facebook like

ලෝක පාපන්දු උළෙල අඳුරු කෙරෙන අනතුරක්

ලෝක පාපන්දු තරඟාවලියේ සත්කාරක නගරයක් වන ‘බෙලු ඔරිසොන්ටි ’(Belo Horizonte) නගරයේ ගුවන් පාලමක් කඩාවැටීමෙන් මේ වන විට දෙදෙනකු මරණයට පත් ව ඇති බව බ්‍රසීලයෙන් වාර්තා වෙයි.

කාර්ය බහුල අධිවේගී මාර්ගයකට ඉහළින් යකඩ සහ කොන්ක්‍රීට් යොදා ගනිමින් ඉදි කෙරෙමින් තිබුණ ගුවන් පාලම එම අධිවේගී මාවත මතටයි කඩා වැටී තිබෙන්නේ.

කිසිවකු නො සිටි ලොරි දෙකක්, මෝටර් රථයක් සහ මගීන් ගෙන යන බස් රියක ඉදිරිපස කොටස කඩා වැටුණ පාලමට යට වී ඇති බව බ්‍රසීලයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

දැනට ලැබී ඇති වාර්තා අනුව අනතුරින් මරණයට පත් දෙදෙනාට අමතරව තවත් විසි දෙදෙනකුට පමණ තුවාල සිදු ව ඇත.

‘බෙලු ඔරිසොන්ටි ’ නගරයේ සෞඛ්‍යය බලධාරීන් පවසන ආකාරයට පාලමට යට වූ බස් රියේ රියැදුරු කාන්තාව සහ තවත් තැනැත්තෙකුයි මරණයට පත් ව ඇත්තේ.

යට වූ කුඩා මෝටර් රථය තුළ කිසිවකු සිටියේද යන්න තහවුරු කර ගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බවයි බ්‍රසීල බලධාරීන් පවසන්නේ.

ජනාධිපතිනියගේ ශෝකය
මෙම අනතුර සම්බන්ධයෙන් ‘ට්විටර්’පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රසීල ජනාධිපතිනි ඩිල්මා රුසෙෆ් (Dilma Rousseff) කියා සිටියේ, එම පුවත ඇසීමෙන් තමා බලවත් කණගාටුවට පත් වූ බවයි.

අනතුරට ගොදුරු වූ පුද්ගලයන්ගේ පවුල්වලට ජනාධිපතිවරිය සිය සහයෝගය පළ කළාය.

‘බෙලු ඔරිසොන්ටි ’ නගරාධිපතිවරයා අනතුර සිදු වූ ස්ථානයට ගිය අතර මරණයට පත්වූවන් වෙනුවෙන් දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන ලද බවයි නාගරික පාලනය විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයක දැක්වෙන්නේ.

ගුවන් පාලම ඉදි කිරීම භාර සමාගම පවසන්නේ සිදු වූ දෙය සම්බන්ධයෙන් බලවත් කනගාටුවට පත් වෙන බවයි.

ප්‍රමිතියෙන් තොර ඉදි කිරීම්
‘බෙලු ඔරිසොන්ටි ’ නගරවැසියෙක් අදහස් දක්වමින් එම කඩා වැටීම ගැන පුදුම නොවන බවයි කියා සිටියේ.

ලෝක පාපන්දු තරඟාවලියේ යටිතල පහසුකම් වලට අදාළ ඉදි කිරීම් පසුගිය වසර තෙක් ම ප්‍රමාද වූ අතර අනතුරුව ප්‍රමිතියකින් තොරව කඩිමුඩියේ ඉදි කිරීම් ආරම්භ කෙරුණ බවයි එම නගරවැසියා පවසන්නේ.

‘බෙලු ඔරිසොන්ටි ’ නගරයේදී මෙවර ලෝක පාපන්දු තරඟ කීපයක් ම පසුගිය දා පැවැත්වුන අතර පූර්ව අවසාන අර්ධ තරඟයක් ද එහි පැවැත්වීමට නියමිතව තිබියදීයි ගුවන් පාලම කඩා වැටීම සිදු වුණේ.

බ්‍රසීලය පාපන්දු උළෙලට සූදානම් වෙමින් ක්‍රීඩාංගණ ඉදි කිරීම්වල නිරත වෙමින් සිටියදීත් ඒවායේ වැඩ කළ අයගෙන් අඩු තරමින් හත් දෙනකුවත් අනතුරු වලින් මරණයට පත්ව ඇත.

0 comments:

Post a Comment

Popular Posts

More

ඇමෙරිකාවටත් අබ සරණයි - ඥානසාර හිමි (video )..........C.I.D ගිහින් ඇවිත් කියති (video )

බොදු බල සේනා හා සම්බන්ධ යයි ඔප්පු කලොත් ඉල්ලා අස්වෙනවා..

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය
ගම්පහ අස්ගිරියෙන් සැන්දෑ යාමයේ සිට මතුවන මුහුණ වසාගත් අද්භූත ගැහැනිය

වටරැක හිමි කෙලින්ම කතාකරයි....... අව්ලවපු ඟානසාර හාමුදුරුවෝ එළියේ, මම ඇතුලට!

සාක්‍ෂරතාව සහ ගොන්කම අතර වෙනස - ජයලාල් රෝහණ ( නියම කතාවක්)

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්

චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්
චිත්‍රපට ටෙලිනාට්‍ය තරමටම ජනප්‍රිය නිල් චිත්‍රපට යෞවනයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද කරන බලපෑම

තුට්ටු දෙකේ රස්තියාදුකාරයන්ගේ රාජ්‍යයක්

Join us on Facebook

Please wait..10 Seconds Close

Recent Post

Recent Comments

Recent Comments Widget

Whats Hot

post Archive