බාල වයස්කාර පිරිමි ළමයකු පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි සහ ඊට අනුබල දුන්නේයැයි කියන පුද්ගලයකු ලබන 16 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස බළපිටිය මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා ඊයේ (2දා) නියෝග කෙළේය.
එසේ රිමාන්ඩ් භාරයට පත්කරන ලද්දේ අස්ගිරි පාර්ශ්වයේ සියම් නිකායේ දකුණු පළාතේ ගාලු දිසා හිටපු ප්‍රධාන සංඝනායක හා ඉඳුරුව බණ්ඩාරිගොඩ සුනන්දාරාම හිටපු විහාරාධිපති බළපිටිය මිගෙට්ටුවත්තේ සුමිත්ත නමැති භික්ෂුව හා ඔහුගේ රියැදුරු ලෙස සේවය කරන ලද අනගිපුර චමින්ද රසික කුමාර යන තැනැත්තායි.
කොස්ගොඩ පොලිස් බලප්‍රදේශයේ ඉඳුරුව කයිකාවල ප්‍රදේශයේ 15 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවකු ඉකුත් 29 වැනිදා සිට නිවෙසින් අතුරුදන්ව ඇතැයි දරුවාගේ මවුපියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත පොලිස් පරීක්ෂණ සිදු කරද්දී ඉඳුරුව හබක්කල ප්‍රදේශයේ මාර්ගයක් අයිනේ වැටී සිටියදී මේ පාසල් සිසුවා සොයාගත් බව කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති ලාල් උඩුගම මහතා ඇතුළු නිලධාරීන් බී වාර්තාවක් මඟින් සැකකාර හිමිනම අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වීය.
අපයෝජනයට ලක්කර ඇතැයි කියන බාල වයස්කාර සිසුවා ඉඳුරුව ප්‍රදේශයේ සිටියදී ඉකුත් 29 වැනි දින ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනකු විසින් බලෙන් ත්‍රිරෝද රථයට දමාගෙන කට තදකර වසා බලෙන්ම සුමිත්ත නමැති භික්ෂුව රැඳී සිටින නිවෙසට රැගෙන ගොස් එම චීවරධාරියාට භාරදී ඇති බව පොලිසිය කළ පරීක්ෂණවලදී හෙළි වූ බවද අපයෝජනයට පත් කරන ලද බාල වයස්කාර දරුවා මේ වනවිටත් බළපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කෙළේය.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කරන බවද පැවැසූ පොලිසිය සැකකරුවන්ට ඇප ලබා දීමට විරෝධතා දක්වන බවත් කීය.
ගිනි අවි ළඟ තබා ගැනීම පාතාල අපරාධකරුවන්ට රැකවරණය ලබාදීම ඇතුළු තවත් සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් පොලිසිය හා රහස් පොලිසිය මඟින් සිදුකළ පරීක්ෂණවලින් පසු සැකකාර හිමිනම වසර 2කට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිට 2013 ඔක්තෝබර් මස බළපිටිය මහාධිකරණයේ ඇප කොන්දේසි මත මේ අධිකරණයෙන් ඇප ලබා සිටි අයෙක් බවද පොලිසිය අධිකරණය ඉදිරියේ පැවැසීය.
සියලු කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා සැකකාර හිමිනම ලබන 16 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස නියෝග කෙළේය.

0 comments:
Post a Comment