facebook like

මඳක්‌ සිතා බලනු

මහේල ජයවර්ධන. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරුවා. ඒ ජ්‍යෙෂ්ඨත්වය 1997 වසර තෙක්‌ ඇදී යනව. තවත් අතකින් ඒ ජ්‍යෙෂ්ඨත්වය ටෙස්‌ට්‌ තරග 144 ක්‌ කරා ඇදී යනව. එයින්ද නොනැවතී එක්‌ දින ජාත්‍යන්තර තරග 420 ක්‌ කරා ඒ ජ්‍යෙෂ්ඨත්වය ඇදී යනවා. එසේ හෙයින් මහේල ජ්‍යෙෂ්ඨයෙක්‌ යෑයි හැඳින්වීම ප්‍රශ්නයක්‌ වන්නේ නැහැ.

එතරම් තරග ප්‍රමාණයක්‌, එතරම් කාලයක පටන් ක්‍රීඩා කළ ඕනෑම ක්‍රීඩකයෙක්‌ නිතැතින්ම ජ්‍යෙෂ්ඨයෙක්‌ වෙනව. ඒත්, මහේල යනු ජ්‍යෙෂ්ඨත්වය මෙන්ම ශ්‍රේෂ්ඨත්වයත් එක ලෙස ළඟා කර ගත් ක්‍රීඩකයෙක්‌. ඒ ශ්‍රේෂ්ඨත්වය ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්‌ට්‌ තරගවලදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවාගේ ශ්‍රේෂ්ඨත්වය වෙනව. (සංගක්‌කාර හා සමතැන් ගනී) ඒ ශ්‍රේෂ්ඨත්වය ලොව වැඩිම ටෙස්‌ට්‌ ලකුණු ලාභීන් අතර 7 වැනි ස්‌ථානයේ පවතිනව. එසේම එක්‌ ටෙස්‌ට්‌ ඉනිමක ලොව වැඩිම ලකුණු ලාභීන්ගේ ලැයිස්‌තුවේ 4 වැනි ස්‌ථානයේ පවතිනව. එසේම ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ පිටියේ ඕනෑම කඩුල්ලක්‌ සඳහා ලොව හොඳම සම්බන්ධතාවයේ ප්‍රමුඛ හිමිකරුවාගේ ශ්‍රේෂ්ඨත්වයද ඔහුට හිමි වනව. එසේම ලොව වැඩිම ටෙස්‌ට්‌ උඩ පන්දු රැක ගත් ක්‍රීඩකයන් අතර 3 වැනි ස්‌ථානයද මහේලට හිමි වෙනව. එතැනින්ද නොනැවතී ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ජීව ගුණය රැකගත් ක්‍රීඩකයාගේ සම්මානයෙන් සහ විස්‌ඩන් ක්‍රිකට්‌ ක්‍රීඩකයාගේ සම්මානයෙන්ද මහේල පුද ලැබුවේ ඒ ශ්‍රේෂ්ඨත්වය නිසයි. ජ්‍යෙෂ්ඨත්වයටත් වඩා ශ්‍රේෂ්ඨත්වයක්‌ මේ හෙයින් මහේලට හිමි වෙනව.

මේ ශ්‍රේෂ්ඨයා ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කරලා. ඒ එළඹෙන පකිස්‌තානයත් සමඟ තරගාවලියෙන් පසුව. මේ පුවත ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට පෙම් බැඳි හැම දෙනාගේම සිත් වික්‍ෂිප්ත කිරීමට හේතු වුණා. ඒ හැමගේ අදහස වී තිබුණේ මහේලගේ තීරණය ඉක්‌මන් වැඩි බවයි. ඒ බව ඔහුගේ සංඛ්‍යා දත්ත විමසා බැලීමේදීද මැනවින් පෙන්නුම් කරනවා. එක්‌ දින තරගවලදී යම් පසු බෑමක්‌ පසු ගිය කාලයේ මහේලගෙන් දක්‌නට ලැබුණත් ටෙස්‌ට්‌ තරග වලදී මේ වර්ෂයේ ඔහු තරග 6 කදී ලකුණු 682 ක්‌ රැස්‌ කරගෙන තිබෙනවා. එහි සාමාන්‍යය 75.77 ක්‌ වෙනව. ඊට ද්විත්ව ශතකයක්‌, ශතකයක්‌ සහ අර්ධ ශතක 3 ක්‌ ඇතුළත් වෙනව. ටෙස්‌ට්‌ තරග වලදී 2011, 2012 සහ 2013 වසර වලදී පෙන්වන ලද තරමක දුර්වලතාවය මහේල මේ වසරේදී හදා ගෙන ඇති බවත් ඉන් පෙනෙනවා. එසේම මේ වන විට මහේල ටෙස්‌ට්‌ තරග 145 ක්‌ ක්‍රීඩා කර ඇති අතර මෙම දකුණු අප්‍රිකා තරග 2 සහ පකිස්‌තාන තරග දෙක ක්‍රීඩා කළත් මහේල ක්‍රීඩා කරන්නේ ටෙස්‌ට්‌ තරග 149 ක්‌ විතරයි. ඒ නිසා මහේල අඩුම තරමේ ටෙස්‌ට්‌ තරග 150 කඩඉම හෝ සනිටුහන් කර සමුගනු ඇති බවයි, මහේලට ආදරය කරන සියලු ක්‍රිකට්‌ ප්‍රේක්‍ෂකයන්ගේ කැමැත්ත වී තිබෙන්නේ.

කුෂාන් සුබසිංහ

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive