ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයින් යයි සැකකෙරෙන පුද්ගලයින් සිව්දෙනෙකු මලයාසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රස්ත විරෝධී මෙහෙයුම්වලියක එක් අදියරක් ලෙස ක්ලෑන් වැලී ප්‍රදේශයේ දියත් කරන ලද මෙහෙයුමකදී ඊයේ (03) මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව එරට පුවත් සේවා උපුටා දක්වයි.
මොවුන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රබල සාමාජිකයින් බවට සැක කෙරෙන බවත්, දැනට ‘ත්‍රස්ත විරෝධී අංශයේ විශේෂ ශාඛාව‘(Special Branch's Counter-Terrorism Division (SB-CTD) තුළ රඳවා තබා පරීක්ෂණ කෙරෙන බව NST පුවත් සේවය සඳහන් කරයි.
මෙම සැකකරුවන් මලයාසියාව කේන්ද්‍ර කරගනිමින් එල්.ටී.ටී.ඊය සක්‍රීය කරවීමට හා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන්නට ඇති බවට විශ්වාසය පළ කෙරෙයි.
මලයාසියානු පොලිස්පති තාන් ශ්‍රී කලීඩ් අබු බේකර් පවසා ඇත්තේ 1999 වසරේදී ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිදුවීමට දායකවූවෙකු ලෙස අවශ්‍යව සිටි පුද්ගලයෙකු බවයි.
සෙසු තිදෙනාගෙන් අයෙකු එල්.ටී.ටී.ඊ යේ බෝම්බ විශේෂඥයෙකු වන බවත්, ඔහුට එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ හැඳුනුම්පතක්ද හිමි බව අනාවරණය වී ඇති බව අබු බේකර් සඳහන් කරයි.
මෑත කාලයේ එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් 14 දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්, එයින් 7 දෙනෙකු සතුව එවැනි හැඳුනුම්පත් තිබුණු බවත්, ඒවා සම්බන්ධයෙන්ද පරීක්ෂණ සිදුකෙරෙන බවත් පොලිස්පතිවරයා අවධාරණය කර තිබේ.

0 comments:
Post a Comment