ඉකුත් මාස හතර පහ ඇතුළත ජනාධිපතිවරයා මේ කතාව මේ විදියටම කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කර සිටියේ වරක් දෙවරක් නොවේ. අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා ඇමැතිවරුන් කිහිපදෙනකුම ඍජුවම ඉලක්ක කරගෙන ඉකුත් කාල වකවානුවේ පැවැති කැබිනට් රැස්වීම්වලදී මේ කතාව ප්‍රකාශ කර තිබිණි. හදිසියේම මෙම කතාව යළි සිහියට නැඟුණේ ඉකුත් බ්‍රහස්පතින්දා උදෑසන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද ජනාධිපතිවරයා නැවැත වතාවක් මෙම කතාව පුනරුච්චාරණය කිරීම නිසාය. මෙවර ජනාධිපතිවරයා එය කැබිනට් මණ්ඩලයේ කියා සිටියේ එක්සත් ජාතික පක්‍ෂ නායකත්ව මණ්ඩලයේ සභාපතිවරයා වන කරු ජයසූරිය මහතාගේ බෑනනුවන් වූ ඇමැති නවීන් දිසානායක මහතා ඉලක්ක කරගෙනය.
.
කරු ආවොත් මම නවීන්ව පන්නනවා
"මට ආරංචියි අපේ එක ඇමැති කෙනෙක් පහුගිය දවසක තැනක කියල තියෙනවා මොන ප්‍රශ්නෙ තිබුණත් මේ දවස්වල ජනාධිපතිතුමා එයත් එක්ක පැන පැන කතා කරනවා කියලා. ජනාධිපතිවරණය ඉස්සරහට තියෙන හින්ද තමයි මේ විදියට පස්සෙන් ඇවිත් කතා කරන්නෙ කියලත් මේ ඇමැතිතුමා කියල තියෙනවා. හැබැයි එකක් මතක තියාගන්න. මම ඔය කාගෙවත් පස්සෙන් යන ජාතියෙ මිනිහෙක් නෙවෙයි. අනෙක මම කාටවත් බය මිනිහෙකුත් නෙවෙයි. ඕන එක්කෙනෙක්ට යන්න ඕන නම් මෙතැනින් යන්න පුළුවන්. ඇතුළෙ ඉඳගෙන කකුලෙන් අදින්න ඉඩ දෙන්න බෑ. දැන් බලන්න කාලයක් කරු අපි ළඟට ඇවිල්ල ඇමැතිකම් අරගෙන එක එක දේවල් කරන්න ආවා. මම කෙළින්ම කරුට කිව්වා යන්න කියලා. හැබැයි කරු නිකම් හරි එජාපයේ ජනාධිපති අපේක්ෂකයා විදිහට ආවොත් නවීන්ට මෙතැන ඉන්නත් බෑ. එහෙම වුණොත් මම නවීන්ව අයින් කරනවා. එයාට එයාගෙ මාමත් එක්ක ගිහින් ජනාධිපතිවරණ කැම්පේන් එක කරන්න පුළුවන්. මම කාටවත් ඇතුළෙ ඉඳගෙන මගෙ කකුලෙන් අදින්න ඉඩ තියන්නෙ නෑ" යැයි කෝපයෙන් යුතුව ජනාධිපතිවරයා අදහස් පළ කරද්දී මුළු කැබිනට් මණ්ඩලයම ගල් ගැසී මීයට පිම්බාක් මෙන් නිශ්ශබ්දව සිටියේය.
එහිදී සියලු දෙනාම බලන්නට වූයේ ජනාධිපතිවරයා මෙසේ හදිසියේම නවීන්ට ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළේ ඇයිදැයි කි
0 comments:
Post a Comment