මානසික රෝග විශේෂඥ වෛද්‍ය ගිහාන් අබේවර්ධන -
හොල්මන් අවතාර පිළිබඳ කතා පුවත් රැගත් බියකරු චිත්‍රපට නැරඹීම ලොකු කුඩා බොහෝ දෙනෙකු මහත් ආසාවක් දක්වන විනෝදාංශයකි. විශේෂයෙන් යොවුන් වියේ පසුවන බොහෝ දෙනා, කුතුහලය දනවන මෙබඳු හොල්මන් චිත්‍රපට නැරඹීමට මහත් උනන්දුවක් දක්වන බව පෙනී යයි.
ඒ, එම වයසේදී කුතුහලය දනවන සුළු දේ හඹා යාමට ඔවුන් තුළ පවතින පෙළඹවීම නිසා විය හැකිය. නමුත් වෛද්‍යවරුන් නම් පෙන්වා දෙන්නේ කුඩා කල, හොල්මන් අවතාර කතා රැගත් බියකරු චිත්‍රපට නරඹන දරුවන්ගෙන් 25ක් වැඩිහිටියන් වූ පසුවත් එහි දීර්ඝකාලීන බලපෑම් වලින් පීඩා විඳින බවයි. මේ ඊට එක් නිදසුනකි.
සුරංග දොළොස් හැවිරිදි පාසල් සිසුවෙකි. මෑතක සිට සුරංග රාත්‍රියේ හීනෙන් බයවී කෑගසා අවදි වෙයි. දින දෙක තුනක් පිට පිටම වාගේ මෙසේ සිදුවූ අතර ඉන්පසු ඔහු අඳුර වැටෙන විට තම කාමරයට යාම පවා ප්‍රතික්‍ෂේප කරන්නට විය. එපමණක් නොව අඳුර වැටෙන විට ඔහු සිටියේ මව පසුපසමය. සුරංග ඉන්පසු නිදා ගත්තේද මව සමගය. එහෙත් මව සමග නිදාගත්විටදීත් ඔහු සිහිනෙන් බිය වී කෑගැසීම නතර වූයේ නැත.
මෙහිදී ඔහු කියා සිටියේ ඊට සති දෙකකට ඉහතදී මියගිය තමන්ගේ සීයා හීනෙන් විත් තමාව බය කරන බවයි. තවත් දින කිහිපයක් ගතවන විට සුරංග අඳුර වැටීගෙන එන විට වෙව්ලන්නට පටන් ගත් අතර ඒ මොහොතේ හෘද ස්පන්දනය ද වේගවත් විය.
ඔහු මවට කීවේ සීයා වළෙන් නැගිට පැමිණෙනු තමාට පෙනෙන බවත්, සීයා සුදු ඇඳුමින් සැරසී සිටින බවත් තමාව මරන්නට එන බවත්ය. තමාව මුලින්ම මරා දමා ඉන්පසු ගෙදර එකිනෙකාවද මරා දමන බවට සීයා සිහිනෙන් පැමිණ තමාට පවසන බව සුරංග මවට කියා සිටියේ හඬමිනි.
ඉන් දෙසතියකට පෙර මියගිය සුරංගගේ සීයා වළ දමා තිබුණේ ඔවුන්ගේම වත්ත කෙළවරේය. සුරංග ඇතැම් සැන්දෑ යාමයන්හි ඒ වළ දෙස බලා සිටින විට සියා වළේ පස් අතරින් නැගිට තමා දෙසට එන අයුරු ඔහුට දර්ශනය විය. ඒ වෙලාවට ඔහු කරන්නේ කෑගසාගෙන මව වෙත දිවීමය.
සුරංගගේ සියලු ලක්ෂණ අනුව පළවුණේ ඔහු මානසික රෝගයකින් පෙළෙන අයකු විය හැකි බවයි.
ඉන්පසු වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට රෝහලට ගිය අවස්ථාවේ සුරංගව ළමා වාට්ටුවේ නතර කරන්නට සිදුවූ අතර එතැනින් මානසික රෝග වාට්ටුවට මාරු කර තිබිණි.
සුරංගට විවිධ ශබ්ද ඇසීම,රූප පෙනීම වැනි භ්‍රාන්ති ලක්ෂණ පහළ වූ අතර ඔහුගේ අනෙකුත් ලක්ෂණද අනුව බලන විට ඔහුට බරපතළ මානසික රෝගයක් ඇති බව බැලූ බැල්මට අවබෝධ කරගත හැකි විය. නමුත් සුරංග සමග දිගින් දිගටම කතා කිරීමේදී හෙළි කරගත හැකි වූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.
සුරංගට ඊට වසර තුනකට පමණ පෙර, එනම් වයස අවුරුදු නවයේදී පමණ අහඹු ලෙස අවතාර කතා සහිත චිත්‍රපටයක් දැක ගැනීමට අවස්ථාව ලැබිණ.
එහි කතා පුවතට අනුව නිවසක රෝගී වී හිඳින මහලු පුද්ගලයකු එක් හැන්දෑ යාමයක මියයයි. ඔහු මියගොස් සතියකට පමණ පසු මිහිදන් කළ වළෙන් නැගිට තමා කලින් ජීවත් වූ නිවසට පැමිණෙයි. එවිට ඔහු සිටින්නේ කලින් සිටි සාමාන්‍ය ඇඳුමින් නොව සුදු ඇඳුමින් සැරසීගෙනය. එසේම මනුෂ්‍ය වේශයක්ද නොතිබිණි. එසේ පැමිණෙන ඔහු ගෙදර කෙනෙකුගේ බෙල්ලෙන් අල්ලාගෙන උඹල මට බෙහෙත් කළේ නෑ. මට සැලකුවෙ නෑ. මාව මැරෙන්න ඇරියා. මං උඹල ඔක්කොගෙන්ම පලිගන්නවා. කියමින් දවසින් දවසම ගෙදර එක් එක්කෙනාව රැගෙන යමින් මරා තමා සිටින වළේම තැන්පත් කරයි. එසේ ගෙල මිරිකා මරන අන්දම පවා එම චිත්‍රපටයේ දිග හැරෙයි.
මේ චිත්‍රපටය සුරංගගේ සිතට ඔහුටත් නොදැනීම තදින්ම කාවැදී තිබිණි. මුල් දිනවලදී ඔහුට ටිකක් බය දැනුණත් පසුව එය යටපත් වී ගිය අතර යළි එය ඉස්මතු වූයේ ඔහුගේ සීයා මියයාමෙන් පසුවය. සුරංගගේ සීයා කාලයක් අංශභාග රෝගයෙන් එක්තැන් වී සිටි අතර ඒ කාලය තුළ ඔහුට සාත්තු සප්පායම් කළේ සුරංගගේ මවය. සීයාටත් සුළු දේට පවා තරහ යයි. එවිට ඔහු කෑගැසුවේ සුරංගගේ මවටය. නමුත් මව සීයාට නොසලකා සිටියේ නැත. එසේ වුවද සීයා මියගිය පසු සුරංගගේ තම යටි සිතේ සැඟවී තිබූ අවතාර චිත්‍රපටය යළිත් මනසේ ඉස්මතු විය. තමන්ගේ සීයාට මව කොයිතරම් සැලකුවත් ඔහු ඇඳේ වැතිර හිඳිමින් නිතරම සුළු දේට පවා කේන්තියෙන් කෑගැසූ සැටි සුරංගගේ මතකයට නැගිණි. සීයාත් වළෙන් නැගිට විත් තමාවත් මව්පියන්වත් මරා දමාවි යැයි අනියත බියක් සුරංගගේ සිතට දැනිණි. ඉන්පසු ඔහුට එය සිහිනෙන්ද පෙනෙන්නට පටන් ගත්තේය. ඒ වෙලාවට සුරංග කෑගසා අවදි විය. සීයා මිහිදන් කර තිබුණේ තමන්ගේම වත්තේ කෙළවරේ නිසා ඒ පැත්ත බලන විට සුරංගට සීයා වළෙන් නැගිට එන ආකාරයක් පෙනිණි. ඔහු ඉන්පසු නිතරම සිටියේ දැඩි බියකිනි.
ඉහත කී ආකාරයේ චිත්‍රපටයක් නරඹන වැඩිහිටියකු එය සැබෑවක් නොවන බවත්, මායාවක් බවත් දන්නා නිසා එවැනි දේවල් නැරඹීමෙන් ඒ මොහොතට සිතේ ගැස්මක් ඇති වුවත් පසුව එය අමතක කර දමනු ඇත. නමුත් කුඩා දරුවන්ට එසේ නොවේ. අවුරුදු දහයට අඩු, විශේෂයෙන් අවුරුදු පහ, හය වැනි වයස්වල පසුවන දරුවන්ගේ ළමා මනසට දැනෙන්නේ තමන් බලන හැමදෙයක්ම සැබෑවක් ලෙසිනි. එය මායාවක් බව කුඩා දරුවන් නොදන්නා නිසා ඔවුහු එය සිය ජීවිතයට ආදේශ කර ගනිති.
සිහින ලෝකය සහ යථාර්ථය අතර සීමාව කුඩා දරුවන්ට වෙන් කර ගැනීමේ හැකියාවක් නැත. ඒ සීමාව එම වයස්වලදී බොඳවී පවතියි. එනිසා මේ දරුවාද තම සීයාගේ මරණයෙන් පසුව ඔහු ඊට වසර දෙක තුනකට පෙර දුටු අවතාර චිත්‍රපටය පිළිබඳ මතකය ආදේශ කර ගෙන තිබිණි. කුඩා දරුවන් සිටින්නේ නිතරම සුරංගනා ලෝකවලය. දේවතාවන් සුරංගනාවන් යකුන් මන්තරකාරියන් මේ සියල්ල ඔවුනට සැබෑ දේවල්ය. එනිසා ඒ වයසේදී දකින චිත්‍රපට දරුවා සැබෑවක් ලෙසම සිතනු විනා ඒවා කැමරා ඉදිරියේ කරන ලද මවාපෑම් බව අවබෝධ කරගන්නට ඔවුන්ගේ මනස ළපටි වැඩිය.
අවතාර චිත්‍රපට නිසා කුඩා දරුවන්ට ඇතිවන බලපෑම දෙආකාරවේ. ඒ ක්ෂණික බලපෑම් සහ කල්පවතින බලපෑම් වශයෙනි. ක්ෂණික බලපෑම්වලදී බියවී කෑගැසීම, අත්පා වෙව්ලීම, දහඩිය වැගිරීම, හෘද ස්පන්දනය වේගවත් වීම, නින්ද යාම අඩුවීම, නින්දෙන් බය වීම, චිත්‍රපටයේ දුටු දේවල් සහ ස්ථානවලට සමාන දේවල් මෙන්ම ස්ථානද මගහැරීම, නිතර හැඩීම, විශේෂයෙන් අඳුර වැටෙන විට මව හෝ වැඩිහිටියකු අසලින්ම සිටීම ආදිය දැක්වීමට පුළුවන.
දිගුකාලීන බලපෑම් අතර කාංසා ලක්ෂණ එනම් නොසන්සුන් බව,ආවේගශීලී බව, ප්‍රචණ්ඩකාරී ගති, කලබල කිරීම ආදිය සහ නින්ද අඩුවීම ,එම සිද්ධිය නිතර අනෙක් අය සමග පැවසීමට පෙළඹීම, (මෙයින් බලාපොරොත්තු වන්නේ තමන්ගේ සිතේ පවතින බිය අඩු කර ගැනීම වුවත් එයින් බිය අඩු නොවේ.) බියකරු සිහින පෙනීම, නින්දෙන් තිගැස්සී ඇහැරීම වැනි දෑ දැක්විය හැකිය.
සාමාන්‍යයෙන් කුඩා කාලයේදී අවතාර කතා සහිත බියකරු චිත්‍රපට දකින දරුවන්ගෙන් 25කටම වැඩිහිටි වූ පසුවත් එහි දීර්ඝකාලීන බලපෑම් පවතින බව අනාවරණය වී තිබේ. එබැවින් අවුරුදු දොළහකට අඩු දරුවන්ට එවැනි චිත්‍රපට බලන්නට ඉඩ නොදී වළක්වාලිය යුතුය. විශේෂයෙන් අවුරුදු හයට අඩු දරුවන්ට මෙවැනි චිත්‍රපට නැරඹීමෙන් වැඩි බලපෑමක් ඇති වන බව සනාථ වී තිබේ. මේ ගැන වැඩිහිටියන් අවධානයෙන් සිටීම දරුවන්ගේ මානසික සෞඛ්‍යය රැක ගැනීමේදී වැදගත් කාරණයක් වනු ඇත.
(ඉන්දු පෙරේරා)

0 comments:
Post a Comment