සිංහල බෞද්ධ සංවිධාන කීපයක නියෝජිතයෝ අද සෙනසුරාදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමු වී සාකච්ඡා කළහ.
බොදු බල සේනා, සිහල රාවය සහ රාවනා බලය වැනි සංවිධාන සමඟ ත්‍රෛනිකාය නියෝජනය කරන භික්ෂූන් කණ්ඩායමක් එම සාකච්ඡාවට සහභාගී වූ බවයි වාර්තා වන්නේ.
එම හමුවෙන් අනතුරුව බීබීසී සංදේශයට අදහස් දැක් වූ රාවනා බලය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ප්‍රකාශ කළේ පසුගිය වකවානුවේ ඇති වූ සිද්ධීන් ගණනාවක් සහ බේරුවල හා අලුත්ගම ප්‍රහාර පිළිබඳ ව ආරක්ෂක ලේකම්වරයා සමඟ අදහස් හුවමාරු කර ගත් බවයි.
“ආරක්ෂක ලේකම්වරයා සමඟ සිදු කළ සාකච්ඡාවේදී එතුමා ප්‍රකාශ කළේ පසුගිය කාලයේ සිදු වූ එවැනි ගැටුම්කාරී දේවල් සිදු නො විය යුතු වූ බවයි. එතුමා ඒවා විග්රහ කළේ අනවබෝධය නිසා සිදු වූ දේවල් හැටියටයි” ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ සංදේශයට කියා සිටියහ.
සංවාදයක අවශ්‍යතාවය
සියලු ආගමික කණ්ඩායම් මාසිකව මුණ ගැසෙමින් සාකච්ඡා කොට ගැටළු නිරාකරණයට පියවර ගැනීම යහපත් බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැහැදිලිව කියා සිටි බවයි, රාවනා බලය සංවිධානයේ කැඳවුම්කරු හිමියන් පවසන්නේ.
අනිකුත් ආගමික නියෝජිතයන් ද ඇතුළත් සාකච්ඡාවක් සූදානම් කොට එකිනෙක කණ්ඩායම් අතර මතවාදී වෙනස්කම් වේ නම් ඒවා නිරාකරණය කර ගැනීමට ඇති හැකියාව දැන ගැනීමට ආරක්ෂක ලේකම්වරයා මෙම සාකච්ඡාවේදී කැමැත්ත පළ කළ බවත් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ සඳහන් කරති.

0 comments:
Post a Comment