facebook like

සත්ව බිලි පූජා පැවැත්වීමට අගවිනිසුරු එකඟ වෙයි

නිසි බලපත්‍රයක් ලබාගැනීමෙන් පසුව සත්ව බිලි පූජා පැවැත්වීමට ඉඩ දිය හැකි බව අග විනිසුරු මොහාන් පීරිස් පවසයි.

ජාතික සංඝ සම්මේලනය ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය හලාවත,මුන්නේෂ්වරම් ‘කාලි’ දේවාලයේ වාර්ෂික සත්ව බිලි පූජාව තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබුණි.

එම තීන්දුව බල රහිත කරන මෙන් ඉල්ලමින් ‘කාලි’ දේවාලය මගින් ඉදිරිපත් කර ඇති පෙත්සමක් විභාගයට කැඳ වූ අවස්ථාවේයි, අග විනිසුරු මොහාන් පීරිස් සිය අදහස ප්‍රකාශයට පත් කළේ.

එහෙත් ජාතික සංඝ සම්මේලනයේ ජාතික සංවිධායක පස්සරමුල්ලේ දයාවංශ හිමියන් පවසන්නේ, බලපත්‍රයක් යටතේ හෝ සත්ව ඝාතන සිදු කිරීමට අනුමැතිය දීමපිළිබඳ ව තමන් විරුද්ධ වන බවයි.

“ සත්ව ඝාතනය අපි අනුමත කරන්නේ නැහැ. බලපත්‍රයක් යටතේ සිදු කරන සත්ව ඝාතන වලට වුනත් අපි විරුද්ධයි. මීළඟ නඩු දිනයේ අපි අපේ විරෝධය අධිකරණය හමුවේ ගොනු කරන්න බලාපොරොත්තු වෙනවා” පස්සරමුල්ලේ දයාවංශ හිමියෝ පවසති.

කාලි දේවාලයේ එකඟතාව
මුන්නේෂ්වරම් ‘කාලි’ දේවාලය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා අදාළ පෙත්සම කැඳ වූ අවස්ථාවේ අධිකරණයට කරුණු දක්වමින් අවශ්‍ය අවසර පත්‍රයක් ලබා ගනිමින් ‘සත්ව හිංසා පනත උල්ලංඝනය නොවන ආකාරයට’ සත්ව බිලි පූජා පැවැත්වීමට තම එකඟතාවය පළ කරන බව’ කියා සිටියේය.

එහෙත් ජාතික සංඝ සම්මේලනය ඇතුළු පාර්ශව කීපයක් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් කියා සිටියේ එම යෝජනාවට ඔවුන් විරුද්ධ බවයි.

එම අවස්ථාවේ අගවිනිසුරුවරයා කරුණු දක්වමින්, සත්ව හිංසා පනත උල්ලංඝනය නොවන ආකාරයට නිසි බලපත්‍රයක් ලබාගෙන බිලි පූජා පැවැත්වීම නීති විරෝධී නොවන බවයි කියා සිටියේ.

ඒ අනුව අදාළ නඩු විභාගය ලබන විසිඑක් වෙනි දින තෙක් කල් දැමූ ශ්‍රේෂ්ඨාධිකරණය ඉහත කී යෝජනා හොඳින් අධ්‍යයනය කර එදින අධිකරණය හමුවේ කරනු දක්වන මෙන් වගඋත්තරකාර පාර්ශවයේ නීතිවේදීන්ට නියම කළේය.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive