facebook like

දැරිය දුෂණය කළ බවට සැක නාවික සෙබළා හඳුනා නොගැනේ

යාපනයේ කරෙයිනගර් ඌරි පළාතේදී පාසල් දැරියකට ලිංගික අතවර කළ බවට සැක කරණ නාවික හමුදා සෙබළා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් ඉදිරිපත් කෙරිණ.

එකොළොස් හැවිරිදි දැරියට ලිංගික අතවර සිදු වූයේ යැයි කියන නාවික හමුදා කඳවුරේ සෙබළුන් හත් දෙනෙකු අත් අඩංගුවට ගෙන යාපනය අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

යාපනයේ පැවති මෙම හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී අදාළ සෙබළා දැරියට හඳුනා ගැනීමට නොහැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පැවසුවේය.

මේ තත්ත්වය මත අධිකරණය විසින් එම සෙබළුන් හත් දෙනා ඇප මත නිදහස් කර තිබේ.

කෙසේවෙතත් පොලිසිය කිසිවිටකත් මෙම පරීක්ෂණ කටයුතු අතරමග නතර නොකරණ බව කී ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ දැරිය විසින් හැඩ රුව කියා සිටි, එම නාවික හමුදා කඳවුරේ සිටින සෙසු පිරිසද අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පැවසුවේය.

මේ අතර යාපනයේ කරෙයිනගර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විශාල පිරිසක් සිකුරාදා උද්ඝෝෂණයක නිරත වෙමින් ඉල්ලා සිටියේ මේ සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත් අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළ යුතු බවයි.

සිද්ධියට සම්බන්ධ සැකකරු සඟවා සිද්ධිය යටපත් කිරීමට සියලු ආරක්ෂක අංශ උත්සහ දරණ බවටද මේ උද්ඝෝෂණයේදී චෝදනා එල්ල කෙරිණ.

නමුත් ලිංගික අතවරයට ලක්වූ දැරියගේ දෙමවුපියන්, ඥාතීන් හා සමීප ඥාතීන් මේ සම්බන්ධයෙන් මේ වන විටත් කිසිවක් ප්‍රකාශ නොකරන්නේ ඔවුන්ට එල්ල වී ඇති තර්ජන හේතුවෙන් බවයි වාර්තාකරුවන් පවසන්නේ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive