වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා හා බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා අතර ඇතිවූ ගුටි කෙළියක් හේතුවෙන් පෙරේදා (8දා) රාත්‍රි දෙරණ රූපවාහිනි නාළිකාවේ පැවැති 'වාද පිටිය' සජීවී දේශපාලන වැඩසටහන අතරමඟ නතර කර දැමීමට වැඩසටහන් සංවිධායකවරුන්ට සිදුවිය.
වැඩසටහන ආරම්භයේ සිටම හරීන් ප්‍රනාන්දු මහතා වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතාට ඉතා අපහාසාත්මක වන අයුරින් 'අයිසේ' 'නපුංසකයා' ආදී පහත් පෙළේ වචන භාවිත කරමින් වැඩසටහන් සංවිධායකවරයාට පවා පාලනය කළ නොහැකි ලෙසට හැසිරීම දෙදෙනා අතර මේ ගැටුමට හේතුවී තිබිණි.
ගැටුමට ආසන්නතම හේතුව වී තිබුණේ හරීන් ප්‍රනාන්දු මහතා එළැඹෙන උෟව පළාත් සභා මැතිවරණයේ මහ ඇමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීම සඳහා පක්ෂ නායකත්වයට කොන්දේසි ඉදිරිපත් කරමින් සිටින බවට දයාසිරි ජයසේකර මහතා කළ අදහස් දැක්වීමකි.
එහිදී මාධ්‍ය වාර්තා ගෙනහැර දක්වමින් දයාසිරි ජයසේකර මහතා පෙන්වා දුන්නේ උෟවේ මහ ඇමැති අපේක්ෂකත්වයට ඉදිරිපත් වීමට නම් හරීන් ප්‍රනාන්දු මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු හිස්වන මන්ත්‍රි ආසනය සඳහා පුද්ගලයකු නම් කිරීමේ අයිතිය තමන්ට හිමිවිය යුතු බවට පක්ෂ නායකත්වය වෙත දැනුම් දී ඇති බවකි. එමෙන්ම උෟව පළාත් සභා මැතිවරණයෙන් පසු හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ලෙන් පිටත්ව ගොස් ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුවෙන් හෝ ගම්පහින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවද දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් කරුණු දක්වා සිටියේය.
එමෙන්ම දවල්ට ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට නොසෑහෙන්න බනින හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා රාත්‍රියේදී ජනාධිපතිවරයාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා හමුවී කතාබහ කරන බවත් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කොට තිබේ. දයාසිරි ජයසේකර මහතාගේ මේ හෙළිදරව්වත් සමඟ දැඩි කෝපයට පත්වූ හරීන් ප්‍රනාන්දු මහතා ඊට පිළිතුරු සපයනවා වෙනුවට සජීවී විවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු හැසිරිය යුතු ආකාරය ඉක්මවා යමින් ඉතා උස් හ¾ඩින් යුතුව 'අයිසේ, තමුසේ, නපුංසකයා. ආදී වචන භාවිත කරමින් ජයසේකර මහතාට ඉතා පහත් ආකාරයෙන් බැන වැදීමට පටන් ගෙන තිබේ. ඒ සමඟම දෙදෙනා අතර ඉතා උස් හ¾ඩින් වාග් සංග්‍රාමයක් ආරම්භ වීමත් සමඟම උණුසුම අවම කිරීම සඳහා වැඩසටහන් මෙහෙයවන්නා ක්ෂණික විරාමයක් ලබා ගත්තද ඒ විරාමය තුළදී ද දෙදෙනා අතර වාදය ඇදි ඇදී ගොස් ඇත.
එහිදී හරීන් ප්‍රනාන්දු මහතා පුවත්පතක පවා පළ කළ නොහැකි අසභ්‍ය වචන භාවිත කරමින් සිය පුටුවෙන් නැඟිට දයාසිරි ජයසේකර මහතාට බැනවදිමින් පහරදීමට තැත් කරද්දී දයාසිරි ජයසේකර මහතාද එම පහර වළකා හරීන් ප්‍රනාන්දු මහතාගේ මුහුණට පහර කිහිපයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය හේතුවෙන් හරීන් ප්‍රනාන්දු මහතාගේ තොල් පැළී ලේ ගැලීමට පටන් ගෙන ඇති අතර ප්‍රනාන්දු මහතාද පෙරළා දයාසිරි ජයසේකර මහතාට පහරදීමට උත්සාහකොට ඇත. නමුත් අංගම්පොර, කුංෆු වැනි ආත්මාරක්ෂක සටන් ක්‍රම ප්‍රගුණ කොට ඇති ජයසේකර මහතා හරීන් ප්‍රනාන්දු එල්ල කළ සියලුම ප්‍රහාරයන් වළකා දිගට හරහට ප්‍රනාන්දු මහතාට පහර එල්ල කිරීමට කටයුතු කොට ඇත. එහිදී වහාම මැදිහත් වී ඇති වැඩසටහන් මෙහෙයවන්නාත්, 'වාද පිටිය' සජීව වැඩසටහනට සහභාගි වී සිටි අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අරුන්දික ප්‍රනාන්දු හා සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුනුත් දෙදෙනා අතර ඇතිවූ ගැටුම නැවැත්වීමට වහාම මැදිහත් වුවද විනාඩි පහක් පමණ වේලාව යනතෙක් ඔවුන්ටද ගැටුම නවතාලීමට හැකි වූයේ නැත. කෙසේ වෙතත් ගැටුම සමථයකට පත්කොට ඉතා අසීරුවෙන් දෙදෙනා දෙපසට කළ පසු මැදිරියේ තිබූ පුටු පෙරැළී කොළ විසිවී නැවත සජීවී විකාශයක් ආරම්භ කළ නොහැකි තත්ත්වයක තිබූ නිසා 'වාද පිටිය' වැඩසටහන අතරමඟ නතර කර දැමීමට 'දෙරණ' නිෂ්පාදක කණ්ඩායම තීරණය කළහ.
ඉන් අනතුරුව සුනිල් හඳුන්නෙත්ති මහතා ඉතා අසීරුවෙන් හරීන් ප්‍රනාන්දු මහතාව වත්තන් කරගෙන එම ස්ථානයෙන් පිටව ගිය පසු දයාසිරි ජයසේකර මහතාද එම ස්ථානයෙන් පිටව යනු දැකගන්නට ලැබිණි.

වෙබ් සයිට් එකක් කරන පලියට ඔහොම බොරු දාන්න එපා.අපිත් ඕක බැලුව.
ReplyDelete