වෙළෙඳපොළේ ඇති නිෂ්පාදිත සිගරැට් ප්‍රමාණය ගෙවුණු වසර හයක කාලයේදී සියයට 13කින් පහළ ගොස් ඇතත් නානාප්‍රකාර අලංකරණ යෙදූ ඇසුරුම්වලින් වෙළෙඳපොළට එන බීඩි සංඛ්‍යාව සියයට 200කින් ඉහළ ගොස් ඇතැයි
ශ්‍රී ලංකා රේගු සංඛ්‍යා දත්ත හෙළි කරයි.
ශ්‍රී ලංකා රේගුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2007 වර්ෂයේදී බිලියන 1.1ක් වූ වෙළෙඳපොළේ ඇති නිෂ්පාදිත බීඩි සංඛ්‍යාව ඉකුත් වර්ෂය වන විට බිලියන 3.2ක් දක්වා වර්ධනයවී ඇතත් 2007 වර්ෂයේදී බිලියන 4.6ක් වූ සිගරැට් සංඛ්‍යාව මිලියන 4ක් දක්වා අඩුවී ඇත.
අන්තර්ජාතික සමීක්ෂණ ආයතනයක් වන නීල්සන් මඟින් මෑතකදී කළ සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ බිලියන 7.2ක් ලෙසට ඇස්තමේන්තු කර ඇති මෙරට දුම්කොළ වෙළෙඳපොළෙන් සියයට 42ක් බීඩි කර්මාන්තය ආක්‍රමණය කර ඇති බවයි. මෙරට දුම්කොළ කර්මාන්තයෙන් ලැබුණු මුළු ආදායමෙන් සියයට 99ක් ඉකුත් වසරේදී නීත්‍යනුකූල සිගරැට් කර්මාන්තයෙන් රජයට බදු ලෙස හිමි වුවද දුම්කොළ කර්මාන්තයෙන් විශාල ප්‍රතිශතයකට හිමිකම් කියන බීඩි කර්මාන්තය නීතියේ හිස්තැන්වලට මුවාවී දිගින් දිගටම ලාභ උපයන බව එම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.
බීඩි කර්මාන්තයට බලපාන බදු ප්‍රතිශතය, නීත්‍යනුකූල සිගරැට් කර්මාන්තයට බලපාන බදු ප්‍රතිශතයට වඩා අඩුවීම, නීත්‍යනුකූල සිගරැට්වල මිල ක්‍රමයෙන් වැඩිවෙද්දී බීඩි අඩු මිලට ලබාගත හැකිවීම යනාදී හේතු මත බීඩිවල ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් ඉහළගොස් ඇතැයි එම වාර්තාවේ සඳහන්ය.
සිගරැට් නිෂ්පාදනයේදී ගෙවීමට සිදුවන සමස්ත බදු ප්‍රතිශතය සියයට 70ත් 80ත් වැනි ඉහළ අගයක් ගත්තද බීඩි කර්මාන්තයට ගෙවීමට සිදුවන්නේ බීඩි එතීමට ගන්නා 'තෙන්දු කොළ' ආනයනය කිරීමේදී ගෙවීමට සිදුවන බද්ද පමණකැයි පෙන්වාදෙන එම වාර්තාව එය සියයට 10ත් 15ත් වැනි සුළු බදු ප්‍රතිශතයකැයි පවසයි.
2007 වර්ෂයේදී රුපියල් 14ක් වූ නීත්‍යනුකූල සිගරැට්ටුවක මිල මේ වනවිට රුපියල් 28ක් ලෙස සියයට සියයකින් වැඩිවී ඇතත් එම කාලසීමාවේදී බීඩි මිල ඉහළ ගොස් ඇත්තේ ශත 50කින් පමණක් වන බවත් ඒ අනුව බීඩියක් රුපියල් 2ක් වැනි සුළු මුදලකට මිලදී ගත හැකි බවත් නීල්සන් සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.
මිලෙන් අඩුම නීත්‍යනුකූල සිගරැට්ටුවක මිලට සාපේක්ෂව පාරිභෝගිකයකුට බීඩි 5ක් මිලදී ගත හැකියැයි පවසන එම වාර්තාව 'සෞඛ්‍ය අවදානම් පිළිබඳ අනතුරු ඇඟවීම්' සඳහන් කිරීම බීඩි ඇසුරුම්වලට අදාළ නොවන බවත් ඒ හේතුවෙන් වෙළෙඳනාම 140කට අධික සංඛ්‍යාවක් යටතේ නානාප්‍රකාර අලංකරණ ඇසුරුම්වලින් බීඩි වෙළෙඳපොළට එන බවත් පවසයි.

0 comments:
Post a Comment