩා මකුළු දැලක කොටසක් ආලෝක වෙනස්කම්වලට බඳුන් වී ඡායාරූපයක මුද්‍රණය වනුයේ කුඩා ලපයක් ලෙස විය හැක. මෙවැනි මකුළු දැලක කුඩා මකුළුවෙකු සිටිය හොත් කැමරාවේ ආලෝකය සහ ස්වාභාවික ආලෝකය අතර ඇතිවන තරගය නිසා අපූරු රුවක් මැවීමට ඉඩ තිබෙන බව නොයෙල් ඩෝර් පවසයි. එමෙන්ම ඉහළ නගින ආලෝක හා වායු කදම්බ සහ දූවිලි අංශු ද අඳුරු ලප ලෙසින් කැමරාවට නැගෙන්නට පුළුවන් බව ඔහු පවසයි.
ප්‍රකට ඡායාරූප ශිල්පියෙකු වන පැමෙලා ගීත් පවසන ආකාරයට අවට පරිසරයේ ආර්ද්‍රතාවය මෙන්ම කැමරා කාචයේ තෙතමනය සහ පුස් බැඳී තිබිම නිසා පවා මේ ආකාරයේ අරුම පුදුම ගෝලාකාර වස්තූන් නිර්මාණය විය හැක. එමෙන්ම හිරු එළිය තෙත සහිත රෙද්දක් වැනි යමක් තුළින් ගමන් කිරීමේදී පවා දූවිලි අංශූ වැනි දේ වඩාත් විචිත්‍රාකාරයෙන් ඡායරූපයට නැගීමට ඉඩ තිබෙන බව ඈ පවසයි. බොහෝ පූජනීය ස්ථාන ආශ්‍රිතව දිස්වූ දේවතා එළි ලෙස ඇතැමුන් ගෙනහැර පානා ඡායාරූපවල ඇතුළත ඇත්තේ මෙවැනි දෘෂ්ටි ප්‍රයෝග සහ විද්‍යාත්මක කරුණු බව පැමෙලා ගීත් පවසයි.
ඇය පවසන ආකාරයටද ඇතැම් ඡායාරූපවල පසුබිමේ ඇති රේඛා හෝ වෙනත් ආකාරයක ධාරාවන් නිර්මාණය වනුයේ ඉහළ නගින වායු ධාරාවන් මගිනි. කාබන් මොනොක්සයිඩ් වැනි බර අඩු අවර්ණ වායූන් සමග ඉහළ යන දූවිලි අංශු මත පතිත වන ආලෝක කිරණ මගින් මෙවැනි රේඛා නිර්මාණය විය හැක. ඊට අමතරව පසුබිමට යොදා ගන්නා තිර රෙදි මත රැඳෙන ආලෝකය මගින්ද මේ ආකාරයේ භූතයන් සහ අවතාර ඡායරූප මත ඇතිකරයි.
ඡායාරූපයක් යනු ආලෝකය සහ අඳුර විසින් නිර්මාණය කරනා සිතුවමක් වන බැවින් එහි ඕනෑම වෙනස්කමක් අඳුර සහ ආලෝකයට කළ හැකි බව පැමෙලා ගීත් පවසයි.
අනාරාධිතව ඡායාරූපවල පෙනී සිටින භූතයන් සහ අවතාර අද වන විට අතීතයේ සිහිවටන බවට පත්වෙමින් සිටියි. ඒ වර්තමානයේ ඡායාරූප කලාව සහ පරිගණක තාක්ෂණය ලබා ඇති ඇදහිය නොහැකි දියුණුව නිසාය. සියවසකට පමණ පෙර ඡායාරූප සංස්කරණය කළේ අඳුරු කුටිවල සිට බොහෝ දුෂ්කරතා මධ්‍යයේය. එහෙත් අද එය සුවපහසු කාමරයක සිට කිසිදු රසායනයක් භාවිතා නොකර පරිගණකයක් ආධාරයෙන් සිදුකළ හැකි ක්‍රියාවක් බවට පත්ව ඇත. ඔබ කැමති ඕනෑම භූතයෙකු ඕනෑම ඡායාරූපයකට ඇතුළු කර ගැනීම ඉතා සුළු වේලාවකදී කරගත හැකි තත්ත්වයට අද පත්ව ඇත.
අවතාර සහ භුතයන් පමණක් නොව පිටසක්වල ජීවීන්, පියාඹන පීරිසි ආදියද දුටු පුද්ගලයන් ඉදිරිපත්කරනු ලබන ඡායාරූපවල වලංගු භාවය පිළිබඳ බොහෝ විද්වතුන් සැක පළ කරනුයේ නූතන තාක්ෂණයට භූතයන් අවතාර ග්‍රහ තරු පමණක් නොව දෙව්ලොව සහ අපාය ඇතුළුව මුළු මහත් විශ්වයම කැමති ඕනෑම ආකාරයකට ප්‍රතිනිර්මාණය කිරීම ඉතා සුළු දෙයක් වන බැවිනි.
( අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු)

0 comments:
Post a Comment