ව්‍යාජ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් තැන්පත්කරුවන් පිරිසකගෙන් රුපියල් කෝටි 300ට අධික මුදලක් ලබාගෙන වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින සක්විති රණසිංහ නමැත්තා අංගොඩ මානසික රෝහලට යවා වාර්තාවක් කැඳවන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා නියෝග කළේය.
සැකකරු මානසික රෝගයකින් පෙළෙන බව පෙනී යන බවත්, ඔහුට මානසික ප්‍රතිකාර ලබාදිය යුතුව ඇති බවත්, මේ රෝගී තත්ත්වය නිසා ඔහු අධිකරණය ඉදිරියේ විවිධ කරුණු කියන බවත් එබැවින් ඔහුට ප්‍රතිකාර ලබාදීම සඳහා මානසික රෝහල වෙත යැවීමට නියෝගයක් ලබාදෙන ලෙස සක්විති රණසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආශා කහවත්ත මහත්මිය දැක්වූ කරුණු සලකා බැලීමෙන් පසුව අධිකරණයෙන් එසේ නියම කෙරිණි.
තමාට බන්ධනාගාරයේදී විවිධ හිංසා සිදුවන බව සැකකාර රණසිංහ නමැත්තා මීට පෙර නඩු වාරයේදී අධිකරණය හමුවේ පැවැසුවත් ඒ සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාර වගකිවයුතු නිලධාරියෙක් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගත් අවස්ථාවේ එවැනි හිංසා සිදුනොවන බව ඔහු ප්‍රකාශ කළ බව සඳහන් බන්ධනාගාර අධිකාරිවරයාගේ අස්සනින් යුතු ලිපියක්ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

0 comments:
Post a Comment