facebook like

කඩොල් ඇතාගේ ඇත් දළ යුගල ගැන කතාව

 දුටුගැමුණු මහා රජතුමා රජවීමට පෙර ඔහුගේ මළනුවන් වන සද්ධාතිස්ස කුමරුවන් හා යුද වදිනු ලැබිය. සද්ධාතිස්ස කුමරුවන් හා දුටුගැමුණු කුමරුවන් බුත්තල යුධගනාව පිහිටි බිමට යුද වැදීම සඳහා සද්ධාතිස්ස කුමරුවන් කඩොල් ඇතු පිට පැමිණි අතර දුටුගැමුණු කුමරුවන් පැමිණියේ අශ්ව වෙළඹක් පිටින්ය. යුද්ධය කිරීමට සූදානම්ව පවතින මොහොතක වන විට දුටුගැමුණු කුමරුවන් අශ්ව වෙළඹ කඩොල් ඇතුගේ පිටට උඩින් පන්නා ශිල්ප දැක්විය. විටින් විට කීප පාරක් සද්ධාතිස්ස කුමරුවන් ලැගුම් ගෙන සිටි කඩොල් ඇතුගේ පිටින් පන්නා දුටුගැමුණු රජු ශිල්ප දැක්වූ අතර මෙම අසුන් පන්නවන විට දී කඩු පහරක් තම සහෝදරයාට එල්ල කිරීමට හැකි වුවත් දුටු ගැමුණු රජු එසේ නොකළේය. මෙම මොහොතේ දී ඉතාම බුද්ධියකින් සිටි කඩොල් ඇතු තම පිටට උඩින් අශ්ව වෙළඹක් දෙතුන් පාරක් පැන්නවීම ඇත් පරපුරටම අවමානයක් බව සිතා තම පිට උඩ සිටින සද්ධාතිස්ස ඉතාම දුර්වල පුද්ගලයෙකු බැවින් ඇතු පිට ගසා දමා බිමට වට්ටවනු ලැබිය. කඩොල් ඇතා දුටුගැමුණු රජු ඉදිරියට ගොස් වැඳ නමස්කාර කරනු ලැබිය.
මෙම සිදුවීම බලා සිටි සියලුම යුද සෙබළුන් ජය ඝෝෂා පවත්වා දුටුගැමුණු කුමරුට ජය ඝෝෂා පැවැත් වූ අතර දුටුගැමුණු කුමරුවන් මුලින් රජ වූ දිනය එදා බව පැරැන්නන් පවසයි.
 එදා සිටි දුටු ගැමුණු රජතුමා මිය පරළොව යන තෙක් විශේෂ කාර්ය භාරයක් ඉටු කළ අප රටේ ඉතිහාස ගත වූ හස්තියෙකි දුටුගැමුණු රජතුමාගේ කඩොල් ඇතු. දුටුගැමුණු රජතුමා එළාර රජු සමග කළ යුද්ධයේදී ඉතා ඥානවන්ත ලෙස සතුරන්ට එරෙහිව සටන් කිරීමට උරදුන් මෙම කඩොල් ඇතා දුටුගැමුණු රජතුමාගේ වයස හා සමාන බව පැවසේ.
මේ කඩොල් ඇතු පිළිබඳව අදහස් දැක් වූ කතරගම මහා දේවාලයේ පාරම්පරික ‍ලේකම් මහාබෙත්මේ දයානන්ද අධිකාරම් මහතා,
 කතරගම දේවාලයේ දෙවියන් වැඩම කරපු පළමු ඇතා වන්නේ කඩොල් ඇත. දුටු ගැමුණු රජතුමා රුවන්වැලිසෑය හදන විට දී අසනීප වූ විටත් මෙම කඩොල් ඇතු රජු සමග සිටි අතර දැඩි ලෙස රෝගාතුර වූ දුටුගැමුණු රජතුමා මිය ගිය පසුව එම දුක දැනුන කඩොල් ඇතුද රෝගාතුර වී තිබෙනවා.
 මහාබෙත්මේ දයානන්ද අධිකාරම් මහතා පැවැසුවේ දුටුගැමුණු රජතුමා මියගිය පසු නැවත කඩොල් ඇතා කතරගම දේවාලයට පැමිණීමේදී දැඩි ලෙස රෝගාතුර වූ බවයි. බුත්තල ගෝනගංආර මායිමේ පිහිටි දියකිරිත්ත නම් ස්ථානයෙන් දිය නහවා කතරගමට රැගෙන ඒමට ඇත් ගොව්වන් ක්‍රියා කළද ඇත් රජු ගෙන ඒමට නොහැකි විය. පසුව දින කිහිපයකින් ඇතා මිය ගිය අතර පසුව එවකට සිටි බස්නායක නිලමේවරුන් හා දේවාලයේ රාජකාරිකරුවන් පැමිණ ඇත් දළ යුගල ඉවත් කර බුත්තල හොරමැඩිල්ල නමැති ස්ථානයේ ඇතාගේ සිරුර හිමිදන් කර ඇත.

මෙම වටිනා ඇත් දළ යුගල මේ වන විට පූජනීය වස්තුවක් ලෙස තැන්පත් කර ඇති අතර මෙම දළ යුගල සෑම වසරකදීම ඇසළ මංගල්‍යයේදී හය වැනි පෙරහර දින දේවාල මාලිගාවෙන් පිට මණ්ඩපයට රැගෙන විත් ප්‍රදර්ශනය කර නැවත දිය කැපූ පසු දේවාලයට රැගෙන යනු ලබයි.
1602දී ඌව අල්ලා ගත් ඕලන්දක්කාරයින් ඌව වෙල්ලස්සේ වැව් අමුණු විහාරස්ථානයන් විනාශ කරන විට දී දේවාලයේ ඇති වස්තුව රැක ගැනීමට කපුමහතුන් හා නිළමේවරුන් ක්‍රියා කළ අතර මෙම ඇත් දළ යුගලද සඟවා තැබිමට කටයුතු කරනු ලැබිය.
 ඇත් දළ යුගල සැඟවූ කපු මහතා මිය ගිය අතර ඇත් දළ යුගල සැඟවූ ස්ථානය කිසිවෙකුට සොයාගත නොහැකි විය. පසුව 1818 ඌවේ කැරැල්ලෙන් පසුව 1890 ශත වර්ෂයේදී පමණ මෙම ඇත් දළ යුගල කතරගම දේවාලයේ පාරම්පරික කපු මහතකු හට හීනයෙන් පැවැසීම නිසා මෙම ඇත් දළ යුගල සඟවා තිබූ ගල සොයා ගැනීමට හැකිවිය.
 කතරගම දේවාලයට නැගෙනහිරට වන්නට ඇති යාල අංක 02 කලාපයේ ගල් පර්වතයක් හාරා මෙම ඇත් දළ යුගල සඟවා තිබූ අතර ඇත් දළ යුගල සොයාගත් කපු මහතුන් පෙරහරකින් මෙම ඇත් දළ යුගල රැගෙන විත් ඇති බව කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.
 මෙම දළ යුගල සැඟවූ ගල තවමත් එලෙසම පවතී. දළ යුගල සැඟවීමට හෑරූ කුහරයන් දැනටද දක්නට ඇති අතර මෙම දළ යුගල මෙසේ සඟවා නොතිබෙන්නට සුද්දන් මෙම වටිනා සම්පත කොල්ල කෑමට ඉඩ තිබුණි. මෙවැනි උතුම් සම්පතක් මතු පරපුරට දැක බලා ගැනීමට රැක දුන් කතරගම දේවාලයේ සිටි පැරණි කපු මහතුන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය.

කතරගම - කේ.ඩී.දේවප්‍රිය

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive