facebook like

ජනාධිපති මහින්ද රාජපක්ෂ සරුංගල් යැවූ හැටි (Video)

“ජාතික සමගිය තුළින් සමාජ ඒකාබද්ධතාව” යන්න තේමා කර ගනිමින් 2014 සරුංගල් උත්සවය අද දිවයිනේ වෙරළ තීර 7කදී පැවැත්විණ.

ගාලු මුවදොර පිටියේ පැවැති ප්‍රධාන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය මෙම සරුංගල් උත්සවය සංවිධානය කළ අතර, ඊට දායකත්වය දැක්වූයේ නිව්ස් ෆස්ට්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සංවිධාන එකමුතුව සහ කයිට්ස් ශ්‍රී ලංකා සංවිධානයයි.

අද පස්වරුවේ ගාලු මුවදොර පිටියට පැමිණි ජනාධිපතිවරයා එම උත්සවයට එක් වෙමින් සරුංගලයක් ගුවනට යැවු අතර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාද ඊට සහභාගි විය.

අනතුරුව එහි පැමිණ සිටි පිරිස සරුංගල් උත්සවයට සහභාගි වු‍ණේ ජාතික එකමුතුව ප්‍රදර්ශනය කරමින් ය.

සරුංගල් කලාව ඈත අතීතයේ සිටම ශ්‍රී ලාංකේය ජන සංස්කෘතිය එක් කරන ක්‍රියාකාරකමක් බැවින් සමාජ ඒකාබද්ධතාව තුළින් ජාතික සමගිය යන තේමාව යටතේ එය මේ සඳහා මූලික කරගත් බව අමාත්‍යංශය සඳහන් කළේය.

මෙම උත්සවයේ තවත් අංගයක් වුයේ විවිධ සංස්කෘතීන් නියෝජනය වන පරිදි ආහාරපාන සකස් කර එම ස්ථානයේදී භුක්ති විඳින්නට ඉඩ සලසා දීමයි.

ජනාධිපතිවරයා ද  ඊට එක් විය.

සමාජ ඒකාබද්ධතාව, විවිධත්වය තුළ එකමුතු බව, යන පණිවුඩ ජනතාව අතරට ගෙන යාමේ අරමුණින් විවිධ සංස්කෘතීන් නියෝජනය වන ලෙස එහිදී සංස්කෘතික උළෙලක් ද පැවැත්විය.

ගාලු මුවදොර පිටියේ පැවැති උත්සව භූමියේ භාෂා කුටියක්ද සකස් කර තිබු අතර,එහි අරමුණ වුයේ සෑම භාෂාවක් පිළිබඳවම දැනුවත් භාවයක් ලබා දීමයි.

මෙම ප්‍රධාන උත්සවයට සමගාමීව හම්බන්තොට, ගාල්ල, මුලතිව්, පේදුරුතුඩුව සහ මඩකලපුව කල්ලඩි වෙරළ තීරවලදී ද සරුංගල් උත්සව පැවැත්වූහ.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive